IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 47,000ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (30) දිනයේදී වාර්තා විය.

එම ගණන 47,000 ඉක්මවූ අතර නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය යැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් අඟහරුවාදා දිනයේදී ඇමෙරිකාවෙන් වයිරස ආසාදිත මරණ 1,199ක් වාර්තා විය. ජූනි 10 වැනිදායින් පසුව දිනක් තුළ වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,000 ඉක්මව වූ පළමු අවස්ථාව ද එය විය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පළමු නව කොරෝනා වයිරස ආසාදිතයා වාර්තා වූයේ ජනවාරි 20 වැනිදා ය. මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,653,783කි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 127,314කි. වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන 784,602කි.

තවමත් ලොව වැඩිම නව කොරෝන වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

රොයිටර්

055



අදහස් (0)

ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 47,000ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 14 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 35 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 164 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 52 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 170 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 321 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1495 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1401 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site