අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) මිලියන පහ ඉක්මවා ගියේය .
අසාධ්‍ය තත්ත්වයේ පසුවන දස දහස් ගණනක් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට ද ඉන්දියාවේ රෝහල්වලට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ උත්තර ප්‍රදේශ් යන් ප්‍රාන්තවලට ය. එම ප්‍රාන්තවල ඔක්සිජන් අවශ්‍යතාව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි ද වෛද්‍යවරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුවල නිලධාරීහු කීහ.
‘‘බලාපොරොත්තු සුන් වුණු රෝගීන් මට මහ රෑ කෝල් කරනවා. ඒත් මම දන්නේ නෑ ඊළඟ තොගය එන්නේ කවද්ද කියලා’’ යැයි නෂීක් නගරයේ ඔක්සිජන් සැපයුම්කරුවකු වන රිෂිකේෂ් පටිල් කී.
ඉන්දියාවෙන් බදාදා දහවලින් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,123 දෙනකු හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන පහ ඉක්මවා ගියේය.
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී කොවිඩ්-19’ ආසාදිත මරණ 1, 290ක් වාර්තා වී ඇති අතර ඒත සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 82, 066ක් දක්වා ඉහළ ගියේය.
මේ වනවිට ලොව වේගයෙන්ම වයිරස ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාවෙන් අවසන් වයිරස ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගත වී ඇත්තේ දින 12ක් පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයට පසු වයිරස ආසාදිතයන් මිලියන පහක් වාර්තා වන අනෙක් රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.
දැනට වයිරස ආසාදිත රෝගීන් මිලියනයකට ආසන්න පිරිසක් ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඉන් 6% ආසන්න පිරිසකට ඔක්සිජන් සහාය අවශ්‍යව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.
රොයිටර්
055
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ කෝටි බාගයක් කොරෝනා ආසාදිතයෝ වෙති
Rex Wednesday, 16 September 2020 06:32 PM
එහෙම වුණත් ඉන්දියාව තමන්ගේ මිනිස්සු ගෙන්න ගන්නවා. ඒත් අපි කොරෝනා හැදුණු අය 20 හරි 30හරි හම්බ වුණොත් අපේ අයව ගෙන්න ගන්නේ නැහැ. හැබැයි හෙට අනිද්දා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දින7ක් නිරෝධායනය කරලා රට ඇතුළට ගනියි. දැන් තේරෙනවද නීතිය නැමෙන හැටි?
Naushi Thursday, 17 September 2020 12:15 AM
මිස්ටර්- ඔක්සිජන් ඉන්නේ ලංකාවේ. එයාගෙන් ඉල්ලගන්න.
Chandima Thursday, 17 September 2020 01:02 AM
තව ටික දවසකින් එ් රටේ කොරොනාවලට ප්රතිරොදෙ ඇතිවුණු කෝටි භාගයක් ඉන්නවා. අපේ රටේ කවුරුවත් නැහැ.