IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමෙරිකා ගිවිසුම ගැන අධ්‍යයනයකින් තොරව තීන්දුවක් එපා

(අජන්ත කුමාර අගලකඩ)

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රදානයක් හිමිවන බව පවසා ඇත.

ඉකුත් අවස්ථාවකද මෙම ප්‍රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බව පවසා ඇති මංගල සමරවීර මහතා මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බව සඳහන් කර ඇත.



අදහස් (4)

ඇමෙරිකා ගිවිසුම ගැන අධ්‍යයනයකින් තොරව තීන්දුවක් එපා

Raveendra Wednesday, 26 June 2019 02:10 AM

මේ අය මෙතෙක් කල් කරේ අධ්‍යයනයෙන් තොරව තීන්දු තීරණ ගත්ත එකනේ. ඉතින් අලුතෙන් වෙනම හිතන්න 225 ම මැරිලා ඉපදෙන්න ඕනේ.. එහෙම වෙලත් විස්වාස නැහැ

:       0       0

යසන්ත Wednesday, 26 June 2019 02:37 AM

මොන මෝඩ කතාවක් ද! කොයි තරම් පොඩි ගිවිසුමක් වුනත් හැම ඡේදයක්ම පරීක්ෂා කරන එක සාමාන්‍ය දෙයක්!

:       0       0

buddhika Wednesday, 26 June 2019 03:39 AM

අතිගරු ජනාධිපතිතුමනි, රටේ නායකයා වශයෙන් මෙම කරුණු පුද්ගලිකව සොයාබලා තම තීරණය රටට කියන්න. ඔබතුමා ජනතාව පත්කරගත්තේ රටේ නායකයා ලෙස සෘජු තීරණ ගැනීමටය. ඇමෙරිකාව වැනි රටවල් අමනාප නොකරගෙන රටේ අනාගතය පිටරට වලට නොවිකුණන අයුරින් කටයුතු කිරීම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමු

:       0       0

Nuwan Wednesday, 26 June 2019 05:51 AM

කරුණාකරලා මෙම භයානක ගිවිසුම ගැන අන්තර්ජාලයේ වෙනත් වාර්තා සහ ඔය ගිවිසුම නිසා ජපානය, පිලිපීනය වැනි රටවල් බැට කාපු හැටි සොයලා කියවලා බලන්න. කොටින්ම ඇමරිකානුවෙක් ඔබේ දරුවෙකුට අතවරයක් කලොත් ඊට විරුද්දව ලංකාවේ නීතිය යටතේ ඔබට මුකුත් කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 3 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 13 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 42 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 403 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2987 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1668 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site