IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇන්ටොනොව් 32 බිම හෙලූ දෙදෙනාට වසර 185ක සිරදඬුවම්

(උපාලි ආනන්ද)

ඇන්ටොනොව් 32 ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර 37 දෙනකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්ටීටීඊයේ මිසයිල බලඟනයේ සාමාජිකයන් දෙදෙනකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන්   මහතා වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
 
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර අැතැයි නඩුවේදී කියැවිණි. මිසයිල ප්‍රහාරය එල්ල කර ගුවන් යානය බිම හෙළන අවස්ථාවේ  ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිසියේ   සාමාජිකයින් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනෙකු සිට ඇත.
 
මෙම සැකකරුවන්ට නීතිපතිවරයා වෙන් වෙන්ව අධිචෝදනා 37 බැගින් ගොනු කර තිබුණු අතර එම සියලුම චෝදනාවලට සැකකරුවන් දෙදෙනා වරද පිළිගත්හ.
 
එක් චෝදනාවකට වසර පහ බැගින් මෙසේ වසර 185 බැගින් වෙන් වෙන්ව  බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කැරිණි. විත්තිකරුවන්ට වෙන් වෙන්ව නියම කෙරුනු මෙම වසර 185 බැගින් වූ සිර දඩුවම් කාලය වසර පහකින් එකවර ගෙවී යන ලෙසට ක‍්‍රියාත්මක කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
  
විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර එම ගුවන් යානය විනාශ කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු    සාමාජිකයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් නැමැති විත්තිකරු  ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයට ලබාදී තිබූ පාපොචිචාරණය නිත්‍යානූකුලද, නැද්ද යන්න පිළිබදව තීරණය කිරීම සඳහා අනුරාධපුර මහාධිකරණයේදී මීට පෙර  දීර්ඝ නඩු විභාගයක් පැවතිණි.

එහි තීන්දුව මීට පෙර ලබා දෙමින්  මහාධිකරණය තීරණය කළේ ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයට මෙම විත්තිකරු මීට පෙර ලබාදි ඇති පාපොචිචාරණය නිත්‍යානූකූල බවටයි. 
 
මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස අධිචෝදනා ලබා සිටි    මිසයිල  බලඝනයේ හිටපු  සාමාජික නල්ලාමි ශිව ලිංගම් යන අයද මෙම ප‍්‍රාහාරය  එල්ල කර ගුවන් යානය විනාශ කළේ තමන්  බවට පිළිගනිමින් මීට වසර කිහිපයකට පෙර  ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලබාදී ඇති පාපොචිචාරණයද අනුරාධපුර මහාධිකරණයේ හිටපු  විනිසුරු හා ගම්පහ පළාත්බද වත්මන් මහාධිකරණ විනිසුරු  ඛේමා ස්වර්ණාධිපති මහත්මිය  මීට පෙර තීරණය කළාය.
 
2000 වසරේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක  මෙම අපරාධය සිදු කර තිබිණි.



අදහස් (12)

ඇන්ටොනොව් 32 බිම හෙලූ දෙදෙනාට වසර 185ක සිරදඬුවම්

pkaya Thursday, 10 January 2019 11:38 AM

දැන් එතකොට වසර 5 න් නිදහස් වෙනවද ?

:       0       10

d.upul Thursday, 10 January 2019 12:17 PM

විහිළු තීන්දු. දඬුවම අවුරුදු 185යි. නමුත් වසර පහකින් එළියේ.

:       0       0

ගල්කටස් Thursday, 10 January 2019 01:36 PM

මරු තීන්දුව... නීතිය නමනවා වගේ පෙන්නේ මට විතරද? අර ගලබොඩහාමුදුරුවන්ට දීපු තීන්දුවයි, මෙතනයි බලපුවාම වසර 185ක දඬුවම වසර 5කින් ගෙවීයන්න දීපුවාම 37ක් ඝාතනය කරලත් දැන් ඒ අය එළියට එනවා. හාමුදුරුවෝ අවුරුදු 06 ක් හිරේ.. අන්තෝ ජඨා බහී ජඨා...

:       1       56

මංගල Thursday, 10 January 2019 04:35 PM

37ක් මරපු කොටි දෙන්නට වසර පහකින් ගෙදර යන්න පුලුවන්. රට බේරගන්න යුද්දෙට ගිහින් ගැමි වෙස් ගත්ත කොටි 3ක් මරපු රණවිරැවන් එල්ලුම් ගස් සදාකල් හිරේ.

:       4       104

Ranga Friday, 11 January 2019 02:48 AM

වසර 185 ක සිර දඬුවම වසර 5 කින් ගෙවී යනවා... මීට පස්සෙ වැඩක් දෙනකොට තුවක්කු, පිහි, පොලු පාව්ච්චි කරන්න එපා... එතකොට සෙට් වෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්... දෙන එක දෙන්න ඕන මිසයිල වලින්... එතකොට සමහරවිට නිදහස් වෙන්නත් පුළුවන්..

:       0       113

gamage Friday, 11 January 2019 03:50 AM

37 මරණයට පත්කළාට අවුරුදු 5ක්...!

:       0       22

kesha Friday, 11 January 2019 04:41 AM

මිනිසෙකුගේ පරමායුෂ 120ක් පවතින යුගයක 185 වසරට ආයුෂ දික්කර නීතිය හදන්නේ කුමන පදනමකින්ද? නීතිය හාස්‍යයට ලක් වීමක් නේද? මෙම නීති හැදුවේ කවුද?

:       1       22

BamunuarachchiSaturday, 12 January 2019 01:30 PM

මේ 185 6 න් බෙදලා තවත් 4 දෙනෙකුට දෙමුනේද. ලොතරැයි වගේ එක්කෙනුටම ඔක්කොම දෙන්න එපා. සම්පූර්ණ කාලය මේගොල්ලන්ට භුක්ති විඳින්න බැහැනේ.

:       0       1

jayath Friday, 11 January 2019 05:35 AM

වසර 185 ක් ? ඉබ්බෝ වත් ඔච්චර කල් ඉන්න වද ? මේ විහිළු නවත්තල හරියට චෝදනා ඔප්පු වෙලානම් එක්කෝ වෙඩි තියල හරි එල්ලලා හරි දමන්න ඕන සෞදියේ වගේ මොකද ජීවිත 37 ක් කියන්නේ මැස්සෝ වත් මදුරුවා වත් නෙමි මිනිස් ජීවිත

:       12       35

RangaFriday, 11 January 2019 11:48 AM

මුළු දඩුවම් කාලයම වසර 5කින් ගෙවිල යනවා...

:       0       1

Bamunuarachchi Saturday, 12 January 2019 01:37 PM

හිරේ දැම්මට වඩා හොඳයි නොදැම්මා නම්. ප්‍රහාරයෙන් මියගිය අයට බලවත් අසාධාරණයක් ඒ වගේම සිංහල අපිව රැවටීමක්. ඔන්න වෙනස.

:       0       35

BamunuarachchiSaturday, 12 January 2019 05:59 PM

නඩුතීන්දුව දිහා බලනකොට රන්ජන් රාමනායක හරි කියා සිතෙනවා.

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 336 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 395 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 303 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 435 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 612 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 187 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1474 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site