IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඉඩම් ප‍්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතුයි

(විනිතා එම් ගමගේ)

ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු බවත් ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

ඉඩම් ප‍්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එවන් නීතියක් සම්පාදනය කිරීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තියට හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු අතර රටේ අහිංසක දුක්විඳින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප‍්‍රමුඛ අරමුණ විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

එකම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද සිරිසේන මහතා කීය.

ඉඩම් පිළිබඳ  බලය ප‍්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද අදාළ  පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (20) පැවැති සාකච්ඡාවකදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන ඇමතිවරු ද අදාල අමාත්‍යංශ ලේකම්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (7)

ඉඩම් ප‍්‍රතිපත්තියක් ඉක්මණින් සම්පාදනය විය යුතුයි

Ariyathilaka Thursday, 20 June 2019 07:14 PM

රජයට අයිති කදුරට වතු ආශ්‍රිත ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම ඉතා කූඨ ආකාරයෙන් සිදු වෙමින් පවතී. වතු සමාගම් මගින් පාලනය වන ඉඩම් තුල, එම වතු වල සේවය කරන පවුල් වල පුද්ගලයන් විසින් අනවසරයෙන් වගා කිරීම, නිවාස තැනීම, විශේෂයෙන් මාර්ග ආශ්‍රිතව වෙළදාම් කිරීමට කඩ සෑදීම, කෝවිල් ඉදිකිරීම සිදු කර ඇත. මේ පිළිබඳව වතු සමාගම් වලින් හෝ අදාළ වසමේ ග්‍රාම නිළධාරි විසින් හෝ සොයා බැලීමක් කරන්නේ නැත. සුළුවෙන් පටන් ගෙන ස්ථීර ගොඩනැගිලි ඉදිකර තම භුක්තියට සවිකර ගනී. කදුරට වතු පරිපාලනය කරන පාලනාධිකාරීන් මේවා සොයා නොබැලීමත්, ඉඩම් සම්බන්ධ වගකිවයුතු නිළධාරීන් මේ ගැන සොයා නොබැලීමත් හා වතු ජනතාවගේ ඉහල දේශපාලන මැදිහත් වීම් ද මෙයට හේතු වී ඇත. අනවසරයෙන් භුක්ති විදින සියලු වතු ඉඩම් රජයේ පාලනය නතු කර අනවසර ඉදිකිරීම් වහා ඉවත් කළ යුතුය. මේ පිළිබඳව රජය විසින් විධිමත් අධීක්ෂණයකින් යුතුව නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක කළ යුතුය. මහජනතාවගේ පොදු දේපොළ කූට ලෙස, සාවද්‍ය පරිහරණයට ලක් වීම පොදු මහජනතාවට කරන බලවත් අසාධාරණයක්.

:       7       3

ඇත්ත සත්‍යපාල Friday, 21 June 2019 06:41 AM

ආරියතිලක ඔබ අහල තියනවද කියමනක්. ඇත්තට නිදා සිටින මිනිහ ඇහැරවන්න පුළුවන්, බොරුවට නිදියන එකා ඇහැරවන්න අමාරුයි කියලා. මේවා වෙන්නට හැර සියලු දෙනා නිදි. හේතුව පක්ෂ බේදයකින් තොරව මේ රටේ සියලුම දේශපාලුවෝ මේ රටේ පොදු සම්පතක් වන රජයේ ඉඩම් තරගයට තමන් සතු කර ගනිමින් ඉන්නවා.

:       0       3

kule Thursday, 20 June 2019 10:20 PM

රටක් අල්ලගන්නවනම් භූමිය අල්ලගන්න ඕන යුද්ද කරලා රට අල්ලගන්න උවමනා නෑ

:       0       1

රවින් Friday, 21 June 2019 12:34 AM

නැතිව නැතිව රටේ තියන වටිනා ඉඩම් සියලම දේශපාලුවෝ ටික කොල්ලකාගෙන දැන්ද මතක්වෙන්නේ පොදු ජනයා ගැන? කිඹුල් කඳුළු. මස්ටික හුරාගෙනම කළා කටුටික දැක්කම පොදු ජනයා මතක්වෙලා.

:       0       2

Bamunuarachchi Friday, 21 June 2019 12:46 AM

අක්කර 50 නීතියට මොකද උනේ. අනේ අපරාදේ සමහරු තමන්ට තිබුන අක්කර දහස් ගණනක ඉඩම් නැතිකර ගත්තා.

:       7       2

Chandima Friday, 21 June 2019 05:44 AM

වෙලා තියෙන ප්‍රශ්නය තමයි ජනාධිපති කලින් මොනවා මොනවා කිව්වත් පොරොන්දු උනත් අන්තිමේදී ඒක සිද්ධ වෙන්නේ රටට මහා නස්පැත්තියක් වෙන විධියට. මොකද අන්තිමට කැබිනට් එක ඔහුගේ පාලනයෙන් කනෙන් රිංගලා ගිහින් මේ පනත් රටට අවාසියක් වෙන විදියට සිද්ධ කෙරෙන එක තමයි පහුගිය කාලෙම වුනේ. උදාහරණයකට බලන්න කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට වෙන්න යන දේ. පොරොන්දු උනාට ගැරන්ටි නැහැ.

:       1       2

sudu redi hora Friday, 21 June 2019 07:08 AM

නිතර ඇහෙන "යුතුයි" කියන වචනය ඕන ගොන් බඳින කණුවකට කියන්න පුළුවන්. රටට හෝ දැයට යමක් කරලා "මම කලෙමි" කියා පෙන්වීම වෙනම දෙයක්.

:       0       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 929 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2095 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2420 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1244 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 317 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2398 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site