IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන බද්දෙන් කොටසක් කබීර් මාර්ග සංවර්ධනයට ඉල්ලයි

ඉන්ධන අලෙවියෙන් ලැබෙන බදු ආදායමෙන් කොටසක් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදෙන්නැයි යෝජනා කරමින් මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර ඇත. 
 
පෙට්‍රල් සහ ඉන්ධන අලෙවියෙන් ලබන ආදායම රටේ මාර්ග පද්ධතිය නඩත්තු- කිරීමට යොදා ගැනීමේ අරමුණ ඇතිව එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව ද වාර්තා වේ.
 
මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් සත 50 බැගින් වන මුදලක් මාර්ග කළමනාකරණ භාරයට ලබා දෙන්නැයිද එම කැබිනට් මණ්ඩල යෝජනාවෙන් ඉල්ලා ඇත. 
 
මාර්ග සංවර්ධන අධිකාරියට සහ පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග නඩත්තු කිරීමට යොදා ගැනෙන්නේ මාර්ග කළමනාකරණ භාරයේ ප්‍රතිපාදන වන අතර මාර්ග සංවර්ධන අධිකාරිය වසරකට ප්‍රාග්ධන වියදම් සඳහා පමණක් රුපියල් බිලියන 300ක් ඉල්ලා සිටියද ලැබෙන්නේ ඉන් අඩක මුදලක් පමණකැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය. ඒ නිසා වසර අවසානයේදී මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමට වෙනත් අමාත්‍යාංශවලින් මුදල් ඉල්ලීමට සිදු වී ඇතැයි ද එම නිලධාරියා කීවේය.
 
අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුවහොත් මාර්ග සංවර්ධන අධිකාරියට වසරකට රුපියල් බිලියන 50ක අමතර මුදලක් ලැබෙන බවත් එම මුදල මාර්ග නඩත්තු කිරීමට යොදා ගත හැකි බවත් ඔහු කීය. 
 
මහාමාර්ග සහ ඛනිජ තෙල් සම්පත් යනුවෙන් අමාත්‍යාංශ දෙකක් පවතින විට දී මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත්ව තිබේ. එහෙත් ඊට අනුමැතිය ලබා දීම ප්‍රමා ද වී ඇත. 
 
වර්තමානයේදී මහාමාර්ග සහ ඛනිජ තෙල් සම්පත් යන විෂය දෙකම එකම අමාත්‍යාංශයක් යටතේ පවතින් බැවින් අදාළ යෝජනාව ක්‍රියාවට නැංවීම පහසු වනු ඇතැයි ද එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කීය. 
 
 
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
 
055



අදහස් (5)

ඉන්ධන බද්දෙන් කොටසක් කබීර් මාර්ග සංවර්ධනයට ඉල්ලයි

රවින් Sunday, 13 January 2019 07:59 PM

පක්ෂබෙදයකින් තොරව, මෙය සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් බොහෝ රටවල කෙරෙන ක්‍රියාවලියකි. පාරවල් නඩත්තුවෙන් වාහනවල කාර්යක්ෂමතාව, ඉන්දන පිරිමැසිම හා නඩත්තු වියහියදම් අඩුවේ.

:       0       134

Samathasena A Aluthgamage. Monday, 14 January 2019 01:49 AM

සත්‍ය වශයෙන්ම මහා මාර්ග නඩත්තුව සඳහා වැඩිපුර මුදල් ලබා දිය යුතුයි. දේශපාලකයන්ගේ වියහියදම් පාලනය කළයුතුයි. මහාමාර්ග වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීමෙන් දැනට සිදුවෙන අධික අනතුරු සංඛ්‍යාව බොහෝ දුරට අඩුකර ගත හැකියි.

:       238       236

wijenanda Monday, 14 January 2019 03:34 AM

ගන්න කොමිස් කුට්ටි ටික දැම්මා නම් ලංකාවේ ඔක්කොම මාර්ග ටික නඩත්තු කරගන්න පුලුවන්...

:       61       61

sarath Monday, 14 January 2019 03:36 AM

කාලීන යෝජනාවක්. මාර්ග නඩත්තුව අන්තිමයි. ජල සම්පාදනයෙන් කරන පාරවල් කැපීම යථාතත්වයට පත්කිරීමට අවුරුදු ගණන් ගතවන ලක්ෂණයක් තිබේ. මේ හේතුව නිසා වැන්න වල සස්පෙන්ෂන් සිස්ටම් එකට සිදුවන හානිය වැඩියි. අමතර කොටස්වලට වැයවන විදේශ විනිමය අඩුකර ගැනීමට මාර්ග නඩත්තුව හරි ආකාරයට තිබිය යුතුයි. පෙට්‍රල්, ඩීසල් වලට බදු ගෙවන්නේ වාහන අයිති අයයි. මාර්ග නඩත්තුවට එම බදුවලින් කොටසක් ඉල්ලීම සාධාරණයි..!

:       253       253

Bandara Wednesday, 16 January 2019 08:38 AM

මහනුවර සිට කොළඹ දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදය අවම කිරීමේ සාර්ථකම ක්‍රමවේදය ඉදිරිපත් කිරීමට මා හට අවස්ථාව ලබාදිය හැකිද? මෙම ක්‍රමය පාවිච්චි කරන්නේ නම් තව අවුරුදු 25කට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදය සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිය. මේ සඳහා සීමිත ප්‍රාග්ධනයක් වැය වන බවද සතුටින් දන්වා සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 249 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 35 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 108 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 612 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 209 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 270 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site