IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි

අඛණ්ඩව නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය.

ඉන්දියාවෙන් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 6,566කු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරට කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,58,333ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 194ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (28) පස්වරු 6.12 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,531ක් ලෙස දැක්විණි.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 67,692ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 86,110කි.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (28) පස්වරු 6.12 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 56,948ක් විය.

ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.

එන්.ඩී.ටීවී.

055

 



අදහස් (2)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි

de silva Friday, 29 May 2020 08:31 AM

ඕක ඔච්චර ගණන් ගතයුතු තත්වයක් නොවේ... විශාල වශයෙන් කොරෝනා පැතිරිලා ඉවර වුණාම රටතුළ හර්ඩ් එමියුනිටි නම් ස්වයන් ප්‍රතිශක්තීකරණයක් නිර්මාණය වෙනවා.

:       0       3

de silva Friday, 29 May 2020 09:20 AM

එහෙම වුණාම දුර්වල මිනිස්සු මැරිලා ප්‍රතිකරන ශක්තිය ඇති පුද්ගලයන් පමණක් ඉතුරු වෙනවා. ඕක අද, ඊයේ පමණක් සිදුවුණු දෙයක් නොවේ... අවුරුදු දසදහස් ගණනක් පුරා මනුෂ්‍ය ඉතිහාසය පුරා වසංගත රෝගවලදී සිදුවුණු දෙයක්... ඕක තමයි, ස්වභාවධර්මය, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ නම් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිපදින්න... අනවශ්‍ය දේවල් නොකර ඉන්න. එන්නතක් නොමැති වුණත් අනිවාර්යයෙන්ම තව අවුරුද්දක් දෙකක් යනකොට ඕක සාමාන්‍ය තත්වයට පත්වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 0 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 485 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1886 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 366 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1703 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site