ඇමරිකාවේ කොරෝනා ආශ්‍රිත මරණ 500,000 ඉක්මවීමත් සමග ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීය.
"අද දින අපි දරුණු, හද කම්පා කරවන සන්ධිස්ථානයක් සනිටුහන් කරමු. අද වනවිට මේ කුරිරු රෝගයෙන් ඇමෙරිකානුවන් 500,071ක් මිය ගොස් තිබේ. අද දිනය මතක තබා ගන්නැයි මම සියලු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලමි. අපට අහිමි වූවන් මතක තබා ගන්න. අප අතහැර ගිය අය මතක තබා ගන්න. ජාතියක් වශයෙන් මෙවන් කුරිරු ඉරණමකට ලක්වීම අනුමත කළ නොහැකියි. මේ ශෝකීවීම කෙසේ හෝ නැවැත්විය යුතුය. අපට අහිමි වූ මිනිසුන් අසාමාන්‍යයි. ඔවුන් පරම්පරා ගණනාවක් පුරා දිව යයි. ඔවුන් ඇමෙරිකාවේ උපත ලද හෝ ඇමෙරිකාවට සංක්‍රමණය වූ අයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අවසන් හුස්ම ගත්තේ ඇමෙරිකාවේ පමණි." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
ඇමරිකාවේ ජනාධිපති, උප ජනාදිපති සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ධවල මන්දිරයෙන් පිටත ඉටිපන්දම් දැල්වූ අතර විනාඩියක නිෂ්ශබ්දතාවයේ සිටියහ.
රජයේ ගොඩනැගිලිවල සියලුම ධජ දින පහක් අඩකුඹු කර තබන ලෙස ජෝ බයිඩන් මහතා නියෝග කර තිබිණි.
ධවල මන්දිරයේදී බයිඩන් මහතා කථාව ආරම්භ කළේ කොරෝනා හේතුවෙන් ඇමරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව පළමුවන ලෝක යුද්ධයේදී හෝ දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ මරණ සංඛ්‍යාවට වඩා වැඩි බව සඳහන් කරමිනි.
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඇමෙරිකාවෙන් වාර්තා වන අතර එය මේ වනවිට මිලියන 28.1 ඉක්මවා තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පනී