IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්හේලර් - ස්ප්‍රේ භාවිතා කර මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පතුරුවති

 

(ඉන්දිකා රාමනායක)

කොළඹ  ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල  සිසුන්  ඉලක්ක කරගෙන   ඉන්හේල සහ ස්ප්‍රේ  යන්ත්‍ර භාවිතා කරමින්  මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ  ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්   දෙමාපියන් පිරිසක් කර තිබු  දැනුම් දීමකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පාසල් ආශ්‍රිතව සිදුවන  මත්ද්‍රව්‍ය ජාවාරම්   මැඩලීම සදහා පොලිසිය  නිරන්තරයෙන්  මෙහෙයුම් සිදුකරන බැවින්  එයට වෙනස්ම උපක්‍රමයක් වශයෙන්  ජාවාරම්කරුවන් මෙම නව  ජාවාරම සිදුකරන බවද  ජාලිය සේනාරත්න මහතා පවසයි.

 මෙම උපකරණයක් රුපියල් 15,000 ක් වැනි මුදලට සිසුන්ට අලෙවි වන බවත්, ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය මෙම යන්ත්‍රවලට ආඝ්‍රහණය කරවීමට මෙම යන්ත්‍රවලට කිසියම් මත්ද්‍රව්‍ය  පිරවීමක් සිදුකර  ඇති  බවද  හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන්  දෙමාපියන්  පාසල් බලධාරීන්  දැනුවත් විය යුතු බවත් තම දරුවන් නොදන ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම වළක්වා ගැනීම සදහා දැඩි සෝදිසියෙන් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පවසයි.

මේ ආකාරයේ උපක්‍රම භාවිතා කරමින් පාසල් සිසුන් ගොදුරු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත්   ළගම ඇති පොලිස් ස්ථානයට හා  1917 දුරකතනය දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (6)

ඉන්හේලර් - ස්ප්‍රේ භාවිතා කර මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පතුරුවති

isuru Friday, 14 August 2020 03:19 PM

මේවා පසුපස ඉන්නේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිලා...

:       0       0

Perera Friday, 14 August 2020 08:42 PM

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු මැති ඇමැති වෙච්චිකොට මත්ද්‍රව්‍ය වැදගත් අයවලුන්ගේ ව්‍යාපෘතියක් වෙලා ලංකාවේ නම් දියුණු වෙලා යාවි තමයි.

:       15       75

de silva Saturday, 15 August 2020 06:31 AM

මහා පරිමාණ කුඩු, එතනෝල් ජාවාරම් කාරයින්ට ඇමැතිකම් ලැබෙන, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය හෙරොයින් ජාවාරම් කරන රටක පාසල් සිසුන් සහ බාල පරම්පරාව මත් වුවදුරෙන් මුදාගැනීම අසීරු කාර්යයකි.

:       28       137

NimalSaturday, 15 August 2020 08:50 AM

ඒ ඉතින් දේශප්‍රේමී කට්ටියනේ..

:       92       13

Champa Saturday, 15 August 2020 08:10 AM

ගන්න දෙයක් නැහැ රට. හැබැයි පාලකයින් දඟලන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. තමන්ගේ බලය වැඩි කරගන්න. තමන්ගේ මඩිය තරකර ගන්න. රටේ මිනිස්සුන්ට දහසකුත් එකක් ප්‍රශ්න. ඒව පලවෙනි තැනටත් නෙමෙයි දෙවෙනි තැනටත් නෙමෙයි. දහවෙනි තැනට. හැබැයි 19යේ තමන්ට වාසි වගන්ති අහෝසි කර ගැනීම පළවෙනි තැනට...

:       129       213

ChampaSaturday, 15 August 2020 01:54 PM

හැබැයි "19 තමන්ට අවාසි වගන්ති අහෝසි කරගන්න" පුදුම වුවමනාවක් සහ හදිස්සියක් තියෙන්නේ...

:       10       64

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 298 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 379 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 626 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 567 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site