IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවේ වීසා රහිත වැඩසටහනට ලංකාව ඇතුළත් කර නැහැ

(තිළිණි ද සිල්වා)
 
ඇමරිකානු ‘වීසා රහිත වැඩසටහන’ට (Visa Waiver Program)  ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිරයමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.
 
වීසා රහිතව නිශ්චිත කාල සීමාවක් එක්සත් ජනපදයේ රැඳී සිටිය හැකි පුද්ගලයන් අයත් රටවල් 39 ක් ඇතුළත්ව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නාම ලේඛනයක් ද ඉදිරිපත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  මේ බව සඳහන් කර සිටී.
 
ඒ අනුව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරන වීසා රහිත ඇමෙරිකානු වැඩසටහනට අයත් රටවල්  39 අතුරින්  ජපානය,  බෲනායි,  සිංගප්පූරුව, තායිවානය සහ දකුණු කොරියාව යන රටවල් මෙම වරප‍්‍රසාදය ඇති  මෙම ආසියානු රාජ්‍යයන්ය.
 
පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ලෝක ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ඇතුළුවීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකාවට  ලොතරැයි දිනුමක් ලබා දී තිබෙන බවට  උපුටා දක්වමින් ඇතැම් ප‍්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර තිබිණි.
 
ඇමරිකාවේ වීසා රහිත වැඩසටහන යනු  එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්  දින 90ක් ඇමරිකාවේ ගත කිරීමට අවස්ථාවකි.

මෙකී වැඩසටහනට ඇතුළු වන රටවල වැසියන්ට ඇමරිකාවේ සංචාරය කිරීමට පැය 72 කට පෙර, අන්තර් ජාලයට ගොස් ඒ සඳහා පිරවිය යුතු පෝරමය පිරැවීමෙන් පසු ඩොලර් 14 ක් වැනි සුළු මුදලක් ගෙවා ඇමරිකාවට ඇතුළුවීමේ අවසර පත‍්‍රයක් ලබා ගත හැකි වේ.

ඉන්පසු ගුවන් ටිකට් පතක් රැගෙන ඇමරිකාවට ඇතුළු වෙද්දී පෙර කී අවසර පත‍්‍රය ආගමන විගමන නිලධාරීන්ට පෙන්වූ විට, ඇමරිකාව තුළ දින 90 ක් ගත කිරීමට අවශ්‍ය අවසරය ලබා දී රටට ඇතුළු කරනු ඇත.

මෙම අවසරය ලැබෙන්නේ සංචාරක සහ ව්‍යාපාරික කටයුතු සඳහා ඇමරිකාවට එන්නන්ට පමණකි. දින 90 ට වැඩි කාලයක් ඇමරිකාවේ ගත කරන්නේ නම් වීසා අයැදුම් කළ යුතුය.

https://travel.state.gov/content/travel/en/us-visas/tourism-visit/visa-waiver-program.html



අදහස් (5)

ඇමරිකාවේ වීසා රහිත වැඩසටහනට ලංකාව ඇතුළත් කර නැහැ

namali Sunday, 19 May 2019 12:13 PM

ශ්‍රී ලංකාව නැහැ තමා...

:       0       0

Saama Sunday, 19 May 2019 12:42 PM

හූ හූ හූ.... පව් අෆ්ෆා හූ....

:       0       0

Kumar Sunday, 19 May 2019 02:18 PM

ඊයේ ඔය කතාව මම ගිය විහාරස්ථානයේදී ලාංකිකයෙක් පැවසුවා. මෙම රටේ ජනාධිපති කියනදේ අනුවනම් එවැනි දෙයක් කවමදාවත් සිදුවෙන්නේ නැහැ.

:       0       0

nisha Sunday, 19 May 2019 03:00 PM

පව් දේශප්‍රේමී ලංකාවාසීන් දත මැද ගෙන ඇමරිකාවට එන්න හිතුවේ. තව අවුරුදු සීයෙකින්වත් වෙන්නේ නැහැ .

:       0       0

Ashan Monday, 20 May 2019 04:00 AM

ඇමරිකාවට ගොඩක් හොරෙන් පැනලා ඉන්නේ මුස්ලිම් අයයි. හැබැයි ලඟදීම එයාලට විස නැතිවෙයි. මොකද ගොඩක් අය හොරු නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 158 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 340 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 454 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 779 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1179 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 951 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site