ඇෆ්ඝනිස්ථානයේ මධ්‍යම බාමියන්හි සිදුවූ පිපිරීම් දෙකකින් 14 දෙනකු මියගොස්, 45 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පළාත් බලධාරීහු පවසති.
බාමියන් නගරයේ ප්‍රධාන කඩමණ්ඩියක මාර්ගයක් අසල බෝම්බ දෙක සඟවා තිබී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අය අතර රථවාහන අංශයේ පොලිසි නිලධාරීන් දෙදෙනකු සිටින අතර අනෙක් අය සිවිල් වැසියෝ වෙති.
ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායමක් වන තලේබාන්වරුන් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේවුවද ඇෆ්ඝනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සටන්කරුවන් අතර ඇතිවූ සටන් වලින් මේ වසරේ මුල් මාස නවය තුළ සිවිල් වැසියන් 6,000කට අධික සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා තිබේ.
මේ අතර අද (24) ජිනීවා නුවර පැවති සමුළුවකදී රටවල් 12 ක් පමණ ඇෆ්ඝනිස්ථානයට ඩොලර් බිලියන ගනනක ආධාර ලබා දීමට පොරොන්දු වී තිබේ.
ඇෆ්ඝනිස්ථාන රජය සහ තලේබාන් කැරළිකරුවන් අතර යුද්ධය අවසන් වනු ඇතැයි යන බලාපොරොත්තුව හමුවේ මෙම ආධාර ලැබෙනු ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිනි)
085
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට