නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට අද (18) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් පස් දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි.
තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර එක් බෝම්බකරුවකු පොලිස් මූලස්ථාන ගේට්ටුවේදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පුපුරුවා ගත් බව ද වාර්තා විය.
ප්‍රහාරය එල්ල වූයේ පක්තියා පළාතේ ගාර්දිස්හි පිහිටි පොලිස් මූලස්ථානයට යැයි ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නජීබ් ධනීෂ් මහතා පැවැසීය.
ගේට්ටුව අසළ බෝම්බය පුපුරා ගිය පසු ඉතිරි මරාගෙන බෝම්බකරුවන් 4 දෙනා පොලිස් මූලස්ථානය තුළට පැමිණ තිබෙන අතර පොලිස් වෙඩි පහරින් මරාගෙන බෝම්බකරුවන් දෙදෙනකු මියගොස් තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවැසීය. කෙසේ නමුත් පස් දෙනකුගේ මළ සිරුරු සොයාගත් බවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත් නගරයේ රෝහලේ වෛද්‍යවරු පැවැසූහ.
ප්‍රහාරයේ වගකීම බාරගනිමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් නිවේදනයක් නිකුත් කළ අතර බෝම්බ ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් 100කට වැඩි පිරිසක් මියගිය බවත් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවත් පැවසීය.
කෙසේ නමුත් තලේබාන් සංවිධානය ඔවුන් එල්ල කරන ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව සත්‍ය සංඛ්‍යාවට වඩා වැඩියෙන් ප්‍රකාශ කරයි.
(රොයිටර්-055)
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇෆ්ගනිස්තානයේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක්
ධම්ම Sunday, 18 June 2017 09:58 AM
ඇමෙරිකාව මුලික ආක්‍රමණික හමුදාව වහාම රටින් පිටවෙනු! වසර දහස් ගණනක් බාමියන් බුදුපිළිම දිවිහිමියෙන් ආරක්ෂාකළ තලේබාන්වරු අනුන්ගේ රටවල් අල්ලන්න ගියේ නැත.