IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇඳිරි නීතිය කඩ කළ 11,000ක් අත්අඩංගුවට

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 11,000කට අධික සංඛ්‍යාවක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද(03) පැවැසීය.
 
එසේම ගෙවී ගිය පැය 24 තුළදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1034 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඒ මහතා සඳහන් කළේය.
 
කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.



අදහස් (13)

ඇඳිරි නීතිය කඩ කළ 11,000ක් අත්අඩංගුවට

චුට්ටා Friday, 03 April 2020 02:36 PM

11000 කට කන්න දෙන්න කොයි තරම් වියදමක් යනවාද....? ඒ වියදම ගෙවන්න මහජනයා ලැහැස්ති නැහැ.ඒ මුදල් ඔය කියන අයගෙන්ම අයකර ගන්න නිදහස් කරද්දී.

:       0       75

ධම්ම Friday, 03 April 2020 02:56 PM

මේ සියල්ලෝම අයි ඩී එච් සහ හෝමාගම රෝහල්වල පවිත්‍රතා අංශවල වැඩට යොදවන්න. නිදහස් කරන්න එපා.

:       0       35

sudaFriday, 03 April 2020 09:20 PM

ඉස්සෙල්ලම කොළඹ නගරසභාවේ වැඩ සියලුම ක්ලීනින් වැඩ මේ කට්ටියටම දෙන්න... 11 000 ඉන්නවානේ. ගොඩක් කන්න දෙන්න එපා. දවසටම පාන් රාත්තලකුයි, සම්බෝලයි දෙන්න.හොඳට වැඩ ගන්න. බැහැ කිවොත් ...කන පැලෙන්න ගහන්න.

:       0       1

Prabha Friday, 03 April 2020 03:13 PM

ඉන්දියන් බෙහෙත ටිකක් දීලා බලමුද?

:       0       3

Raveendra Friday, 03 April 2020 04:10 PM

කරුණාකර " මුන්ගෙන් " අවශ්‍ය සේවාවන් සියල්ල නොමිලේම ගැනීමට කටයුතු කරනමෙන් අදාළ අංශවලින් ඉල්ලා සිටින්නෙමු. සියලුම පිරිසිදු කිරීම, ප්‍රවාහනයට අවශ්‍ය කම්කරුවන් ලෙස වැනි සියලුම වැඩ ගැනුම කල යුතුමය...

:       0       54

Aris Friday, 03 April 2020 05:34 PM

පොලිසියෙන් දඩ මුදලක් නියම කොට මේ මිනිස්සු නිදහස් කර හැරීම මේ අවස්ථාවේ කලයුතු සුදුසුම දේ ලෙසයි මා නම් සිතන්නේ.

:       0       57

kanthiFriday, 03 April 2020 09:24 PM

දඩ විතරක් මදි. කන පලලා යවන්න ඕනා.

:       0       1

vidya Friday, 03 April 2020 06:54 PM

මුළු ලංකාවම මානවලින් කලේ වැහිලා. මේ ගොල්ලන්ගේ ශ්‍රමය යොදල රට සුද්ද කරන්න යොදවන්න.

:       0       6

karunasena - angoda Friday, 03 April 2020 09:23 PM

අලුතින් සොයාගෙන පරීක්ෂණ තත්වයේ තියෙන කොරෝනා බෙහෙත ටෙස් කරමු. 11 000 ක් ඉන්නවානේ. ටෙස්ට් කරන්න සත්තු ඕන නැහැ. මේ තමයි නියමම සත්තු...

:       0       0

lalithm Saturday, 04 April 2020 03:39 AM

ඔය 11,000 න් සැලකිය යුතු කොටසක් එදා වෙලා හොයාගන්න යන අයවලුන්. මොන බොරු කියල පොලිසියෙන් බේරිලා යන්න ගිහින් අල්ල ගත්තත් හොයල බැලුවොත් මේක හොයා ගන්න පුළුවන්. එහෙම අයගේ පවුල් මේ වදෙන් තවත් අනාථ වෙනවා. කොමෙන්ට් දමන අය බොක්ස් සීට් වල ඉඳගෙන ඔහොම කිව්වට ඔය බොහෝ දෙනෙක්ගේ අම්ම තාත්තත් පවුලේ වෙනත් අයත් ඔය ගනයේම වෙන්න පුළුවන්. ටිකක් ඉගෙන ගෙන ඔලුව ලොකු කර ගත්තු බොහෝ දෙනෙක් ලියන දේවල් ලස්සන වුනත් ඔය කියන දේවල් කරන්න ගියොත් තව අවමගුල් ගොඩක් ගන්න වෙනවා.

:       3       2

Deepal Saturday, 04 April 2020 04:30 AM

කසපහර 3ක් දෙන්න පිට හරහා. බෙහෙත් දැමීම නොමිලේ නොකරන්න. ලෙඩෙ නිකම්ම හොදවෙනවා ඔක්කොටොම...

:       0       0

wije Saturday, 04 April 2020 06:37 AM

lalithm හැර ඉහළ අදහස් දාලා තියන අයනම් මේ පොලවේ පයගහලා ඉන්න අයනම් වෙන්න බැහැ. AC කාමරවල ඉදගෙන තීරණ ගන්න ලොකු ලොක්කෝ වගේම තමයි. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා ඔය කියන දේවල් සාදාරණද කියලා. මාර්තු 20 වෙනිදා කළුතර , කොළබ , ගම්පහ ,පුත්තලම , යාපනයට දාපු ඇදිරිනීතිය තවමත් අයින් කරන දවසක්වත් කියන්නේ නැහැ ගණන් කරලා බලන්න දවස් කීයක්ද කියලා. එදිනෙදා රැකියාව කරලා ජීවත්වෙන මිනිස්සු කොහොමද තමන්ගේ දරු පවුල්වල බඩගින්න නිවන්නේ....? රුපියලක්වත් හම්බ කරගන්න විදියක් නැහැ නේද? ගමට බඩු ලොරි ආවාට මිනිස්සු මොනවා දිලාද ගන්නේ. හාල් 1kg එක රු 150/=ට විකුණන අයත් ඉන්නවා. මිනිස්සු වෙඩිකන්න හරි එලියට බහිනවා කීයක්හරි හොයාගන්න පුලුවන්ද බලන්න. තව ටික දවසකින් මිනිස්සු ප්‍රසිද්දියේම මංකොල්ල කාවි, හොරකම් කරාවි, එතකොට පත්තරවල දාන්න වෙන්නේ ඇදිරිනීති කැඩුව කට්ටිය ගැන නෙවෙයි වෙඩි කාපු ගණන සහ මිය ගිය ගණන. ලොකු ලොක්කෝ මේවා තේරුම් ගන්නකොට පෙරහැර ගිහිල්ලා තියේවි. කොරෝනා වලින් මැරෙනවට වඩා වැඩි ගණනක් බඩගින්නේ මැරිලා යාවි. නය පොලි කාරයෝ ගෙවල් ඉස්සරහට ඇවිත් සල්ලි ඉල්ලනකොට මිනිස්සුන්ට වහ බොනවා හැර වෙන කරන්න දෙයක් නැතිවේවි...

:       0       25

Du Saturday, 04 April 2020 11:25 AM

මෙ තරම් පිරිසක් ඇදිරි නීතිය කඩන්න හේතු සාධක සොයා බලන්න කියලා ඔවුන් පදිංචි ග‍්‍රාමනිලධාරින් හරහා සොයා බැලුවා නම් ඇත්ත හේතු දැනගන්න පුලුවන්... එවිට මෙ ගැටලුවලට විසදුම් හොයාගන්න ලේසියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 109 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 254 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 57 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 813 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 219 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 264 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site