IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉපැරණි යාග හෝම ගැන සීගිරියෙන් අනාවරණයක්

 

(කාංචන කුමාර ආරියදාස)   

සීගිරියේ ඇතුල් දිය අගලේ සිදුකරන කැණීම් වලින් ආදි කාලයේ ආගමික ක්‍රම සහ යාග හෝම ක්‍රම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බව  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

සීගිරිය උතුරු   ප්‍රදේශයේ මේ දිනවල කැණීම් කටයුතු රැසක් අවසන් වෙමින් පවතින බවත් එහිදී විශේෂයෙන්ම යාග හෝම පැවැත්වූ  ස්ථාන මෙන්ම ජලය සම්බන්ධ කැරගෙන යම්කිසි ශාන්ති කර්ම හෝ යාග හෝම පැවැත්වූ බවට සාධක රැසක් හමු වෙමින් පවතින බවත්  උස් ස්ථානයක ගොඩනැගිල්ලක සිට මෙය නිරීක්ෂණය  කිරීම් කරන්නට  ඇතැයි විශ්වාසය  කළ හැකි ස්ථාන පවා මේ වනවිට හමුවී ඇතැයි ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගියදා සීගිරිය ප්‍රදේශයේ කැණීම්වලින් හමුවූ සිංහ රුවකට සමාන මැටි රුව පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා විශේෂයෙන් සීගිරියේ ඉපැරණි යාග හෝම පිළිබඳව කරුණු හෙලි වීම ගැන තොරතුරු අනාවරණය කළේය.

උතුරු දිය අගල පෙදෙසේ මේ දිනවල සිදුකරන කැණීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

"මෙම ස්ථානයෙන් හමු වුණ මැටි භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කළාම ඒවා සියල්ල දේශීය ප්‍රභවයක් පවතින ඒවා. ඒ වගේම තමයි මේවා සියල්ල හමුවන්නේ උතුරු දිය අගල ප්‍රදේශයෙන්.  මැටි බදුන් හමුවන ස්ථානයට ඉහළින් වේදිකාවක් වැනි ගොඩනැගිල්ලක කොටසක් හමු වෙලා තිබෙනවා අපට හිතන්න ඉඩ තියෙනවා යම් විදියට පූජා විධි ක්‍රමයක් යාග ක්‍රමයක් මෙහි පවතින්නට ඇතැයි කියලා."

මොකද කාශ්‍යප යුගයෙන්  පස්සේ සිගිරිය  මහායාන බෞද්ධ ආරාමයක් හැටියට තමයි පවත්ව ගෙන ගිහිල්ලා තියෙන්නේ . බෞද්ධ ආරාමයේ කටයුතු කරනකොට එවැනි පූජා විධි ක්‍රමයක් සම්බන්ධ කරගෙන සිදු වුණාද කියන පිළිබඳව සිතා බැලිය යුතුයි. මේ හම්බවෙන්න මැටි බදුන් පිළිබඳව සොයා බැලුවම එවැනි සාධක තමයි හම්බ වෙලා තියෙන්නේ. එය ඉතා වැදගත් කාරණයක්."



අදහස් (1)

ඉපැරණි යාග හෝම ගැන සීගිරියෙන් අනාවරණයක්

rocky Wednesday, 21 March 2018 01:46 PM

යන්තර මන්තර විද්‍යාව, යාග හෝම , වශී කර්ම ආදිය අපේ ජාතික උරුමයක්නේ. රාවණාත් හෙනරාජ යන්තරේ පාවිච්ච් කොලා කියනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 233 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 351 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 597 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 551 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 89 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 580 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1679 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site