IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉල්ලීම්වලට විසඳුමක් නැත්නම් 24 සිට වැඩවර්ජනයේ නියැලෙනවා

(ජයන්ත සමරකෝන්)

සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් 24 දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක නියැලීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හා රජයේ විධායක නිලධාරීහු  තීරණය කර ඇතැයි එම සංගම් පවසති.

මෙම සේවාවන්ට රුපියල් 50000 ක දීමනාවක් ලබා දීමට ගත් තීරණයට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව 23 වැනිදා ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බව එහි කැඳවුම්කරු උදේනි දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා පැවසුවේ සිය වැටුප් විෂමතා සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ මෙම මස 23 වැනිදා අමාත්‍ය මණ්ඩල අනු කමිටුය වෙත යැවීමට අද පැවැති සාකච්ඡාවකදී ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා එකග වු බවය.

රජයේ විධායක නිලධාරීන්ගේ එක්බද්ධ කමිටුවේ ප්‍රධාන ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා කියා සිටියේ  සිට වැටුප් විෂමතා වලට මෙම මස 24 වැනිදා විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු වී ඇති බැවින් 23 වැනිදින ආරම්භ කිරීමට තීරණය කර තිබූ එක්දින සංකේත වැඩවර්ජනය අත්හල බවයි.

 

 

 

 



අදහස් (13)

ඉල්ලීම්වලට විසඳුමක් නැත්නම් 24 සිට වැඩවර්ජනයේ නියැලෙනවා

dilal Friday, 20 September 2019 04:48 PM

මේ දිනවල කරන වැඩවර්ජන, උද්ඝෝෂණ එකක්වත් සාධාරණ නැති නිසා තමයි කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් මේ ගොල්ලන්ට කතා නොකළේ.. එන්න අපිත් එක්ක වැඩකරන්න. අපි බලයට ආ ගමන් ඔය පොරොන්දු ඉටුකරනවා කියා...

:       117       136

AmilaSaturday, 21 September 2019 03:03 AM

අනිවාර්යයෙන්ම.. මෙතන වරද තියෙන්නේ මැතිවරණ කොමිසමේ. ඔවුන් කියනවා රාජ්‍ය දේපළ භාවිතය තහනම් කියලා. නුමුත් මේ තක්කඩි නිලධාරීන් ඉල්ලිම් ඉල්ලනවා. ඒ ඉල්ලීම් දෙන්න රාජ්‍ය දේපොලනේ භාවිතා කරන්න වෙන්නේ? මැතිවරණ කොමිසම රාජ්‍ය දේපළ භාවිතා කිරීමට උත්සාහ දරන මේ තක්කඩි නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ..

:       3       7

sirimal Friday, 20 September 2019 04:51 PM

හිටිහැටියේ රට පුරා සංවිධානාත්මකව වැඩ වර්ජන රැල්ලක් බිහි කරන්නේ මොන දේශපාලන පක්ෂයකට අයත් සංගම්ද කියලා හොයලා බැලුවොත් ඒ ගොල්ලන්ගේ සැබෑ අරමුණ සොයාගන්න පුළුවන්. අහිංසක ජනතාව කරදරයේ වට්ටවමින් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීමේ අදහසින් කරන මේ වගේ ජරා වැඩ සියලුම දෙනා පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතුයි. එවැනි කණ්ඩායම්වලට උල්පන්දම් දෙන අපේක්ෂකයිට ඡන්දය දීමෙන්ද වැළකී සිටිය යුතුයි. නැතුව මේ රට හදන්න බැහැ..

:       279       420

Raveendra Friday, 20 September 2019 05:27 PM

මේ සෑම වෘත්තියකම යෙදෙන සහ වැඩවර්ජන කරමින් අහිංසක මිනිසුන් තලාපෙලා දමන ඔහෙලා "මෙතෙක් ගත්ත සහ ගන්න වැටුපට හිතට එකඟව අවංකව එම මුදල් වෙනුවෙන් සේවයක් " කෙරුවේද? කරන්නේද? කරුණාකර ඔබ සියල්ලම අවංකව අපගේ මෙම පැනයට පිළිතුරු ලබාදෙන්නේ නම් අගය කරන්නෙමු. වර්ජන කරන සියළුම වෘත්තීකයන් පොදුවේ මෙය අසන බැවින් කිසිවෙකු අවංක හදවතින් කතා කරන්නේ නම් අප එය අගය කරන්නෙමු.

:       71       89

ලුම්බිණි Friday, 20 September 2019 11:35 PM

සාමාන්‍ය මහජනතාව බිල්ලට දීල (බ්ලැක් මේල් ) මේ ගොල්ල ඔක්කොම තමන්ගේ මල්ල පුරවා ගන්න හදන එක ලජ්ජා නැති වැඩක්.

:       0       0

ජේ මහින්ද Saturday, 21 September 2019 01:04 AM

මෙම කණ්ඩායමේ සිටින වැඩිදෙනා 1994 ත් 2015 ත් අතර පත්වීම්ගත් පිරිස් වෙනවා. දැනට මැතිවරණ කොමිසම නිකුත්කර ඇති චක්‍රලේඛය අනුව රජයට මොවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න බැහැ. මොවුන් කරන්නේ පවතින රජය දැඩිම අගතියට පත්කිරීමක්. ඒ හැර මොවුන්ට දේශපාලන කටයුතුවලට සෘජුව හෝ වක්‍රව උදව්කරන්නත් බැහැ. එ් නිසා මොවුන් කරන මෙම කටයුතු නැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව කියන්න වෙනවා.

:       0       0

Mahinda Saturday, 21 September 2019 01:26 AM

ඔය වැඩ වර්ජනවලින් පොදු ජනතාව අද දක්වා කළ ඉල්ලීම්වලට ලැබුණු ප්‍රතිචාර කොහොමද? අද වැඩ වරන්න වෙලා තියෙන්නේ පොදු ජනයට. ජනතා ඉල්ලීම් වලට පස්ස හරවන අය ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් ඉල්ලනවා.

:       0       0

Amila Saturday, 21 September 2019 02:58 AM

ජනාධිපතිවරණ මැතිවරණය ගැසට් කරලා තියෙන වෙලේ මෙවැනි වැඩවර්ජන කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ඔවුන් උත්සාහ කරන්නේ පවතින ආණ්ඩුවෙන් ඒ දේවල් බලෙන් ලබාගැනීම ඡන්දේ පෙන්න පෙන්න. වහාම මැතිවරණ කොමිසම මැදිහත්විය යුතුයි. අනික තමන්ට පඩි ප්‍රශ්න තිබේනම් අයින් වෙලා වෙන ජොබ් එකක් හොයාගන්නකෝ.. රටේ මහජන මුදල් නාස්ති කරන්නේ නැතුව. දේශපාලනය කරන අයට වඩා රට කන්නේ මේ නිලධාරීන් තමයි.

:       18       51

AsankaSaturday, 21 September 2019 06:13 AM

පුද්ගලික අංශයේ වගේ වසරකට 2 වරක්වත් වැඩ ඇගයීම් පරීක්ෂණයක් තියන්න ඕනෑ. සේවයේ ගුණාත්මක භාවය මැනලා බලන ක්‍රමවේදයක් ගෙනෙන්න ඕනෑ. එතකොට පෙනෙයි දැන් ගන්න පඩියවත් දෙන්න සුදුසු නැති බව..

:       0       1

AmilaSaturday, 21 September 2019 04:48 PM

අනිවාර්යයෙන්ම. බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ දේශපාලුවෝ විතරයි රට කන්නේ කියලා. නුමුත් මේ ‍බොහෝමයක් රාජ්‍ය නිලධාරීන් සහ කම්කරුවොත් රටේ මහජන මුදල් නාස්ති කිරීම තමයි කරන්නේ. ඔවුන් ඡන්ද තමයි ඉලක්ක කරන්නේ.

:       0       0

චන්දදාසSaturday, 21 September 2019 01:18 PM

මෙම අයගේ සභාපති කියා තිබුණා ඔවුන්ගේ වැටුපට වඩා විශ්ව විද්‍යාල කම්කරුවෙකුගේ වැටුප වැඩියි කියලා මම අහනවා ඔවුන්ට අවුරුදු 5 කට වරක් වාහන පර්මිට් ලැබෙනවාද? මිදුලට බැස්ස ගමන් වියදම් ලැබෙනවද? පිටරට සවාරි ලැබෙනවාද වාහන බලපත්‍රයට අමතරව කාර්යාලයේ වාහනය මසකට රුපියල් දෙදහසක් ගෙවා පුද්ගලික පරිහරණයට දෙනවාද? අඩුම තරමින් සේවාකාලයෙන් පසුව ඔවුන්ට විශ්‍රාම වැටුපක් වත් ලැබේනවාද? ඔවුන්ට ඒ කිසිවක්ම නැහැ තව කලකින් කියාවි අහවල් සංස්ථාවේ කළමණාකරුවෙකුගේ වැටුප ලක්ෂ 10යි. අපිටත් දියව් කියලා. එහෙමනම් එවැනි වැඩකට යනවලකෝ... වද දෙන්නේ නැතිව... මෙතැන තියෙන්නේ මෙම සියළු දෙනාම සේවයට ආවේ 2015ට පෙර විවිධ හිතවත් කම් නිසා. මම එහෙම කියන්නේ ප්‍රේමදාස ජනපතිතුමා පරිපාලන සේවයට ගැනීමේදී සම්මුඛ පරීක්ෂනයේ ලකුණුදිමේ ක්‍රමය නතරකර තිබුණත් 1994න් පස්සේ ලකුණු ක්‍රමයක් මත පසුගිය රජයේ හිතවතුන් පමණයි බඳවා ගත්තේ... සම්මුඛ පරීක්ෂණයට ගිය ඉහළ සුදුසුකම් ඇති බොහෝ දෙනෙකුට දේශපාලන හිතවතුන් නැතිව පරිපාලන සේවයට යන්න බැරිවුණා. මුන් මේ කරන්නේ ඒවාට කළගුණ සැලකීම... මෙයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සමහර දෙනෙකු දැඩිම අගතියට පත්වෙනවා.

:       1       38

AmilaSaturday, 21 September 2019 04:52 PM

අපේ රටේ ඔක්කොම පක්ෂ සහ රාජ්‍ය සේවකයෝ විසින් වනසලා තියෙන්නේ යාලුවා. උදාහරණයක් විදිටය පොදු ප්‍රවාහනය හදන්නේ නැතුව පර්මිට් දෙමින් රට තවත් වනසනවා.අධිවේගී මාර්ග වලට පෙර රටට ගේන්න තිබුනේ දුම්රිය සේවයක් රටම ආවරණය වෙන්න.

:       0       15

madu Saturday, 21 September 2019 06:11 AM

සරල ලෙස මේ සියල්ල ආණ්ඩුව වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් තොරාගත් කාණ්ඩවලට ඡන්දයේදී වාසිදායක කොටස්වලට වැඩි කිරීම නිසා සිදුවිය. කණගාටුව එහි විපාක ජනතාවට විඳීමට වීමයි.

:       0       69

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 300 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 35 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1724 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 342 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1586 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1552 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site