IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැතිවරුන්ට අයත් විෂය පථයන් ගැසට් කරයි

(රන්ජන් කස්තුරි)
 
නව රජයේ ඇමැතිවරුන්ට අයත් අමාත්‍යංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර තිබිණ.
 
එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශයට ආයතන 31ක්ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයට ආයතන 48ක්ද, අග්‍රාමාත්‍යවරයාටම අයත් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයට ආයතන 23ක්ද, අයත් වේ. මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ම අමාත්‍ය ධූරය දරන නාගරික සංවර්ධන ජල සම්පාදන නිවාස පහසුකම් අමාත්‍යංශයට ආයතන 17ක්ද අයත් වේ.
 
මීට අමතරව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ආයතන 20ක්ද, ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයට ආයතන 6ක්ද, නිපුණතා සංවර්ධනා රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශයට ආයතන 19ක්ද අයත් වේ.
 
කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයට ආයතන 14ක්ද, සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයට ආයතන 28ක්ද, එම ගැසට් නිවේදනය මගින් වෙන් කර තිබේ.

තොරතුරු සන්නිවේදනය තාක්ෂණ අමාත්‍යංශයට ආයතන 16ක් සහ උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයට ආයතන 28ක්ද අයත් වේ.
 
මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයට ආයතන 26ක් සහ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයට ආයතන 11ක්ද වෙන්කර තිබේ.
 
ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කාලගුණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට අයත් වේ.
 
මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය යටතට මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු ඇතුළු ආයතන අයත් වේ.
 



අදහස් (3)

ඇමැතිවරුන්ට අයත් විෂය පථයන් ගැසට් කරයි

විජිත් Wednesday, 11 December 2019 07:56 PM

මේක මාර ප්‍රශ්නයක්නේ.19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිට කිසිම අමාත්‍යාංශයක් තබාගත නොහැකිය. ඒ නිසා ගෝඨා ආරක්ෂක අමාත්‍යාංශය එයාගේ යටතේ තබාගැනීම යනු ව්‍යවස්ථාව කඩකිරීමක්... ව්‍යවස්ථාවට ගරුකරනවා ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දීපු ජනාධිපති ව්‍යවස්ථාව දනදැනම කඩා තියෙනවා නේද...? කොන්ද පණ තියෙන නීතිඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමුකළොත්... ජනාධිපතිව අයින් කරයිද...? නැතිනම් තංගල්ලේ චණ්ඩිකමෙන් තනතුරේ ඉඳීවිද...? ඒ ඔක්කෝටම කළින් කොන්ද නොකඩපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඉන්නවාද බලන්නත් ඕනෑ...

:       62       31

vijitha Thursday, 12 December 2019 01:04 AM

ආයතන 2/3ක්ම මැදමුලනට?

:       5       132

kamal fernando Thursday, 12 December 2019 08:02 AM

ජනතා කැමැත්තනේ...

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 789 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 102 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 319 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 751 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 246 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 306 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site