(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කලේය.
ඒ එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි .
එසේම සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද අධිකරණය නියෝග කළේය.
ඊ.ටී.අයී ආයතනයේ තැම්පත් කර තිබූ රුපියල් බිලියන 13.7 ක මුදලක් නීති විරෝධී ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
ඒ අනුව සැකකරුවන් ඊයේ දින අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප
Raveendra Wednesday, 06 January 2021 03:42 PM
මම හිතන්නේ මේ අය එන්න ඇත්තේ උසාවිය බලලා යන්න වෙන්න ඇති.. හොඳයි වෙනසකට එක්ක. සර් එක්ක සෙල්ලම් බෑ... එක රටක් එක නීතියක්...
NuwanWednesday, 06 January 2021 10:15 PM
ඇප ලැබිය හැකි වරදක් නිසා ඇප ලැබුණා. සක්විති කලේත් මේ වරදමයි. නමුත් ඔහුට ඇප මුදල් හොයාගන්න බැරි වුණු නිසා අවුරුදු ගාණක් හිරේ හිටියා. එක රටක එක නීතියක් අදාල නැත...
සමිත්Thursday, 07 January 2021 05:56 AM
ලක්ෂ නවය දක්වා සියලු තැන්පතු ගෙවා අවසන්. යහපාලුවෝ හිටියා නම් ඒකත් නෑ.
BamunuarachchiFriday, 08 January 2021 04:23 AM
ඔබ මෙතන වැදගත් අදහස් දානවා. ඇප මත නිදහස් වීම ගැන නොසතුටක් තිබෙන බව පෙනෙනවා. ඔය ඇපපිට නිදහස් වුනේ නීතියේ හැටියට. හැමදාම රිමාන්ඩ් එකේ තියන්න නම් නීති පොත වෙනස් විය යුතුයි.
නන්නාදුනන හාදයා Wednesday, 06 January 2021 04:19 PM
මේවා කවදාවත් අහන නඩු නොවෙයි. දේශපාලුවෝ, නඩු කාරයෝ ඔක්කොම ජරාව කාලා. මේවට පිළියම තමයි නන්නාඳුනන තුවක්කුකරු. අහිංසකයින්ගේ සල්ලි හොරාකාපු මේ හොර පවුලටමනේ හොරට නඩු අහන නඩුකාරයින්ට, මේ හොර මගඩි පිටුපස ඉන්න හොර දේශපාලුවන්ට ආයේ නොඑන්නම අපායටම යන්න.. ඉලක්කයටම කොකා ගස්සන්න නන්නාඳුනන තුවක්කුකරු කොයි මොහොතක හෝ ඒවි...
SachithThursday, 07 January 2021 01:44 AM
චිත්‍රපටිවල එහෙම තිබුණාට මේ ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
රතන Wednesday, 06 January 2021 04:49 PM
ඔහොම වෙන බව අපි දැනගෙන උන්නා. මිනීමරපු අයත් ඇපපිට එළියේ ඉන්නේ... ධර්මිෂ්ඨ රාජ්‍යයක්...
Mr.buffsixtynine Wednesday, 06 January 2021 04:50 PM
මේ අය නිදහස් කෙරුවට නං කමක් නෑ.. හැබැයි ඉතින් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් එහෙම කඩලා අහුවුණොත් නම් බරපතළ වැඩ ඇතිව වහාම හිරයට දාන්න ඕන.. ඒකයි සාධාරණ නීතිය...
ranjith Wednesday, 06 January 2021 10:32 PM
හොරුන්ටම ගිය රටක් මේක...
chandimq Wednesday, 06 January 2021 11:24 PM
ඇප නොදී රෝහල්ගත කරන්නත් තුබුණා ඕනෑනම්...
අසරණයා Thursday, 07 January 2021 12:07 AM
නීතියේ දෙවඟනගේ දුහුල් සළුපට ඉහලට එසවුණු තවත් අවස්ථාවක්...
sharm warn Thursday, 07 January 2021 03:17 AM
මේ සම්බන්ධයෙන් දවසේ අවසාන පුවත වෙන්නේ ඇප දීම කියලා මම නම් උදේම තේරුම් ගත්තා. බයියන්ට පුදුම සතුටක් ඇති. සර්ගේ පාලනයේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන හැටියට... හරි නම් කට්ටිය මල්වෙඩි දාන්න ඕනේ මෙව්වට...
Senarath Thursday, 07 January 2021 03:20 AM
නීතියෙන් ඇප ලැබිලා තියෙන්න පුළුවන්. ඒ වුණාට කරපු අපරාධය නිසා දුක්විඳින ගණුදෙණු කරුවන්ගේ ශාපයෙන් ගැලවෙන්න බැහැ. මේ ආත්මෙම පලදෙනවා. ඒ නිසා දැන්වත් ඒ මිනිස්සුන්ගේ සල්ලි ආපසු දීලා ඒ සාපයෙන් බේරෙන්න බලන්න.
RaveendraThursday, 07 January 2021 07:22 AM
ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. ඇත්තෙන්ම පිං කඳන් ලෙස ලොවටම රඟපෑ "මේ පව්කාරයින්" වැලිගම් යන්නේ අනේකවිද දුක් ගැහැට විඳ බව නම් ස්ථීරයි. අහිංසක මිනිසුන්ගේ සාපය ඉතාමත්ම භයානකයි. මහජන මුදල් හොරකපු අය හැමටම මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!
Rata Perata Thursday, 07 January 2021 07:36 AM
මේක දප්පුලගේ තව එක තප්පුලෑමක් විතරයි තමන්ට නීතියක් නැතිකරගෙන අනුන්ට එක රටක්, එක නීතියක් කියන නායකයින් ඉන්න රටක් මේක...
BamunuarachchiTuesday, 12 January 2021 02:54 AM
අහන්නකෝ රන්ජන්ගේ හඬපට නීති නැමුණු හැටි බලාගන්න... මෙයා ඊයේ ඉපදුණු කෙනෙක් වගේ...
ANDARE Thursday, 07 January 2021 08:40 AM
ලක්ෂයක්, දෙකක් හොරකම් කළා නම් රිමාන්ඩ් කරන්න තිබුණා. ඒත් බිලියන 13ක් නේ.
pradeepa Friday, 08 January 2021 07:50 AM
අද අධිකරණයට විවේචන තරමක් වැඩිවෙනවා වගේ පේනවා. එක කාගේ වරදද? විනිසුරුවන්ගේ හෝ පොලිසියේ... මෙයාලට ඇපදෙනකොට පොලිසිය, නීතිපතිගේ නීතීඥයන් මොකද විරුද්ධ නොවුණේ..? එයාලට තිබුණා අධිකරණයට දැඩිව කියන්න ඇප දෙන්න. නමුත් ඒක වුණේ නැහැ. මෙතන තියනවා ලොකු කෙනාගේ බලපෑමක්...