IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති මලික් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් ජර්මනියට

(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිගැන්වීම සහ මෙරට අපනයන කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා ඇතුළු ඉහළ පෙළේ දුත කණ්ඩායමක් ජර්මනිය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

ආර්ථික සංවර්ධනයට පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීමේ වර්තමාන රජයේ හිතකර ආයෝජන ප‍්‍රතිපත්ති නිසා ජර්මනිය මෙරට තුළ ආයෝජනය කිරීමට උනන්දුවන රටවල් අතරින් ප‍්‍රධාන තැනක් හිමිවන හෙයින් මෙලෙස ඉහළ පෙළේ දුත කණ්ඩායමක් එරටට පිටත්ව ගිය බවද එම මණ්ඩලය  කියයි.

අමාත්‍යවරයා සමඟ ගිය  මෙම දුත කණ්ඩායම ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන ප‍්‍රධාන නගර වලදී එරටේ ප‍්‍රධාන පෙළේ නිලධාරීන් සහ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ ආයෝජකයින් මුණගැසීමට නියමිත යැයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජර්මනියට ගිය දුත කණ්ඩායමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සභික මංගල යාපා, අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත ඇතුළු සංවර්ධන උපාමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වෙයි.  

මෙම රාජ්‍ය සහ පෞද්ගිලික අංශ නියෝජනය කරන දූත කණ්ඩායම ෆ‍්‍රැන්ක්ෆර්ට්, හැම්බර්ග් සහ බර්ලින් යන නගර කේන්ද්‍රකර පැවැත්වෙන  ආයෝජන සමුඵ කිහිපයකට සහභාගී වීමට නියමිත අතර එහිදී දෙරටේ ආයෝජකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද අයෝජන මණ්ඩලය කියා සිටියි.  

යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙසත් , නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වන ජර්මනිය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් රටක් බව අයෝජන මණ්ඩලය පෙන්වා දේ.



අදහස් (25)

ඇමැති මලික් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් ජර්මනියට

Cisco Friday, 21 September 2018 04:53 PM

ඔය ගමනම අර වොක්ස්වැගන් කම්හල විවෘත්ත කරන එකත් සාකච්ඡා කරගෙනම අාවා නම් හොඳයි !!!

:       1       245

Reality CheckFriday, 21 September 2018 11:40 PM

ෂූට්... ඔබ මට ඉදිරියෙන් දැම්මා! මමත් බලන් ඉන්නේ කවද්ද මේ වොක්ස්වැගන් කම්හල ඉදිවෙන්නේ කියලා.

:       0       15

කමනි Friday, 21 September 2018 06:22 PM

මේ පාර ජර්මනියේ කුණුත් ලංකාවට ගෙනෙන්නද දන්නේ නැහැ යන්නේ... මහජන ඡන්දයකින්වත් පත්නොවී, නිකම්ම නිකම් " පින් ඇමති " ලාට සල්ලි පෙනෙන්න බැහැ.

:       110       753

Sinhalaya Friday, 21 September 2018 06:44 PM

මහජන මුදල් මිලියන 50ක් වත් හෝටල් සහ ගමන් වියදම්වලට ඉවර කරලා ඇති. ගහපු බෙරේකුත් නැහැ, ඒකෙ පලු දෙකත් නැහැ අන්තිමට... අයියෝ රටේ අනාගත අනාගත්ත ආර්ථිකය !!!

:       0       1

alwis Friday, 21 September 2018 08:42 PM

කොච්චර දූත පිරිස් යැවුවත් වැඩක් වෙන්නේ නැහැ. ලංකාවේ බහුතර සේවකයෝ වැඩ පටන් ගන්නත් කලින් ඉල්ලීම් ඉල්ලනවා. වර්ජනය කරනවා. එවාට ආයෝජකයෝ කැමති නැහැ. රට හදන්න නම් අපි හැදෙන්න ඕනෑ.

:       56       220

Sunil Friday, 21 September 2018 10:43 PM

රට තවත් කන්නද යන්නේ?

:       55       90

yamuna Friday, 21 September 2018 11:17 PM

මේ පින් අැමැති පිනට ආණ්ඩුවේ සල්ලි වලින් රවුම් ගහනවා විතරයි. රටට වෙන දෙයක් නම් නැහැ.

:       46       310

විජිත් Saturday, 22 September 2018 02:21 PM

මේ කෙනාට සල්ලි දැක්කහම ඔක්කොම අමතක වෙනවා.. කුණු නොවෙයි...යුරෝපයේ වැසිකිලිවල අශුචි වුණත් කමක් නැහැ ...මිනිහාගේ කොමිස් එක බැංකුවට වැටෙනවා නම් එපමණයි. වලපයයි, ගොඩපයයි තියාගෙනත් කරන්නෙම මෙවැනි වැඩනේ... සිංගප්පූර් ගිවිසුමෙන් ලැබුණු කොමිස් මදි ඇති ... ඒක නිසා තමයි ජර්මනියට යන්න ඇත්තේ....

:       0       86

Vijitha Saturday, 22 September 2018 12:09 AM

මොනවා විකුණයිද දන්නේ නැහැ..!

:       0       108

Keepetipola Saturday, 22 September 2018 02:16 AM

මේ සමනලයා රටට කිසිම ආදරයක් තියෙන කෙනෙක් නෙවෙයි. තමා විසින් එජාප පක්ෂයට වියදම් කරපු සල්ලි දෙගුණ තෙගුණ කරමින් පිටරටවලින් අපේ රටට කුණු ගෙනැල්ල හරි යලි හම්බකරගන්න බලනවා මිසක් රටට ඵලදායි වැඩක් කරන කෙනෙක් නම් නෙවෙයි...

:       101       543

RaveendraSaturday, 22 September 2018 05:05 AM

සාමාන්‍යයෙන් හිකනැල්ලන්ට, ගැඩවිල්ලන්ට බත්කූරන්ට හෝහපුටුවන්ට, සලභයින්ට, මෙරූන්ට අප නම් සමනලයින් නොකියන බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. සමනලයා යනු ස්වභාව සෞන්දර්යය ඔපවත් කරන ඉතාම අහිංසක මෙන්ම සුන්දර ජීවියෙකි.

:       1       102

suddaSaturday, 22 September 2018 05:49 AM

සමනලයින්ට අපහාස නොකරනු... නමුත් සුරංගනාවක්ද නැද්ද කියා සොයා බලනු...

:       0       17

KANDEPOLA Saturday, 22 September 2018 05:03 AM

අපේ සල්ලි වලින් සවාරි ගිහිල්ලා ගෙනෙයි මෙන්න කියලා. මේ මිනිස්සු රටට, ජාතියට කිසිම ආදරයක් තියෙන මිනිස්සු නෙවෙයි. අවස්ථාවාදී තන්හාකාරයින්. මෙතෙක් රටට කරපු සේවයකුත් නෑ... රටේ දේපල පිට රටට විකුණන්න ගේම් ගැහුවා ඇරෙන්න. අගමැතිගේ හිතවත්කම ඇරෙන්න වෙන කිසිම සුදුසුකමක් නෑ.

:       0       97

NASRUDIN Saturday, 22 September 2018 06:21 AM

"යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙසත් , නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වන ජර්මනිය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් රටක් බව ..." දේශපාලන මන්ද පෝෂණයෙන් පීඩාවිඳින මේ අම්බරු රෑනට ඥානය පහළ වෙන්න දින 1161 ක් ( 2015/08/15 - 2018/09/21 ) දුෂ්කරක්‍රියාවට ගත වෙලා. මේකෙන් අපිට අපේක්ෂා කළ හැකි ප්‍රතිලාභ ලැබිලා ඒවා ක්‍රියාවට නංවන්න ලැහැස්ති වෙන කොට ඉතුරු දින (2018 /09/21 -2020/08/15 ) 766 ත් පාවී පාවී යාවී එතකොට .අනේ! ඉතිං සයිම කට් වෙලා. මේ රටේ අහිංසක විගමනික රට විරුවරියන් තම ශරීරය සහ හුස්ම ටික පරදුවට තියලා මෙරටට රන් මසුවෙන් දායාද කරන විදේශ විනිමයට යන කල දසාව...

:       0       63

de silva berlin Saturday, 22 September 2018 12:42 PM

මේ සංචාර වලින් වෙන්නේ අපේ මුදල් නිස්කාරණයේ වියදම් වීම පමණි. මෙවායින් වුණු කිසිම සුගතියක් නොමැත.

:       0       24

dias Saturday, 22 September 2018 01:01 PM

බොහෝ දෙනා අද විදේශීය ආයෝජන ගැන කියනවිට, රටට කුණු ආනයනය කිරීමක් ගැන දොඩවයි. ඊට හේතුව නම් ඒ බොහෝ දෙනාගේ සිත තුල ඇත්තේ කුණුවූ අදහස් පමණක් බැවිනි. ලංකාව වැනි රටකට විදේශීය ආයෝජකයින් පැමිණීමට මැලි කරන්නෙත් මේ කුණු මොළකාරයින් නිසයි. මක්නිසාදයත්, රටට ඵලදායී වැඩක් කිරීමට වඩා ඔවුන් කරන්නේ තමන්ගේ අයතිවාසිකම් ගැන කතා කිරීම සහ වර්ජන කිරීම ගැන පමණයි.

:       75       58

Bamunuarachchi Saturday, 22 September 2018 01:03 PM

මෙතන ලියන මහත්වරුනි, කරුණාකර අන්තර්ජාලයට ගොස් 2018 -08-21 යාපා සමග තිබෙන සාකච්ඡාවට සවන් දී ඔලු පිරිසිදු කර ගන්න. සාකච්ඡාව විනාඩි 101 කාලය අපතේ යාමක් නොවෙයි. දැනුම දියුණුවෙනවා.

:       43       0

බමුනගේඅච්චි Saturday, 22 September 2018 02:23 PM

යාපා නොවෙයි චාපා...

:       0       3

lakmalSunday, 23 September 2018 01:35 AM

හණමිටි කාරයෙක් පමණයි.

:       0       1

Bamunuarachchi Saturday, 22 September 2018 01:09 PM

"එහිදී දෙරටේ ආයෝජකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද අායෝජන මණ්ඩලය කියා සිටියි. " මේක දෙකොනින්ම හිනා යන කතාවක් නේද? අපේ අත්දැකීම් ජර්මනියට මොන බම්බුවකටද? එදා වේල කාලා ජීවත්වෙන මේ ආණ්ඩුවටයි, රටටයි ජර්මනියේ අත්දැකීම් මොන ඉටිගෙඩියක් කරන්නද? එ්කත් හරියට මොන්ටිසෝරි ළමයෙකුට පීඑච්ඩී උපාධියක් අැතිකෙනෙකු සමග සාකච්ඡා කර අත්දැකීම් බෙදාගන්න කිව්වා වගේ.

:       0       0

Bamunuarachchi Saturday, 22 September 2018 02:49 PM

"එහිදී දෙරටේ ආයෝජකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද අයෝජන මණ්ඩලය කියා සිටියි. " ආයෝජකයින් කොහෙද ලංකාවට එන්නේ? ලංකාවේ මහබැංකුවට වෙච්ච දේ ලෝකෙම දන්නවා. මේ රටේ බැංකුවක අපිත් මුදල් තැන්පත් කරන්න බය නම් පිටරට මිනිස්සු මුදල් තැන්පත් කරාවිද? ආයෝජකයින් ඒවිද?

:       0       49

Reality Check Saturday, 22 September 2018 05:34 PM

මේ දෙගොල්ලන්ට බැන බැන ඉඳල වැඩක් නැහැ. අප සියලු දෙනාට ඇති නිහඬ නමුත් ප්‍රබල ශක්තිය වන ඡන්ද බලය යොදා නව වැඩපිළිවෙලට ලබන 2020 දී 100/% සහයෝගය දී මොවුන්ගේ ජනතා විරෝධී, වක්‍ර සුරා කෑමට තිත තිබිය හැක. රටට නව චින්තනයක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත. කොඩිතුවක්කු මහතාගේ දේශනා වලට සවන් දෙන්න. දැනුවත් වෙන්න.

:       0       0

Nalaka Saturday, 22 September 2018 09:02 PM

අර කෝච්චි හදන කම්හලට ඉඩදෙන්න බැරිද රට ගැන හිතල කොමිස් ගන්නේ නැතුව? ඒ මිනිස්සු අවුරුදු 2ක් බලන් ඉන්නවලු ආයෝජනයට. කොමිස් ගන්නද ජර්මනියට යන්නේ?

:       0       0

rocky Sunday, 23 September 2018 01:34 AM

ආයෝජන ලැබෙන්නේ කොහොමද මිලියන ගනින් කොමිස් ඉල්ලනකොට? ආණ්ඩුවේ ඉන්න කාක්කන් හින්ද එකත් දැන් `කොමිසන් සභාවක්` වෙලා!

:       0       0

Nuwan Sunday, 23 September 2018 05:29 AM

රට මොනතරම් පොහොසත් උනත් බටහිර රටවල් වල ආයෝජනය වෙන්නෙ පෞද්ගලික මුදල්. මේවා ණයට ගත්ත සල්ලි. ඉතින් ආයෝජනය කරනකොට ඉතා පරිස්සමින් හොදට හොයල බලල කරනවා. ලංකාව වගේ අස්ථාවර රටක කවුද ආයෝජනය කරන්නෙ. ග්‍රීසිය , සයිප්‍රස් අර්බුදයට ගිය වෙලාවෙ ජර්මනියෙන් ණය ඉල්ලුවා මතකද? නමුත් චීනෙ මීට වෙනස්. මොකද චීන සමූහ ආණ්ඩුව ඒ රටේ සමාගම්, බැංකු පද්ධතිය යන මේ සියල්ල පිට්පස්සෙ ඉන්නවා. ඒ නිසා දේශපාලන කාරනා මත චීනයට ආයෝජන තීරණය කරන්න පුලුවන්. අද උනත් අපි එම් එෆ් එකට යන්නෙ නැතුව එක්සිම් බැංකුවට ගිහිල්ලා ඩොලර් ණයට ඉල්ලගන්න පුලුවන් . නමුත් එතනදි චීනය ඒ වෙනුවෙන් ඉතා වටිනා ඇපයක් ඉල්ලනවා. ඒක නව යටත් විජිත ක්‍රමයක් ලෙස හදුන්වාදී අවසානයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 114 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1066 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 138 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 312 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site