IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් කෝටි 40 ක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 40 ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වූ මහ බැංකුව සඳහන් කරයි. 

මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 

ඉන්දීය මහ බැංකුවෙන් ලැබෙන මෙම මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවනු ඇතැයි ද ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට උපකාරි වනු ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම මුදල ලැබෙන අතර ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව සංවිධානයේ හුවමාරු පහසුකම’ යටතේ එම මුදල් ලැබීමට නියමිත යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.  

පසුගිය වසරේ අවසන් මාස තුනේදී විදේශ මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බවත් වසර අවසන් වනවිට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.94ක් වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 

 



අදහස් (34)

ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් කෝටි 40 ක්

Raveendra Wednesday, 09 January 2019 05:11 PM

හුරේ... ලැබුණා ලැබුණා... ණය ලැබුණා... මගේ අමාත්‍යාංශයට, මගේ පාවිච්චියට හොඳ වාහන කීපයක් ඕනේ හොඳේ. මොකද මට පොඩිකාලේ මගේ අම්මා " රථ කල්කේ " දීලා නැහැ. ඉතින් මට රථගාය ඔලුවටම ගහලා... තව මොන හිඟන ඇමතියටද, මන්ත්‍රියටද ඕනේ? ඉක්මන් කරපියව් යකුනේ සල්ලිටික ඉවර වෙන්න කලින්...

:       0       0

Raveendra Wednesday, 09 January 2019 05:18 PM

දැන් මේ ලැබුණු නය ගෙවන්නේ මේ " පාදඩයින්ගේ ආදරණිය මෑණියන්දලාද?", නැත්නම් අහිංසක ජනතාවද? දැන් එතකොට දියවන්නඔයේ සම"හරක්" අම්බරුවන් හොඳටම තප්පුලන්න ගත්තා නේද? මීට පෙර හිටිය හොරු රෑන ගත්ත ණය තමයි මේ අපි ගෙවන්නේ කියලා. ඉදිරියේදී දියවන්නා ඔයට එන " ඊලග කාලකන්නි හැත්ත " කියයි මීට පෙර හිටිය " කාලකන්නි මූසලයෝ "ගත්ත ණය අපි ගෙවන්න කියලා ඇඟිලි දික්කරනවා නේද?... ෂා මරු හිඟන්නන් 225.

:       0       0

samantha Wednesday, 09 January 2019 05:35 PM

මේ මනුස්සයා නැවත පාසල් ගියොත් හොඳයි. o/l ගණිතය දන්නේ නැහැ....

:       0       0

hasantha Wednesday, 09 January 2019 05:43 PM

ඔන්න ඕකයි ජාත්‍යන්තරේ දිනනවා කියන්නේ. කලින් අපි චීනෙට ණයයි. දැන් අපි ඉන්දියාවට සහ ඇමෙරිකාවට ණයයි. මතුපරපුරට සෑහෙන අභිමානයක් ඇතිවෙයි කලින් පරම්පරා ගැන...

:       0       0

Sanka Wednesday, 09 January 2019 05:54 PM

ඔන්න දැන් ඊළඟ ඡන්දෙට පඩි වැඩි කරන්න හදන්නේ ඕකෙන්... මම දන්නේ නෑ කොහොමද ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙන්නේ කියලා...? වැඩියෙන් ණය ගන්න රටක් තවත් ණය ගත්තම...

:       0       0

sudath Wednesday, 09 January 2019 07:01 PM

පොරොන්දු වූ දේවල් ගැන පසුබිම් කතාවත් කියන්න...

:       0       0

sam Wednesday, 09 January 2019 09:20 PM

ඉතාම ලාභදායි ගනුදෙනුවක්. ඇලස්කාව, ඇමරිකාවට විකුණන කොට රුසියාවට ලැබුනේ අක්කරයකට (ඩොලර්) සත දෙකකටත් අඩුවෙනුයි. අපිට අක්කරයකට ඩොලර් දෙසිය හතලිස් හයකටත් වඩා වැඩියෙන් ලැබී තිබීම කොතරම් ලාභයක්ද?

:       0       0

chandima Wednesday, 09 January 2019 09:55 PM

චීනගෙන් ණයට අරන් වරාය හදපු එකේ අනික තමයි. වරාය අඩු තරමේ විකුණන්න වත් පුළුවන් වුණා. මේ සල්ලි ගත්තේ මොනවටද? වියදම් කරන්නේ මොනවටද? කවුරුවත් දන්නේ නැහැ. ඡන්දෙට විසිකරලා කන්න බොන්න දීලා අන්තිමේ ගෙවන්න ගියාම රටම ඒ අයට විකුණන්න වෙනවා.

:       0       0

sanath Wednesday, 09 January 2019 11:53 PM

මොනවද දන්නේ නැහැ විකිණුවේ...

:       0       0

M.K Abhayaratna Thursday, 10 January 2019 12:17 AM

එය ඇ.ඩො. මිලියන 400 ක් විය යුතුයි.

:       0       0

Bamunuarachchi Thursday, 10 January 2019 12:38 AM

හා හා අපිට සහන සලසන්න වෙන්න ඇති... අපිට සහන දෙන්නද? නැතිනම් එජාප සංධානයට බා ගන්න හදන ශ්‍රීලංකා මන්ත්‍රීන්ට දෙන්නද? හැබැයි මේවා කවර් කරන්න බදු ගැහැව්වොත් අපිට හොම්බෙන් යන්න වෙනවා...

:       0       0

ROSHAN Thursday, 10 January 2019 01:46 AM

අන්තිමේදී ඉන්දියාවෙනුත් හිගා කන්න යන්න ඕනේ තරමට දේශ පාලකයන් රට බිමට දමලා තියෙනේ. එම මුදල් මහා බැංකුවට හැරෙව්වනම් හරි. ණයට නැතිව ජපානයෙන් පොලි නැති ණය මුදලක් ලබාගන්න බැරිද ? රටේ නිෂ්පාදනයක් නැහැ .ආයෝජකයෙකුට එන්නදෙන්නේ නැහැ, දේශ පාලකයෝ කොමිස් ඉල්ලනවා පාතාලය කප්පම් ඉල්ලනවා නැත්නම් මරනවා.

:       22       336

Dubai SanathThursday, 10 January 2019 07:43 AM

විදේශගත ශ්‍රමිකයන් වන අපි කොහොමද අපේ අභිමානය රැකගෙන ඉන්දියානුවන් එක්ක වැඩ කරන්නේ. මේ ප්‍රවෘත්ති දැක්කම එයාලා අපි දිහා බලන්නේ උපහාසෙන් වගේ. අපි මේ රටවල්වල දුක් විඳලා හම්බ කරලා එවන සල්ලි වලින් රට ගොඩනගන්න පුළුවන් දේශපාලකයෝ නඩත්තු කරන්න යන නාස්තිකාර වියදම් නතර කලොත්.

:       0       0

kapThursday, 10 January 2019 09:07 AM

ඔබ හිතන් තරම් ඉන්දියාව දුප්පත් නෑ. රටේ ජනගහනය අනුව දුප්පතුන් වැඩී. නමුත් රටේ භාණ්ඩාගාරෙ සල්ලි, රත්තරන් පිරෙන්න තියෙනවා. සමහරවිට ලෝකෙ වැඩිම රත්තරන් තියෙන්නෙ ඉන්දියා භාණ්ඩාගාරෙ වෙන්න පුලුවන්. මේ ලගදි මෝදී සියලු ගොවියන්ගේ ණය කපා හැරියා. ඒ වගේ රටකින් ණයක් ගන්න එක ලැජ්ජාවක් නෙමෙයි. කන්න ඉල්ලන්න පුලුවන්නම්, ණය ගත්තට මොකෝ වෙන්නෙ..මෙච්චර වගා කරන්න පුලුවන් පොලවක් තියාගෙන ඉන්දියාවෙන් කන්න ගේන එක තමයි ලෑජ්ජා වෙන කාරනාව

:       0       0

Saman Thursday, 10 January 2019 02:20 AM

"පසුගිය වසරේ අවසන් මාස තුනේදී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. " කතාව නම් " මං සුදනා " .මේ පාඩුව තනිකරම ජනාධිපති නටපු කෝලමේ විපාක.

:       564       595

රාජුන් Thursday, 10 January 2019 02:41 AM

ඇයි අපිට මෙහෙම සල්ලි ගන්න සිදු වුනේ කියන එක අපි කවුරුත් හිතලා බලන්න ඕනි. අපිට ඉන්දියාවෙන් සල්ලි ලැබුනා කියමින් පාරම් බාන එක නවත්තලා. මෙහෙම වෙන එක රටක් වශයෙන් විලි ලැජ්ජා නැති දෙයක්.

:       0       416

RaveendraThursday, 10 January 2019 06:35 AM

ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. මේ 225 වූ අයගේ ලැජ්ජාව කෙසේවෙතත් බලය සහ මහජන මුදල් හොරාකන්න තියෙනවා .....

:       0       71

lankaThursday, 10 January 2019 10:06 AM

රාජුන්, අපිට මෙහෙම සල්ලි ණයට ගන්ට වුනේ අපි ජාතියක් හැටියට අපට ලැබෙන අදායමට වඩා වියදම් කරන නිසයි. අපේ ආනයන/අපනයන පරතරය පමණක් ඩොලර් බිලියන 10 කට වඩා වැඩියි. මේ පරතරය පියවීමට අපි හැමදාම ණය ගන්නවා.

:       0       0

kamal Thursday, 10 January 2019 03:08 AM

ඉවසගන්න බෑ සතුට. හිගාකන එක නවත්තල නිදහස් නිරවුල් රටක් වෙන්න හිතන්නේ කවදද?

:       0       157

maaraya Thursday, 10 January 2019 03:51 AM

නිකන්ද දෙන්නේ? මුළු ගිවිසුමම මහජනයාට පෙනෙන්න දාන්න. රටේ ගොඩක් ගිවිසුම් හොරෙන් ගහන්නේ. අන්තිමට වැරදි එක එක අයට දාල අන්තිමට ගෙවන්නේ පොදු ජනතාව.

:       2       144

lankaputha Thursday, 10 January 2019 04:05 AM

අර්ජුන් මහේන්ද්‍රන් ඉන්දියාවේ මහා බැංකුවේ ආයෝජනය කරලා වගේ

:       5       93

upali Thursday, 10 January 2019 04:59 AM

හොරාකන්න නැවත වතාවක්.

:       2       33

Sanath Kandy Thursday, 10 January 2019 05:36 AM

මේ දෙගොල්ල මාරුවෙන් මාරුවට ඉන්දියාවටයි චීනෙටයි රට උකස් කරනවා. අපි කවදද මේ ණය උගුලෙන් ගැලවෙන්නේ. අවුරුදු 70ක් තිස්සේ ආපු පාර දැන්වත් වෙනස් කරමු. රටට විකල්පයක් ගැන හිතමු.

:       0       202

mahesh Thursday, 10 January 2019 06:12 AM

මේක ඉංගිරිසි පත්තර වල තියෙන්නේ මිලියන 400 කියලා ! ඒ කියන්නේ කෝටි 40.

:       0       70

amila Thursday, 10 January 2019 06:24 AM

මහ බැංකුව හොරා කාපු අයගෙන් සල්ලි අය කරගන්න. මහ බැංකුව වැටුනේ යහපාලන කාරයෝ හොරා කාපු නිසා. කොච්චර තව ආධාර ආවත් ඒවත් හොරා කනවා මේ කට්ටිය. අනික ඉන්දියාව චීනේ මේවා දෙන්නේ ආදරේටනම් නෙමේ. ගිවිසුම්වල අන්තර්ගතය අපිටත් දැන ගන්න ඕන නැත්නම් විදවන්න වෙන්නේ අපිටම තමයි මේ ආණ්ඩුව බලේ ඉන්නේ තව මාස කීපයයි ගහන ගිවිසුම් ටික ගහල එයාල පවුල් පිටින්ම රට පැන ගනී.

:       0       200

rajith Thursday, 10 January 2019 06:27 AM

ඩොලර් කෝටි 400 නෙමේ ඩොලර් මිලියන 400 ක් ඒ කියන්නේ ඩොලර් කෝටි 40 යි

:       309       7

casmir Thursday, 10 January 2019 07:02 AM

මේ රටේ දේශපාලකයෝ අද ගන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ විතරයි. නිෂ්පාදන ආර්ථිකයක් නැතුව මේ රට හදන් බැහැ. රටේ ශ්‍රම බලකායෙන් ලක්ෂ13ක් ත්‍රී වීල් වල කාලේ කනවා. කොන්ද පණනැති පිරිමින්ගේ භාර්යාවෝ ගෘහසේවයට ගිහිල්ලා තමුන්ගේ පවුල් නැතිකර ගන්නවා. රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය පුළුවන් තරම් තරම් වැඩිකරනවා. දැන් එ්ක 16%ක්, සමහර රජයේ කාර්යාලවල ඉඩගන්න පුටු නැහැ, දේශපාලකයින්ගේ සහ ඒ අයගේ කාර්යමණ්ඩලවලට වසර 5න් විශ්‍රාම වැටුප්… මේවා නවත්තන්නේ නැතුව රට හදන්ඩ බැහැ..

:       0       0

දිලුම් Thursday, 10 January 2019 07:02 AM

අනේ අපිට හරි සතුටුයි. අපිට බඩ කට පුරා කන්න දැන් හිඟමන් ගොඩක් ලැබෙනවා. ලැජ්ජනැති ජාතියක්... ඉන්දියාව ආරේට දෙන්න ඇති බලාහිටිල්ලා කන්න.

:       0       0

lal Thursday, 10 January 2019 07:17 AM

ඉන්දියානු මහ බැංකුවටත් අබ සරණයි..

:       0       0

Hafeel Thursday, 10 January 2019 07:22 AM

එක්සත් ජාතික පක්ෂ රජයේ ණය බර අඩුකරන හැටි.

:       0       0

jaya Thursday, 10 January 2019 08:05 AM

ගණන් පාස් උනාට ගණන් බැරි රටේ ඔව්ව කිව්වට වැඩක් නෑ

:       0       5

isurandi Thursday, 10 January 2019 08:17 AM

අන්න තව කාබන් බද්දක් කියලා එකක් හදුන්වලා දීලා. නැත්තම් ඉතින් මේ ගන්න විදිහට ණය පියවන්නේ කොහොමද.

:       0       0

Kith Jayasena Thursday, 10 January 2019 10:03 AM

කවුරුවත් නිකන් දෙන්නේ නැත.

:       0       0

Sudu Friday, 11 January 2019 01:28 AM

ඉන්දියාවේ එක කොටසක් වෙයි ලංකාව...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 134 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 147 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 92 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 181 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2004 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 554 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site