(බී.ජී.චතුරංග)
ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්ධන පිරවුම් හලේ භූගත ටැංකි සඳහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය සහ ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය විනාශයක් වළක්වා ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරිහු අද (16) සමත්වූහ.
ගින්න හේතුවෙන් ඉන්ධන පිරවුම් හලේ ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන නිකුත් කරන පොම්ප සියල්ලම විනාශයට පත්වී තිබුණි. ඊට අමතරව ඉන්ධන පිරවුම් හලේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබූ අතර එහි තිබූ එල් පී ගෑස් ටැංකි විශාල ප්‍රමාණයක් ගින්නට හසුවී පුපුරා විනාශවී තිබුණි.
ඒ නමය ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හල තුළ ගින්නක් හටගෙන තිබෙන බවට තිරප්පනය පොලිසියට සැලවීමත් සමග තිරප්පනය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ගින්න නිවාදැමීමට දැඩි උත්සාහයක නිරතවූවත් ගින්න දැඩිව ව්‍යාප්තවීම හේතුවෙන් ගිනි නිවන ඒකකය කැඳවීමට පියවර ගනු ලැබීය.
ගිනි නිවන ඒකකයේ නිලධාරින් පැමිණ බවුසරය පුපුරා යාම වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබූ අතර ඉන්ධන බවුසරයේ හටගෙන තිබූ ගින්න විනාඩි දහයක් පමණ ඇතුළත නිවා දැමීමට හැකිවිය. ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පැය තුනකට අධික කාලයක් ගතවී තිබේ.
ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර යුද හමුදාවේ 211වන බල සේනාවේ නිලධාරින් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ගින්න නිවීම සදහා සහය දැක්වූහ.
සිද්ධිය වූ ස්ථානයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ උතුරුමැද පළාත් ප්‍රාදේශිය කළමණාකාර ඒ.ජී.ජේ.ඩබ්ලිව් බංඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක්ද එහි පැමිණ සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්ධන පිරවුම්හලේදී බවුසරය ගිනි ගනී
bandula Wednesday, 16 January 2019 02:45 PM
මේකේ තියෙන්නේ සිදුවීමට ගිය විනාශයක් වලක්වා ගත්තා කියලා. හැබැයි ඉන්ධන පිරවුම්හලයි, බවුසරයයි ගිනි අරං විනාශ වෙලා ඉවරයි. ආයේ විනාශ වෙන්න දෙයක් එතන ඉතිරි වෙලා නැහැ.
ratna P Wednesday, 16 January 2019 10:47 PM
සිගරට් බොන කෙනෙක් හෝ ජංගම දුරකථන පාවිච්චි කරන අයෙක් ළඟ උන්නද දන්නේ නෑ