IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉවතලන ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍ය සහාය

(නිමල කොඩිතුවක්කු)

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක‍්‍රමවේදයක් ලංකාවට හඳුන්වාදීමට බි‍්‍රතාන්‍ය රජය සිය කැමැත්ත පලකර තිබේ.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළව තිබේ.

දෛනිකව ඉහල යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමි විදුලි උත්පාදන ක‍්‍රමවේදයන්ට මේ වනවිට ශ‍්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත‍්‍රය යොමුවෙමින් පවතී.

එහි තවත් එක් වැදගත් සංදිස්ථානයක් වශයෙන් මෙම අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක‍්‍රමවේදය හදුන්වාදිය හැක.

මේ ආකාරයෙන් ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම තුළින් රටේ විදුලිබල ගැටළුවට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවටද සතුටුදායක විසදුම් ලබාගත හැකි බව අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී පැවැසීය.

තාක්ෂණික ඥාණය උපයෝගි කරගනිමින් ඉවත ලන ද්‍රව්‍ය තුළින් විදුලිය නිපවීම ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීමෙන්, ශ‍්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත‍්‍රයට, විදුලි පාරිභෝගිකයාට මෙන්ම රට වැසියාටම එය කිහිප ආකාරයකින් සහනයක් වියහැකි බව එහිදී බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් හැකි ඉක්මනින් රජයේ මෙන්ම විදුලි ක්ෂේත‍්‍රයේ අදාළ නිලධාරීන් දැනුවත් කර, ඉදිරි වැඩකටයුතු දියත් කිරීමට තමා කැපවී කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ පූර්ණ සහයෝගය තමා අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.



අදහස් (10)

ඉවතලන ද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමට බ්‍රිතාන්‍ය සහාය

Sunil gikiyanage Wednesday, 17 April 2019 05:22 PM

ඊළඟ අවුරුද්දේ ආපහු ඕකම කියාවි

:       28       219

sunil Wednesday, 17 April 2019 05:25 PM

ඇයි මෙවැනි දේ අපේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත් විද්‍යාර්තයින්ට කරන්නට බැරි? ඒ අයට පුළුවන් පෙළපාලි යාම පමණද?

:       21       699

ArjunaThursday, 18 April 2019 03:53 AM

විෂය භාර අැමතිලාට ලොකු කුට්ටියක් දෙනවා නම් ඒ අයගේ අදහසුත් ක්‍රියාත්මක වෙයි මේ රටේ...

:       0       0

DhammikaThursday, 18 April 2019 07:13 AM

නොදන්නා දේවල් කියන්න එපා .. කොම්පමණ නම් නව නිපැයුම්, ප්‍රශ්න වලට තාක්ෂණික පිළිතුරු කරලා තියනවද අපේ විශ්ව විද්‍යාල වලින්, කෝ එකෙක් වත් ඉදිරියට එන්න දෙනවද .. ලත් තැනම ලොප්

:       0       0

HRThursday, 18 April 2019 08:25 AM

බ්‍රිතාන්‍යයේ දෙන අධ්‍යාපනය මෙහේ දෙනවා නම් ඉගෙන ගන්න කියලා පිටරට යන්නේ කවුද ..? ඔයා හිතන්නේ ලංකාවේ අධ්‍යාපනය එච්චර උසස් කියලද..?

:       0       0

Nihab Thursday, 18 April 2019 01:22 AM

මට මතකයි මේ වැඩේ අපේ කෙනෙක් කරන්න ගියා... මොකද දැන් එ්කට වුනේ?

:       0       0

හිරාන් Thursday, 18 April 2019 01:57 AM

ලෝකයේ බොහෝ රටවල් කුණු සම්පතක් කර ගත් යුගයක අපි තවමත් කුණු කුණුවීමට ඉඩහැර තිබීම කණගාටුදායක කරුණක්... අනික මේ අකාරයට කුණු සම්පතක් කරගන්න හැකියාව ඕනෑතරම් තිබියදී ඇයි පරිසරය වනසන ව්‍යාපෘති අරඹමින් කුණු වල දමන්න හදන්නේ?

:       0       0

jayath Thursday, 18 April 2019 06:41 AM

ඔන්න ආපහු විදුලි ඉංජිනේරුවන්ගේ වැඩේ දේශපාලකයෝ බාරගෙන මේ රටේ මේ විදුලි අර්බුදයට මූලිකව වගකියන්න ඕන මේ පාලකයෝ . අනික මේ උන්නැහේ අතගහපු මොන වැඩේද හරියට කරේ ? මෙතන තියන තාක්ෂණික පැත්ත මේකයි රටකට මේ වගේ පුනර්ජනනීය විදුලිය නිපදවන එක හොඳයි නමුත් ඒවායේ බරපතල සීමාවන් තියනවා . රටේ අවශ්‍යතාවය සපුරන්න නම් අනිවාර්යයෙන් දැනට ලාබම දෙයවන ගල් අඟුරු හෝ "ද්‍රව බවට පත්කරනලද " ස්වාභාවික වායු වලට යායුතුමයි . එක නොකර දේශපාල ව්‍යපෘති කලොත් රට අඳුරේ ! ඩීසල් කාරයන්ගේ සාක්කු පිරේවි !

:       1       1

HR Thursday, 18 April 2019 08:32 AM

වැඩේ නම් හොඳයි.. ඒත් මේ සහාය ලබාගන්න අත්සන් කරපු ගිවිසුම් එහෙමත් හෙළි කරා නම් තවත් හොඳයි.. මොකද ඇමරිකාවට වගේ කොටසක් ලියලා නොදී මෙවැනි දේ කරන්න ඉදිරිපත් වෙන එකක් නෑ ඔය රටවල්..

:       0       0

menna Thursday, 18 April 2019 02:33 PM

එන්ටර්ප්‍රයිස් ලංකා එකේ සල්ලිත් තියෙන එකේ ලංකාවේ ඉන්ජිනේරුවෝයි, ලංකාවේ ව්‍යවසයකයෝයි, ලංකාවේ විශ්වවිද්‍යාලයි එකතුවෙලා පොඩ්ඩ පොඩ්ඩ හරි තමන් විසින්ම කරොත් තම හොඳ. මොකද යම් කිසි දෙයක් පටන් අරන් කරගෙන යද්දී අවශ්‍ය දැනුම ලංකාවට හරියන විදියට ලංකාවේ මිනිසුන් විසින්ම කරගෙන ගියොත් අත්දැකීමක් හැටියට පසුව එන ළමයිටද විශ්වවිද්‍යාල වලදී උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එම දැනුම ගන්න විශාල මුදලක් දීල පිටරටවල ගහිල්ල ඉගෙනගන්න වෙනවා. ලංකාවේ දැනුම ඉතිරි වෙන්නෙත් නැහැ එක එක රටවල් වලට ණය වෙන එක තම ඉස්සරහට වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 268 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 773 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2008 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2240 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 666 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 288 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site