IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇඳිරිනිතිය වෙලාවේ වස්ගමුවට ගිය ප්‍රා. සභා මන්ත්‍රීලාට ලක්ෂ 4 ක් දඩ

(ක.ග.කරුණාරත්න)

බලපත‍්‍රයක් නොමැතිව වස්ගමුව ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුලුවී එහි රැඳී සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක් හිමිනමක් ඇතුළු වග උත්තරකරුවෝ 28 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  අවස්ථාවේ සැකකරුවන් අදාල චෝදනාවලට වරද පිළිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 420,000ක දඩ මුදලක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත‍්‍රාත් අසේලද සිල්වා මහතා අද(28) නියෝග කළේය.
 
මෙසේ දඩ නියම වූයේ දෙහිඅත්තකණ්ඩිය සහ දිඹුලාගල ප‍්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත‍්‍රීවරු දෙදෙනෙකු සහ දෙහිඅත්තකණ්ඩිය, නුවරගල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයෙක වැඩ වසන හිමිනමක් ඇතුළු වග උත්තරකරුවෝ 28 දෙනෙකුටය.
 
සැකකරුවන් ජාතික වනෝද්‍යානය තුළට නීති විරෝධී ලෙස ඇතුළුවී  ඇත්තේ දිවයින පුරාම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පැවැති දිනයෙක, ඇඳිරි නීතිය සහ නිරෝධායන නීතිද උල්ලංඝනය කරමින් බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් වනජීවී නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.
 
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ  වනසත්ව  අඩවි ආරක්‍ෂක නිලධාරී ජී.එම්.චින්තක බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින්  පැමිණිල්ල මෙහෙයැවීය.



අදහස් (3)

ඇඳිරිනිතිය වෙලාවේ වස්ගමුවට ගිය ප්‍රා. සභා මන්ත්‍රීලාට ලක්ෂ 4 ක් දඩ

රවින් Thursday, 28 May 2020 10:50 AM

මන්ත්‍රී උණනේද? දඩය මදි. අඩුමගානේ කෝටි 4ක් වත් දඩගැසිය යුතුයි. දේශපාලුවන්ට දඩ ගැසීමට විශේෂිත ක්‍රමවේදයක් සැකසිය යුතුවේ. සාමාන්‍ය පුරවැසියකුට රුපියල් 50.00 ක දඩය දේශපාලුවෙකුට රුපියල් 50000.00 ලෙස වියයුතුය.

:       0       10

කුමාර Thursday, 28 May 2020 11:50 AM

හරි පුදුමයි... මේ අය මොන පක්ෂයේද කියල දාන්න බයයි ... අර නිකවැරටිය සිද්ධියේ මන්ත්‍රී ජේවීපී කියල දැම්ම ලොකුවටම....ශ්‍රී පාදේ ගිහින් අහු වෙච්ච මන්ත්‍රීලා මොන පක්ෂයේද කියල දැම්මෙත් නැහැනේ...

:       0       0

මාරයා Thursday, 28 May 2020 12:42 PM

මේ ඔක්කොමව එකට ගැටගහලා වෙඩිතියන්නයි තිබුනේ කැලෑවේදීම. ඊට පස්සේ බඩගින්නේ ඉන්න සත්තුන්ට කන්න දෙන්න තිබුනේ.

:       0       63

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 233 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 996 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 126 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site