IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ සහය ඇතිව මෙරට ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට සාකච්ඡා

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමඟ අද (13) පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

අරලියගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන අවස්ථා වැඩි කරලීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කෙරෙන තාක්‍ෂණ හා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර, උතුරේ අවතැන් වූවන් උදෙසා ඉන්දීය සහය ඇතිව ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.

උතුරේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරලීම සඳහා ඉදිරිපත් වීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ද මෙහිදී අනාවරණය විය.

ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන "සුවසැරිය"  ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා පිළිබඳව  අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දීය විදේශ ලේකම් වරයාට ප්‍රසාදය පළකළේය.



අදහස් (9)

ඉන්දියාවේ සහය ඇතිව මෙරට ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට සාකච්ඡා

සතයපාල Friday, 13 July 2018 01:31 PM

චීනයට හපන් ඉන්දියාව ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයි. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති සදහා ලංකර නොගතම යුතු රටවල් දෙකක් තමයි මේ රටවල් දෙක අඩු ප්‍රමිතිය යල්පැන ගිය තාක්ෂණය පරිසර විනාශය හා මේ ව්‍යාපෘති සදහා තමන්ගේ රටවලින් ලංකාවට රැගෙන එන පහල විනයක් හා හැකියාවන් සහිත සේවකයන් නිසා රටට වන හානිය කියලා නිම කරන්න බැරී තරම්ය.

:       15       346

menna Friday, 13 July 2018 01:45 PM

අපේ කොඩියයි ඉන්දියාවේ කොඩියයි එකට දැක්කම හැමදාම හිතන්නේ ඇයි මේ ඉන්දියා කොඩියේ පාට දෙක අපේ සිංහයා ඉදිරියෙන් ඉන්නේ කියලා. අපි නොදැනුවත්ව මානසිකව ඉන්දියාවට දෙවැනි කරලා කියලා මට හැමදාම හිතෙන්නේ. අපි පොඩි කලේ අපිට ඉගැන්නුවේ ඔය පාට දෙක සුළු ජාතින් නියෝජනය කරන්නයි කියලා. ඔය විදියට ජාතින් අතර බෙදීමක් ඇති කරලා එකම රටක් වැසියෝ කියන එකත් නැති කරලා. තව ටික දවසකින් සිංහයා ඉදිරියේ තියෙන බෝ කොළ වෙනුවට චීන කොඩියේ තියෙන තරු එකතුවෙයිද දන්නේ නැහැ.

:       1       40

Bamunuarachchi Friday, 13 July 2018 04:05 PM

අන්තිම ප්‍රතිපලය වන්නේ ඉන්දියන් ජාතිකයින්ට රැකියාවල් දෙන්නෙත් ලංකාව වීමයි.

:       0       171

Chaminda Saturday, 14 July 2018 03:23 AM

විකුණන්නේ මොනවද දන්නේ නැහැ..? අපිට ආදරේට කරන්නේ නැහැනේ...

:       0       48

akila Saturday, 14 July 2018 03:30 AM

ඉන්දියාව කියන්නේ අසල්වැසි කිසිම පොඩි රටක් එක්ක සාධාරණ වෙළඳ ගිවිසුම් ගහන රටක් නෙමෙයි. පොඩි රටවල් හූරගෙන කන්න තමයි ඒ ගොල්ලෝ බලන්නේ...

:       0       47

යමුනාSaturday, 14 July 2018 04:59 PM

නමුත් ...අපේ රටේ දියවන්නාවේ ඉන්න මීහරක් රැලට ඕවා තේරෙන්නේ නැහැනේ..මොකද මි හරක් ඉස්කෝලේ යන්නේ නැහැනේ.

:       0       16

sena Saturday, 14 July 2018 07:57 AM

අපේ ලොක්කන්ට බලපෑම් කරනවා ඇති... චීනෙට දුන්න අපිට මේක දීපියව් කියලා, දෙපැත්තටම දීලා අන්තිමට අපිට රටක් නැතිවෙයි.

:       0       119

Kesara sinha Saturday, 14 July 2018 11:56 AM

සිංහයෝ විකුණං කෑවේ නැහැ නේද.? ඒ ඉස්සර හිටපු කේසර සිංහයෝ. ඇයි එහෙනම් වික්කම සිංහ වුනේ.? ඒ දැන් ඉන්න හිඟන සිංහයෝ එදාවේල සඳහාත් අතට අහුවෙන දේ විකුණං කන නිසායි...

:       12       56

Rane Sunday, 15 July 2018 01:21 AM

අම්මප ඉක්මනටම ඡන්දයක් තියන්න ඕන, එත් ඉතින් ඡන්දෙ දාන්නේ කාටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 862 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 366 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 350 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 249 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 425 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 434 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site