IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉංජිනේරුවරයා දොස්තරගෙන් කෝටි 4ක වන්දි ඉල්ලයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රූපලාවන්‍යාගාරයකට පැමිණි තම වෛද්‍ය බිරිඳ එම ස්ථානයේදී මියයෑමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 4ක මුදලක් එම රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය වෛද්‍යවරයාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

ඉංජිනේරු ගාමිණී චන්ද්‍රසේකර මහතා ගොනු කර ඇති මෙම නඩුවේ වගඋත්තරකරු ලෙස වෛද්‍ය නිමල් ගමගේ මහතා නම් කර ඇත.

ගොනු කර ඇති පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.

වගඋත්තරකාර වෛද්‍යවරයා කොල්ලූපිටිය ප‍්‍රදේශයේ රූපලාවන්‍ය ප‍්‍රතිකාරයන්ට සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.තම බිරිඳ වන වෛද්‍ය ප‍්‍රියංගනී පීරිස් මහත්මිය 2014 වසරේ අගෝස්තු 12 වැනිදා ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් වූවාය.ඇය එහිදී මරණයට පත් වූවාය.ඇයට දරු දෙදෙනෙක් සිටිති.මෙම මරණය සිදු වූයේ වගඋත්තරකරුගේ නොසැලකිල්ල හේතුවෙනි.

අද (16) දින මෙම නඩුව කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය හමුවේ විභාගයට ගැණිනි.

එහිදී කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දුමින්ද පෙරේරා මහතා සාක්කි ලබා දුන්නේය.

අදාළ රූපලාවන්‍යාගාරය සුදුසු තත්ත්වයේ නොවූ බවත් , හදිසි අවස්ථාවන්හිදී පාවිච්චියට අවශ්‍ය උපකරණ නොවූ බවත් සාක්කිකරු නඩු විභාගයේදී කියා සිටියේය.



අදහස් (5)

ඉංජිනේරුවරයා දොස්තරගෙන් කෝටි 4ක වන්දි ඉල්ලයි

Amila Tuesday, 16 October 2018 02:18 PM

2014 වුන සිද්ධියකට ඇයි දැන් කටයුතු කරන්නේ? ඇයි එ් දවස්වලම කටයුතු නොකර? මේවා තමයි රටේ නීතිය ක්‍රියාත්මක කරන අයතනයේ තිබෙන ගැටලු... මෙහෙම යල් පැන ගිය ඒවා බාරගන්න නිසා වෙන්නේ රටේ මුදල් වගේම කාලය නිකරුනේ නාස්ති වීමයි... මොකද මේවා විසඳන අායතන සහ පිරිස් නඩත්තු කරන්නේ මේ රටේ මහජනයාගෙන් ගන්න බදු මුදල් සහ රට ණය වෙලා ගන්න සල්ලිවලින්...

:       19       0

ගාමිණීWednesday, 17 October 2018 01:32 PM

සිද්ධිය පරණයි තමයි. ඒ වුනාට යුක්තිය ඉටු වීම අවශ්‍ය නෑ කියලා ද ඔබ කියන්නේ? ඔය නඩුවත් පරණයි. ඔය එක නඩු වාරයක් විතරයි. තව වසර කීපයක් යයි තීන්දුවක් එන්න. ඔය සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාවක් තවම නීතිපති ලග කියල ඔබ දන්නවාද ?

:       0       19

ලුම්බිණි Wednesday, 17 October 2018 03:57 AM

වැරදි කරන දොස්තරලාට විරුද්ධව නඩු කියන එක හොඳ දෙයක්.

:       0       3

ගිහාන් Wednesday, 17 October 2018 04:06 AM

ඉංජිනේරුවරයා නඩු දානකම් නීතිපති මොනවද කලේ ? සාමාන්‍ය අයෙකුට මෙසේ සිදුවුවානම් නඩු කියන්නේ කෙසේද ?

:       0       38

Pandula Wednesday, 17 October 2018 06:35 AM

මේ සිද්ධියෙදි මැරිලා තියෙන්නෙත් වෛද්‍යවරියක් නිසා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. මැරුනේ වෙන වෘත්තියක කෙනෙක් නම් මේ රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය වෛද්‍යවරයාට කිසි දෙයක් වෙන්නෙ නෑ ..

:       6       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 46 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 129 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 338 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 253 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 139 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site