IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආසියානු සංවර්ධන බැංකුව සමඟ ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ  මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරිණි.

 
පිලිපීනයේ  නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය. 
 
බැංකු මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සභාපති තකෙහිකෝ නාකාඕ මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
 
අසියානු සංවර්ධන බැංකු මූලස්ථානය ස්ථාපිත කළ අවධියේ  සිට එහි සුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරමින් ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප එකතුව නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
 
අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ  මහතා ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

(36698)

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (3)

ආසියානු සංවර්ධන බැංකුව සමඟ ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරයි

Amith Thursday, 17 January 2019 10:59 AM

මේ අය ගිවිසුම් අත්සන් කරනවා , ණය ගන්නවා . රටේ ජනතාව මේවා ගෙවිය යුතුයි කියා ගානක්වත් නැහැ . උකසට තියන්නේ රට කියලා ගානක්වත් නැහැ.

:       0       70

ජයන්ත මිලානෝ Thursday, 17 January 2019 12:31 PM

මහත් ගෞරවයෙන් පිලිනොගනීද,නය කාරයෙක් එනඑකට.මෙයත් ගන්නව ඒගොල්ලොත් ගන්නව කවුරු මේවා ගෙවල ඉවර කරය්ද?මේ අය මැරිලා යන දවසෙ රට ඉතියෝපියාවක් වෙලා ඉවරයි .

:       0       142

critical Friday, 18 January 2019 05:29 AM

සංවර්ධනය සඳහා ණය ගන්න එකේ වරදක් නෑ. වරද ඒවා ක්‍රමවත්ව , හොරකන් නොකර යොදා ගැනීමයි....

:       0       215

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 116 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 255 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1085 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 141 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 315 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site