IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමැතිවරුනි! රට විමසිල්ලෙන් වැඩ මිස හැඩ එපා

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලය ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී ඊයේ දිවුරුම් දුන්නේය. හැටනවලක්ෂයක ජන වරමින් ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ඉදිරි කාලය තුළ ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ අදහස් සහිත වගකීම දෙවුරට ගත් බල සෙනඟට එම වගකීම එයට හිමි නිසි ගැඹුරින්ම ඉටු කිරීමට ශක්තිය ලැබේවා යන්න ලංකාදීපයේ ප්‍රාර්ථනය වේ. එමෙන්ම නව කැබිනට් මණ්ඩලයට අපගේ උණුසුම් ශුභාශිංසන පිරිනමමු.

මෙවර කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුවේ අලුත්ම ආකෘතියකටය. පළමුවෙන්ම කැබිනට් ඇමැතිධුර හා රාජ්‍ය ඇමැති ධුර ගැසට් කරනු ලැබීය. විෂය පථ හා ආයතන නම්කරනු ලැබීය. ඒ ඒ වගකීමට නිසි පුද්ගලයා තෝරාගනු ලැබුවේ ඉන් පසුවය. මෙය අලුත් දේශපාලන සංස්කෘතියක ආරම්භයකි. එබඳු අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව සමාජය තුළ මතුවූයේ ඇයිද යන්න තම තම නැණ පමණින් වටහා ගැනීම නව කැබිනට් සගයන්ගේ වගකීමය. එම ජනතා අභිලාෂ අමතක කළ ගමනක් ඉතිරිව නැති බව සියලු දෙනා එළැඹ ගත් සිහියෙන් යුතුව වටහාගත යුතුය.

පෙර අත්දැකීම්වලට අනුව ඉදිරි කාලය වෙන්වනු ඇත්තේ පිළිගැනීම් උත්සවවලටය. සුදුසු නැකත එළැඹෙනතුරු නොනගතය ගතකරන මැති ඇමතිවරුන් ප්‍රදර්ශනය වීමය. අමාත්‍යාංශයේ පුටු මේස තිර රෙදි පමණක් නොව මල්පෝච්චි පවා වෙනස් කර අලුත් තීන්ත ආලේප කිරීමේ කටයුතුය. එබඳු මැති ඇමැතිවරුන්ට අපට කීමට තිබෙන්නේ ජනතාව බලා සිටින්නේ හැඩ දෙස නොව වැඩ දෙස බවයි. ජනයාගේ ඒ වුවමනාව සමග සූදු කෙළියක නිරතවීමට කිසිදු කැබිනට් ඇමැතිවරයකුට අයිතියක් නැත.

මෙවර ආණ්ඩුවට තුනෙන් දෙකක බලයකි. එයින් කියැවෙන්නේ 150 ඉක්මවූ මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ආණ්ඩුවට ඇති බවය. එහෙත් ඇමැතිධුර සංඛ්‍යාව 25 කි. රාජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව 39 කි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අතර ඇති හිඩැස්වලින් රිංගා යමින් ඇමැතිධුර සංඛ්‍යාව තවත් වැඩිකළ හැකි වුවද රටට බරක් නොවන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීම අගනා උපමා නැති ආදර්ශයකි. මෙබඳු ආදර්ශ සැපයීමේ දී ආණ්ඩු පක්ෂයේ සියල්ලන්ට ඇමැතිධුර ලබාදිය නොහැක. එම නිසා ඇමැතිධුර නොලැබූවන් මේ මොහොතේ කෙසේ කටයුතු කරනු ඇත්දැයි යන්න ජනතාවගේ නිරීක්ෂණයට ලක්වී තිබේ.

ඇමැතිධුර නොලැබුවෝද කැමැති ඇමතිධුර නොලැබුවෝද ඇමැතිධුර අපේක්ෂාවෙන් සිටියද රාජ්‍ය ඇමැතිධුර ලැබුවෝද ආදි වශයෙන් නානාප්‍රකාර අය මෙම කැබිනට් මණ්ඩලයේ සිටිති. ඔවුන්ගෙන් ඇතැමකු රටට විහිළු සැපයීමට ඉදිරිපත් විය හැකිය. එබන්දන් කෙවිටෙන් තලා පිටමන් කිරීමට ජනතාව වගබලා ගත යුතුය.

මැති ඇමැති තනතුරු යනු වගකීම්ය. එසේ නොමැතිව ඒවා පළඳනා නොවේ. මහජනයාගේ අනුමැතියෙන් රට හදන තැනට තේරීපත්වු ජනතා පුත්‍රයන්ට රටට වැඩ කිරීමට ලැබුණු අගනා අවස්ථාවකි. ඒ බව තේරුම් නොගෙන නාහෙන් අඬන්නේ නම්, කකුල් මාට්ටු දමන්නේනම්, පිටට පිහියෙන් අනින්නේනම් ඒවා ජනතා අභිලාෂවලට එරෙහි ඒවා වේ. හැත්තෑ දෙවසරකට පසු මෙරට ජනයා ඉල්ලා සිටින්නේ බලකාමී ගමනක් නොවේ. යසස් කාමයෙන් කුල්මත් වූ ගමනක් නොවේ. පදවි ලෝභයෙන් අන්දුන් කුන්දුන් වූ ගමනක් නොවේ. එහෙයින් ගමනේ ගැඹුර දැන ගමන් කිරීම සියල්ලන්ගේම වගකීමය.

මැති ඇමැතිවරුන්ට විශේෂ වරප්‍රසාද තිබෙන බව සත්‍යයකි. ඒ වරප්‍රසාද අතර අසනීපයකට ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යාමේ අවස්ථා ආදී බොහෝ අවස්ථා ඇත. ජනාධිපති අරමුදලද ඒ වෙනුවෙන් නිරතුරුව සැදී පැහැදී සිටී. ඒ අනුව මෙරට ජනී ජනයාට නොමැති විශ්වාසවන්ත රක්ෂණයක් ගරු කටයුතු මහජන නියෝජිතයන්ට තිබේ. එහෙත් අවශ්‍ය වන්නේ එම වරප්‍රසාද භුක්ති විඳීම නොව ඒවායේ ප්‍රතිලාභ මෙරට ජනයාට අත්පත්කර දීමය. මෙරට සෑම අතින්ම සංවර්ධනය වී තිබේ නම් පිටරට පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත.

මනාප ක්‍රමය සහිත මෙම පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමද ජනතාවගේ අපේක්ෂාවකි. මෙම අපේක්ෂාව තව දුරටත් කල්දැමිය යුතු නැත. වහා ක්‍රියාත්මක කළ යුත්තකි. පක්ෂ විපක්ෂ සියලු ජනයා එබඳු බලගතු ජයග්‍රහණවල කොටස්කරුවන් වීමට අපේක්ෂාවෙන් සිටිති.

(***)



අදහස් (9)

ඇමැතිවරුනි! රට විමසිල්ලෙන් වැඩ මිස හැඩ එපා

Perera Thursday, 13 August 2020 06:10 AM

පොල්, කිතුල්, තල්, වේවැල්, පිත්තල, මැටි වගේ ඇමැතිලා හැඩටද? වැඩටද? කියලා ලංකාවේ සුලුතරයකට පමණයි වැටහෙන්නේ...

:       45       187

ranaFriday, 14 August 2020 02:03 PM

ඔන්න කලුවර ලී වලින් හදපු කැබිනෙට්ටුව.. බලාගන්න. හොඳට තියේවි...!!! ආයෙත් නවත්තපු තැනින් පටන් ගන්නයි යන්නේ...

:       0       0

sharm warn Thursday, 13 August 2020 06:18 AM

අනේ, අපිට මේ වැඩක් නැති පාලකයින් නඩත්තු කරලා එපාවෙලා හෙම්බත්වෙලා ඉන්නේ... ඔබේ කතාව තමයි අපිත් කියන්නේ... නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ.. මේ සුදු රෙදි හොරුන් මොන දේ කළත් අන්තිමේදී බත්මුලටයි, සල්ලි සොච්චමකටයි ආත්මෙම පාවලා දෙන්න තරමට අපේ ඡන්ද දායකයෝ පිරිහිලා... ඒකට මොනවද අපි කරන්නේ...? එතන තමයි ඛේදවාචකය තියෙන්නේ..

:       69       346

RaveendraThursday, 13 August 2020 12:36 PM

සහතික ඇත්ත. කෙසේවෙතත් බදුමුදල් ගෙවන අහිංසක මහජනතාවට කැටයම් දාන නරින් හෝ මෝස්‌තර දාන දියබරියන් නැවත නැවතත් අවශ්‍ය නැත.. අවශ්‍ය වන්නේ අවංකව එඩිතරව ලංකා මාතාව වෙනුවෙන් වැඩ කරන ලක්මවගේ දු පුතුන්ය..

:       0       207

ආනන්ද පිටබැද්දර Thursday, 13 August 2020 06:25 AM

ඉතාම හොඳ ලිපියක්. අපිත් ඡන්දය දුන්නේ අතිගරු ජනාධිපතිතුමා ගැන ඒකායන විශ්වාසය තියලා. එම විශ්වාසය නම් හරියටම හරි... සියළු දෙනාටම උතුම් දළදා සමිඳු පිහිටයි.

:       25       326

rana Thursday, 13 August 2020 06:56 AM

එනකොට එන්නේ, ඉන්නකොට ඉන්නේ, යනකොට තියන දේ, අනේ අපොයි අවුරුදු 72න් පසුවත් තාම තේරිලා නැති හැටි, පව්නේ?

:       40       197

Champa Thursday, 13 August 2020 07:24 AM

කලිනුත් ලිව්වා වගේ, රාජ්‍ය ඇමති ධුර ටික කළු සුද්දෝ ටිකක් ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියෙන් නම්දාලා සිංහලට පර්වර්තනය කරපු එකක් මිසක්, සිංහලෙන් හිතලා සිංහලෙන් ලියපු එකක් නෙමේ. මේ රාජ්‍ය ඇමති ධුර නාමාවලිය අතිශය ග්‍රාම්‍යයි. හිනායනවා ලැයිස්තුව දැක්කාම. වියත්තුන්ට රට බාරදෙන්න කියලා ඉල්ල ගත්තාට මොකෝ? රාජ්‍ය ඇමති ධුරවලට අදාළ අමාත්‍යංශවලට මේ දාලා තියෙන නම්වල තියෙන්නේ අදාළ රාජ්‍ය ඇමතිගේ කාර්යභාරයන් ටික මිසක් අමාත්‍යාංශයකට කියන්න පුළුවන් විධිමත් නම් නෙමෙයි. කැබිනට් හරි, රාජ්‍ය හරි, මොනවා හරි අමාත්‍යාංශයක් වුණාම පැහැදිලි නමක් තියෙන්න එපෑයැ. කිසි කෙනෙක්ට මේ වගේ විකාර නම් මතක තියා ගන්න බැරි හින්දා මිනිස්සු, "බතික් වැඩ ඇමති, ටින්කරින් වැඩ ඇමති, මැටි ඇමති, ඉස්සා ඇමති, අලි ඇමති, ළූණු මිරිස් ඇමති, කිරි බිත්තර ඇමති, තේ ඇමති, කිතුල් පොල් ඇමති, ගමේ කුඹුරු ඇමති, බඩ ඉරිඟු ගම්මිරිස් ඇමති, ගුදම් ඇමති, බෝක්කු ඇමති, මැණික් ගල් ඇමති, තව ඔය වගේ, මට අනිත්වා මතක නැහැ... නම් දාගනියි. වියත්තු දීපු මේ කොමික් ලිස්ට් එක ගැන රාජපක්ෂ මහත්තුරුත් ටිකක් හිතන්න තිබුණානේ. මිනිස්සු මේ ගොල්ලන්ට සහෝදරයෝ කියන්නේ මේක හින්දා වෙන්නැති.

:       158       164

බද්රානි Thursday, 13 August 2020 07:56 AM

මේ පත්වී සිටින බොහෝ මැතිඇමතිවරු, විශාල පළපුරුද්දක් සහිත මේ වනවිටත් රට වෙනුවෙන් ජාතික මෙහෙවරක් සිදුකළ අය බව ආයේ අමුතුවෙන් කිවයුතු නොවේ. ජනතා සේවය වෙනුවෙන් ඔවුන් කළකැප කිරීමට, කෘතගුණත්වය ජනතාව පෙරලා ඔවුන්ට ලබාදී තිබෙනවා. දේශපාලකයින් මත යැපෙන ජනතාවක් නඩත්තු කිරීම පහසු කාර්යයක් නොවේ. නමුත් අප රටේ පාලකයින් ඒ කාර්යය මනාව ඉටුකරනවා. නොමිලේ ලැබෙන අධ්‍යාපන, සෞඛ්‍යය මෙන්ම සුවපහසු ප්‍රවාහන පහසුකම් ගැන අප සතුටු විය යුතු නොවේද? ජනතාවට එවන් මහඟු සේවයක් කරන ඔවුන් හට අසනීපයක් වැළඳුණු විටක, ලොව සුපිරිම රෝහලකින් ප්‍රතිකාර කිරීමට ජනතාවගේ මුදලක් වැය කිරීම, ජනතාවගේ යුතුකමක් ඉටුකළා යන හැඟීමකිනුයි කළ යුත්තේ. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපි, ඈත අතීතයේ රටේ ජනතාව, රජතුමා ඇතුළු ඇමති මණ්ඩලයට කොතරම් ආදර, භය, භක්තියෙන් ගරුසරුව සිටියාද යන්න අප ආදර්ශයට රැගෙන වර්තමානයේ ජීවත් වීමට හුරුවිය යුතුයි.

:       10       1

siri Thursday, 13 August 2020 08:34 AM

2/3 ‘‘තීරක බලය...‘‘ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසා මෛත්‍රීපාල මහත්මයාට නියෝජ්‍ය අගමැතිකම දෙන්න යනවා කියන්නේ ඇත්තද? අනේ අනිච්ඡං...

:       77       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 864 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 166 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1039 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1069 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1371 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1224 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site