IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉරාන නැවියෝ ලක් ධිවරයන්ගේ දිවි බේරති

ටී.කේ .ජී.කපිල 
මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් සැඩ සුළං නිසා අනතුරට පත්වීමෙන් පසු ඉරාන නෞකාවක සිටි පිරිසක් විසින් බේරා ගනු ලැබූ ධීවරයන් පස් දෙනෙක්  අද කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ.

අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන යානයෙන්  මෙම ධීවරයන් පිරිස ලංකාවට එවා තිබිණි.
 
ඔවුන් පිළිගැනීම සඳහා මෙම ධීවර යාත්‍රාවේ හිමිකරු ඩබ්ලිව් .ඒ.පී.
අමරපාල සහ ඔහුගේ පුත් සජිත් ලක්මාල් සහ ධීවරයන්ගේ පවුල්වල උදවිය ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.
  
එම යාත්‍රාවේ   ස්කිපර් ලෙස කටයුතු කළ සුගත් මහතා තමා මුහුන දුන් සිද්ධිය මෙසේ විස්තර කළේය.
 
අපි මිරිස්සෙන් පිටත්වෙලා ඒ වෙනකොට දින 51 ගත වෙලා තිබුණෙ. අපේ යාත්‍රාව  පිරෙන්න තරම් මාළු අහුවෙලා තිබුණා. අපි ආපසු ශ්‍රී ලංකාව බලා එමිනුයි හිටියෙ .එතකොට අපි හිටියෙ ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 290 ක් දුරින් . නොවැම්බර් 29 සහ 30 දවස් දෙකේ මුහුද හරියට රළු වුණා .   එම දවස් රෙදකේ ගමන් කිරීම නවත්වල අපි හිටියා.  දෙසැම්බර් පළමු වැනිදා ට එළිවෙන්න කුණාටුව තවත් තද වුණා.
 
අපේ බෝට්ටුවට වතුර පිරුනා. ඒ වෙලාවෙ දර්ශන - 1 යාත්‍රාවේ හිටිය ධීවර කාර්මිකයෙකුත් කකුල තුවාල වෙලා අපේ යාත්‍රාවට ඇවිත් හිටියේ. එක පාරටම ආපු කුණාටුවත් එක්කම අපේ යාත්‍රාව පෙරලුණා .මම දර්ශන - 1 යාත්‍රාවෙන් ආපු ධීවර කාර්මිකයා අතින් අල්ලාගෙන බේරා ගන්න බලවත් උත්සාහයක් ගත්තා .මට වතුරත් පෙවුනා.අන්තිමේ දී එයාව බේරා ගන්න බැරිව කලුවරේම එයා ගහගෙන ගියා.
 
අපි 5 දෙනා පෙරලුණ යාත්‍රාවේ අනිත් පැත්තට වෙලා බොහොම අමාරුවෙන් එල්ලිලා හිටියා. අපි හිතුවෙ අපි ඉවරයි කියලා . එහෙම ඉන්නකොට ඈතින් ඉරානයට අයිති තෙල් ප්‍රවාහන නැවක් ගමන් කරමින් තිබූණා .අපිව දැකලා , ඒ ගොල්ල ගිය ගමන නවත්වල අපි ළගට ආවා . ඒ වෙලාවෙත් තද සුළග.ඒ වගේම තද වැස්ස .ඒ උනත් ඒ අය බලවත් උත්සාහයක් දාල උදේ 7.30 වෙනකොට දෙන්නෙක්ව බේරා ගෙන නැවට ගත්තා .අපි තුන් දෙනා බේරා ගන්නකොට සවස 2.00 පහු වෙලා. ඒ නැවේ නම " නො - සැරී ". එහි කපිතාන්වරයා මහමුද් කියලා .එතුමා ඉතා කරුණාවන්ත , යහපත් ගතිගුණ තියෙන හොද මහත්තයෙක් . ඊට පස්සෙ අපිව මුලින්ම චබහක් නුවරට ගෙනිහින් භාර දුන්‍නා. එතැනින් අපිව ටෙහෙරාන් නුවරට අරගෙන ගියා.  එහිදී අපිට හොදට සැලකුවා. විශේෂයෙන් ශ්‍රී ලංකා තානාපතිතුමාත් බොහොම උනන්දුවෙන් කටයුතු කළා.
 
ඒ අයගෙ රාජකාරිය පැත්තක තියලා , අපිව බේරා ගෙන යළිත් අපිව අපේ දරු   මල්ලන් හමුවට එවීමට කටයුතු කිරීම පිළිබඳව අපි ඉරානයේ ඒ නැව අයිති සමාගමටත් , ඒ වගේම නො - සැරී නැවේ කපිතාන් මහමුද් මහත්තයටත් විශේෂයෙන් ස්තුති වන්‍ත වෙනවා.‘  



අදහස් (2)

ඉරාන නැවියෝ ලක් ධිවරයන්ගේ දිවි බේරති

දිලාන් Tuesday, 12 December 2017 04:03 PM

මිනිස්කමට නිගා දෙන ආකාරයෙන් කටයුතු කරන ඇතැමුන් අතරේ මිහිපිට දෙවිවරුන් වන් මෙවන් මිනිසුන් ගැන අසන්නට ලැබීම සතුටට කාරණයකි. රට, ජාතිය හා ආගම වෙනස් වුවත් මෙවන් මිනිසුන් මනුෂ්‍යත්වය නමැති සුවඳින් ලෝකය සුවඳවත් කරන්නෝය. අවාසනාවට එවන් මිනිසෙකු ගැන අසන්නට ලැබෙනුයේ ඉඳහිටය. එසේ නොවුනා නම් ලෝකය මීට වඩා ලස්සන වන්නට ඉඩ තිබිණි.

:       0       704

anthony Tuesday, 12 December 2017 05:03 PM

මහා මුහුදේදී කෙනෙක්ව මරණයෙන් බේරාගන්නවා කියන්නේ නිවන් දැකිය හැකි පිනක්. ඒ වගේම මහා මුහුදේදී කෙනෙක්ව මරණයට පත්කරනවා කියන්නේ කිසිදා ගොඩ ඒමට නොහැකි මහා පවක්.

:       212       256

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 322 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 69 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 644 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 664 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1094 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1022 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site