(චමිල් රූපසිංහ)
තමන් ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බවත් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුළු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) මහනුවර දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණ මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැකීමෙන් පසුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරත විය.
අස්ගිරි මහා විහාරය හා ඊට සම්බන්ධ විහාරයන් සංවර්ධනය කිරීම සහ මතුවන ගැටලු පිළිබඳව මහා නායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
"මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර නොගන්නා බවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදුදහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය තමන් හරියාකාරව ඉටු කරනවා" බවද එහිදි පැවැසිය.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉදිරියට තැබූ අඩියට පිටුපසට නොගන්නා බව සජිත් කියයි
siri Monday, 22 July 2019 09:39 AM
කන්නාඩියක් ඉදිරියට ගිහින් බැලුවම තමුන්ට තමුන් ගැනම තේරෙයි.
Chanak los angeles Monday, 22 July 2019 09:51 AM
මේවා ජනපති වුනාට පසුව කියන කතානේ . අනේ මන්දා මොලේ නරක් වෙලාවත්ද ?
mama Monday, 22 July 2019 10:18 AM
ඔන්න ලයිට් එක පත්තුවෙලා...
MD Monday, 22 July 2019 10:19 AM
අඩියක් තැබීම කෙසේවෙතත් අඩියක් ගහලා වගේ මේ දවස්වල දෙන ටෝක...
shan Monday, 22 July 2019 10:35 AM
ඔබතුමා තැබූ පය පිටිපස්සට නොතබන්න. ඒක හොඳ වැඩ සඳහා පමණක් භාවිතා කරන්න... ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනය ඉහළ නිලධාරියෙක් ඔබතුමා ගැන රටටම කියන කතාව සත්‍ය අසත්‍ය ගැනත් රටට කියන්න.
sirimal Monday, 22 July 2019 11:26 AM
කාගේ වුවමනාවටද දන්නේ නැහැ.. මේ පිරිසිදු වේගෙන එන වතුර කළය අායෙත් වතාවක් බොර කරන්නේ...
Bandula. Monday, 22 July 2019 11:52 AM
අනේ එන්නත් කලින් හීන දැකලා දරාගන්න බැරි වේවි.., ඔයාලගේම තවත් අය පොරකනවා නේද මේ ලොකු පුටුවට...?
Amal Monday, 22 July 2019 11:53 AM
එතකොට කූරගල පන්සලට විදුලිය දෙන වැඩේට විරුද්ධව කටයුතු කලේ මමද.. මට නිකන් පිස්සු වගේ..
thilakasiri Monday, 22 July 2019 12:01 PM
තමා විසින්ම තමාව මානසික රෝගියෙකු බවට පත්කරගෙන සිටින සැටි. එසේවීමට හේතුවූ තම හිතවතුන් ලෙස සිටිමින්... ඔය ගහේ කරටියේ දිරච්ච අත්තක තිබෙන පිලිලයකට තමාව නග්ගන්නට හදන හාදයින්ගෙන් ඉවත්ව තමා පක්ෂ නායකයා ලෙස සිටින ලෝක දේශපාලනයේ වත්මන් ප්රභූවරයා සහ ඔහුගේ හිතවතුන් සමග යාමට ඔය ගසෙන් බැස්සොත් පමණයි ඔය මානසික රෝගය සුවපත් කරගත හැක්කේ. එ්කට ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. අංගුලිමාල මිනිසුන් 999 ක් මරලා රහත් වූ ධර්මයක් වන බුදු දහමයි අපි අවබෝධයෙන් දකින්නේ. ඔබට හැකියාව තියෙනවා. එ්ත් මනෝමූල තත්වය ක්‍රියාවට නැගියහැකි ගුණාත්මක තත්වය මතුවන තුරු සිටිය යුතුයි. පස්මහ බැලුම් බලා බුදුවෙන්නට සුදුසු ගුණාත්මක තත්වය මතුවන තුරු බුදුවන්නට සියලු හේතු සම්පූර්ණ කළ බෝධිසත්වවරු තව්තිසා දෙව්ලොව වසන්නේ එ් නිසාය. ඔබ හිතුවාට ඔබයි සුදුසු කියා රටේ ඔබට වඩා සුදුස්සෝ වර්තමානයෙහි සිටිති.
Prabha Monday, 22 July 2019 03:39 PM
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් ගැන නම් එදා ඉඳන්ම උනන්දු වුණා කියලා රටම දන්නවා.