IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට සැලසුම් කර තිබූ කතාව නැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියාපුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

චීනයේ ණය උගුලක සිරවෙමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි බැවින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට නියමිතව තිබූ කතාව නැවැත්වීමට පියවර ගත් බව එම පුවත් වාර්තාවේ සඳහන් ය.

‘ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම නැවැත්වීමට ශ්‍රී ලංකාව, ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තුව කතාව නවත්වයි’ යන අරුත් දෙන සිරස්තලය යටතේ දාර් ජාවේද් ‘කලම්බු ගැසට්’ වෙබ් අඩවියේ පළ කළ ලිපියක් උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය ඒ බව වාර්තා කර ඇත.

‘කොවිඩ්-19’ එන්නත් බෙදාහරිමින් ඉන්දියාව මේ අවස්ථාවේ ලෝකය බේරාගනිමින් සිටින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.
ඉන්දියාව මෑතකදී ශ්‍රී ලංකාවට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පරිත්‍යාග කළ බව ද එහි සඳහන් ය.

පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී ප්‍රවණතාවක් ගොඩනැගුණු බවත් මුස්ලිම් දේවස්ථානවල සතුන් බිලිදීම සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව විරෝධය පළ කළ බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වාර්තාවේ දැක් වේ.

ඉම්රාන් ඛාන් ඉකුත් වසරේදී ඇෆ්ගනිස්තානයේ දී භාවිත කළ අයුරින් ශ්‍රී ලංකා සංචාරයේදී මුස්ලිම් යන්න සාධකයක් ලෙස භාවිත කරනු ඇතැයි ද එහි සඳහන් ය.

ත්‍රස්ත ක්‍රියා, ඉස්ලාමීය නීතියෙන් සාධාරණීය කරන ලද ‘ශුද්ධ යුද්ධය’ යැයි පවසමින් ඉම්රාන් ඛාන් 2012 වසරේ දී තලේබාන් සංවිධානයට සහාය දැක්වූ බව ද ජාවේද් සිය ලිපියේ සඳහන් කර ඇත.

ඉම්රාන් ඛාන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ද මුස්ලිම් සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ අතර එය විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවල මැදිහත් වීමට හේතුවක් කරගෙන ඇතැයි ද එහිදි කීය.

ඉස්ලාමීය රැඩිකල්වාදියකු විසින් ගුරුවරයකු ඝාතනය කරනු ලැබීමත් සමඟ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කළ ප්‍රකාශයට මුස්ලිම් බහුතරයක් සිටින රටවල් විරෝධය පළ කළ යුතු යැයි ද ඉම්රාන් ඛාන් පසුගිය වසරේ දී ප්‍රකාශ කළේය.

මුස්ලිම් නොවන රටවල තිබෙන මුස්ලිම්-භීතිකාව වර්ධනය වෙමින් තිබෙන බවත් එය පාලනය කිරීම සඳහා පියවර ගත යුතු බවත් පවසමින් ඉම්රාන් ඛාන් පසුගිය වසරේ දී මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලට ලිපියක් ලියූ බව ද ජාවේද් සිය ලිපියේ සඳහන් කර ඇත.

පසුගිය සිදුවීම් දෙස බැලීමේදී ඉම්රාන් ඛාන් ට පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමට අවස්ථාව දීම දැඩි අවදානමක් යැයි ද හෙතෙම පෙන්වා දී ඇත.
 
 
(ටයිම්ස් ඔෆ් ඉන්දියාඇසුරිනි)
 
055

 



අදහස් (17)

ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

Nuwan Tuesday, 23 February 2021 01:13 PM

දැන් මෙයාට මොනවද විකුණන්න පොරොන්දු වුණේ?

:       48       52

fairoosTuesday, 23 February 2021 01:40 PM

භූමදානයද? ආදාහනයද? කියන එක විතරයි දැන් ඉතුරු...

:       7       55

විපරමා Tuesday, 23 February 2021 01:58 PM

විකුණන්න තව මොනවා හරි ඉතුරුවෙලා තියෙනවද කියන එකනේ ප්‍රශ්නේ?

:       10       39

BamunuarachchiWednesday, 24 February 2021 02:20 AM

ඇයි මුස්ලිම්වරුන් පාකිස්තානයට විකුණමු. සීයට සියයක් ෂුවර් සල්ලි එක්ක දුන්නත් ගන්නේ නැති බව...

:       4       6

naushiThursday, 25 February 2021 06:33 AM

බමුණු උන්නැහේ ඉන්දියාවට විකිණුවාම.. මහපාරේම වැසිකිළි යන්න පුළුවන්.

:       0       0

asanka Tuesday, 23 February 2021 01:33 PM

මාධ්‍යයේ වාර්තා කරන සියල්ල සැමවිටම ඇත්තක්ද?...

:       2       40

BamunuarachchiWednesday, 24 February 2021 02:25 AM

නැත. සිදුවීමේ විස්තර ගැන විශ්වාස තියන්න එපා.. සිදුවීමක් වූ බව පමණක් හිතට ගන්න. ඇක්සිඩන්ට් වෙලා මෙපමණ මැරුණා කීවාම මැරුණු ගණන නොවෙයි ඇක්සිඩන්ට් එකක් වුණා කියන ප්‍රවෘත්තිය පමණක් ගන්න.

:       3       6

Raveendra Tuesday, 23 February 2021 01:39 PM

පාකිස්තාන මුල් පුරවැසියා වන ඔබව අප සාදරයෙන් පිළිගන්නෙමු. නායකයෙකුට තිබිය යුතු සියල්ලම ඔබට තිබෙන බව ඔබ ක්‍රීඩා කරනවිට අප හොඳින් දැක තිබේ. එලෙසම තම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවිට දැක්වූ දක්ෂතාවයන් අප හදවතින්ම අගය කරන්නෙමු. දේශපාලන ක්‍රීඩාපිටියේද ඔබ රට වෙනුවෙන් නොබියව ගන්න තීන්දු තීරණ දෙස අප ඇස් අයාගෙන බලා සිටින්නෙමු. මක්නිසාදයත් අප රටේ දේශපාලන ක්‍රීඩාව කරන අත දරුවන්ට, ළදරුවන්ට, මෙන්මම පට්ටියේ අම්බරුවන්ට ඔබගෙන් ඉගෙනීමට, ගත යුතු පාඩම් බොහොමයක්ය. ඔබ නිහඬව වැඩියෙන් සේවය කරන්නෙකි. එනමුත් අප රටේ සිටින්නේ වැඩිපුරම උම්බෑ නද දෙන 225කි. එයයි ඔබේ සහ අප රටේ දේශපාලන පොරපිටියේ වෙනස. ඔබට ජයම වේවා...!!!

:       3       72

wicky Tuesday, 23 February 2021 02:39 PM

අපි ගිරයට අහුවුණු පුවක් ගෙඩිය වගේ.. එක පැත්තකින් ඉන්දියාව.. අනික් පසින් චීනය. අපිට ඉදිරියේදී හුස්ම ගන්න වෙන්නෙත් මේ රටවල්වලින් අහලා තමයි.

:       6       59

chandimaTuesday, 23 February 2021 06:50 PM

එක එක කාලෙට එක එක ආණ්ඩු ආපුවාම ඔය රටවල් ඔහොම කරනවා. එතකොට ඒ ඒ රටවල් වලට ඕනෑ විදිහට තමයි අපේ රට වැඩ කරන්නේ..

:       0       2

chandanaWednesday, 24 February 2021 06:37 AM

චීනය හා ඉන්දියාව සමාන නැත. චීනය ඉල්ලුවොත් පමණක් දෙයි. ඉන්දියාව බලෙන් පටවයි. චීනය ඈත අතීතයේ පටන්ම හිතවත්ය. ඉන්දියාව රාම, රාවණා, බෞද්ධ, හින්දු කාරණාවලදී මෙන් ප්‍රතිපත්තිමය වශයෙන්ම අපට විරුද්ධයි. හතුරුයි. චීනය අපට බය නැත. චීනයට අප හිටියත්, නැතත් වගක් නැත. එහෙත් අපට උපකාර කරයි. ඉන්දියාව අපට බයයි. චීනයත්, පාකිස්තානයත් අතර අප ඉන්දියාවෙන් දුරස් වේයැයි බයයි. එම බය ඉන්දියාව යටපත් කරගනුයේ ඇමෙරිකානු හා බටහිර උදව්ව සමග අපට චණ්ඩිකම් පෙන්වමිනි. කිසිඳු විටක ඉන්දියාව අපට සැබෑ හිතවත්කමක් පෙන්වා නැත... ඉන්දියාව ස්වාධීන නැත.. ස්වභාවයෙන්ම යටත් විජිතගැති ලෙස බටහිර උපකාරයෙන් පවතී. චීනය ස්වාධීනය. ඉන්දියාවට වඩා අපගෙන් කිසිඳු වැඩක් නැතිව වුවත් උපකාර කරන රුසියාව අපට වටිනේය...

:       3       7

පිටිගල මිලානෝ Tuesday, 23 February 2021 11:18 PM

මෙතුමාව අපි බලෙන් අල්ලගෙන අපේ රටේ නයකයා ලෙස පත්කරමු.. අායෙත් පාකිස්තානයට යන්න නොදී... මෙවන් නායකයෙක් ලබන්න අපි පින් කළා මදි...

:       4       6

Dewa Wednesday, 24 February 2021 03:26 AM

මේවා තමයි නියම ඩබල් ගේම... හැමෝම ශේප් කරගෙන... තමුන් වාසි ලබාගන්න එක... හැබැයි අවසන් ප්‍රතිඵල කොහොම වේවිද කියලා අපි දන්නේ නැත.

:       0       1

rihan Wednesday, 24 February 2021 03:59 AM

විකී ඔබ හරි... වැසිකිළියට යන්නත් අවසර ගන්න වෙයි..

:       0       3

sharm warn Wednesday, 24 February 2021 04:16 AM

අපි ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? දැන්වත් පේනවද මේ පාලකයෝ කියාගන්නා හොරගුහාව මේ රටට කරලා තියෙන අපරාධයේ තරම..?

:       2       3

Rata Perata Wednesday, 24 February 2021 07:44 AM

මම හිතුවේ නන්දසේන මහත්තයා චීනේ ලොකු සර්ට විතරයි බය කියලා. දැන් බලනකොට ඉන්දියාවටත් බය වෙන්න වෙලා... කෝ අපේ අර රට කන වීරයා...?

:       3       6

විජිත් Wednesday, 24 February 2021 01:24 PM

රට පෙරට, ඔය නන්දසේන හාදයා චිනට, ඉන්දියාවට... පමණක් නොවෙයි, යුද්ධයටත් බයයි.. උතුරේ යුද්ධය උණුසුම් වෙලාවේ, අන්තිමට ජෙනරාල් කොබ්බෑකඩුව මහත්මයත් ඇතුළුව අති දක්ෂ නිලධාරීන් රැසක් අරාලි තුඩුවේ බෝම්බයෙන් අපිට අහිමිවුණු පසු, මෙයා හිසේ අාබාධයක් කියලා බොරු මෙඩිකල් ඉදිරිපත් කරලා හමුදාවෙන් ඉවත්වෙලා ඇමෙරිකාවේ සරණ ගියා. ඒ ගිය නිසා මිනිහා බේරුණා. දක්ෂ නිලධාරීන් පවා මිය ගිය ඒ යුද්ධයේදී මේ වගේ කෙනෙක් ගැන මොනකතාද...? හැබැයි අයියා රටේ ලොක්කා වුණාට පස්සේ ඇවිත් ආරක්ෂක ලේකම්කම ගත්තා. ආරක්ෂක ලේකම් යුදපිටියට යන්නේ නැහැනේ. ඒ විතරක් නොවෙයි පිත්තල හන්දියේදී වාහනයට වැදුණු බෝම්බ ප්‍රහාරය එයාම සැලසුම් කළ එකක් බව වික්ටර් අයිවන් මහත්තයාගේ පොතකම තියෙනවා.

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 269 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 724 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 723 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1145 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 789 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1656 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1458 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site