IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව හුවාවි සමාගම අවතක්සේරු කරනවා

බීජිංහිදීය (ඒ.එෆ්.පී)

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සමාගමේ ගෝලීය අභිලාෂ අවහිර කිරීමට උත්සාහ කරන බවත් ඇමෙරිකාව සිය සමාගම අවතක්සේරු කර ඇති බවත් හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි මහතා පැවැසීය. 

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හුවාවි සමාගමේ ව්‍යාපාරික කටයුතු නැවැත්වීමටත් හුවාවි සමාගමට තහනමක් පැනවීමටත් එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ඉකුත් දිනෙක පියවර ගත්තේය. 

පස්වැනි පරම්පරාවේ තාක්ෂණය (5ජී) හඳුන්වා දීමෙන් පසු හුවාවි සමාගම අනෙකුත් සමාගම්වලට දැඩි තරගයක් දෙමින් ඉදිරියට පැමිණි අතර ඇමෙරිකාව එම සමාගමට තහංචි පැනවීම එහි එක් පියවරක් යැයි ද ඇතැම් පාර්ශව සඳහන් කළහ.

ඇමෙරිකාව හුවාවි සමාගමට සම්බාධක පැනවීමෙන් පසුව හුවාවි ස්මාර්ට් ජංගම දුරකතනවලට ඇන්ඩ්‍රොයිඞ් ඇතුළු ගූගල් සේවා හා පහසුකම් සැපයීම නවතා දැමීමට ගූගල් සමාගම තීරණය කළේය. 

“ඇමෙරිකානු දේශපාලනඥයන්ගේ වත්මන් හැසිරීම අපේ ශක්තිය අවතක්සේරු කිරීමක්” යැයි රෙන් මහතා කීය. 

ඉහත සිදුවීම් දාමයෙන් පසු චීන රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හුවාවි සමාගමේ නිර්මාතෘවරයා එම කරුණු සඳහන් කළේය. 

“හුවාවි සමාගමේ 5ජී තාක්ෂණයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. 5ජී තාක්ෂණය ගැන කිව්වොත් තවත් අවුරුදු තුන හතරක් යනකං අනෙක් කිසිවකුටවත් අපි අල්ල ගන්න බැහැ” යැයි ඔහු කීය. 

055



අදහස් (3)

ඇමෙරිකාව හුවාවි සමාගම අවතක්සේරු කරනවා

Rasika Tuesday, 21 May 2019 10:59 PM

මේක තම ඇමෙරිකාව හදුන්වල දුන්න නිදහස් ආර්ථිකය කියන්නේ.. ඇමෙරිකාවට අනෙක් රටවල වෙළදපොලට ඇතුල්වෙන්න ඕනේ උනහම එක නිදහස් ආර්ථිකය වෙනවා. එයාලගේ වෙළද අදිකරියට තර්ජනයක් වෙනකොට මොනවහරි දාල නවත්වනවා.

:       27       139

රවින් Tuesday, 21 May 2019 11:05 PM

හා හා ට්‍රම්ප්ට තියන අමාරුව ඒකයි එහෙනම්. අවුරුදු තුන හතරකට තාක්ෂණයට කිට්ටුවෙන්න බැරි එක. ලෝකෙට ලොක්කා මං තමයි. මට වැඩි ලොකුකම් කව්රු කරාවිද... /

:       0       47

බන්දුසේන Wednesday, 22 May 2019 05:45 AM

චීන අය කවදාවත් තමුන්ගේ නිර්මාණයක් කරලා නැහැ. අනික් රටවල නිෂ්පාදන කොපිකිරිම තමයි කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 18 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 514 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 896 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 754 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1022 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 786 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site