(රංජන් කස්තුරි)
ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම තවමත් අඩු මට්ටමක පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඉකුත් මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 6% න් පමණක් වන බවද ඉන්දියාවේ 11%න්ද පිලිපීනයෙන් 9% න්ද, ඔස්ට්‍රේලියාවේ 8% කින් ආදී වශයෙන් එම රටවල මුදල් ඒකක අව ප්‍රමාණ වී තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
තවද පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහෝමයක මේ වන විට ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණ වී තිබෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආසියානු අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම අඩුයි
OMG Sunday, 23 September 2018 11:47 AM
මාර සනීපයක්නේ දැනෙන්නේ... කිසිම වැඩ පිළිවෙලක් නැති එක ගැන කියන්නේ නැතුව වෙන බයිලා ගහනවා අපිව අන්දන්න.
chathuri Sunday, 23 September 2018 12:30 PM
මුදල් තියෙන කෙනාට... පිට රට ඉන්න කෙනාට මෙය ඉතාමත් වාසි සහගතයි... නමුත් රටේ භාගයක්ම ඉන්නේ දුප්පත් ජනතාවයි. ඒ අයට හැමදේටම දේශගුණයක් ගෙවන්න වෙලා. ඒ ගැන කථා කරන්න රටට මිලියන ගණන් ණය අරගෙන ඒ ණය මුදල් හොරා කෑවා. හොරු ටික එක එක්කෙනාව අල්ලගන්නවා පොලිය නගිනවා. දුප්පතා බඩගින්නේ මැරෙනවා. ඔය කියලා තියෙන රටවල වල මුදල් හොරකම් කරලා නැහැ ආණ්ඩුව ශක්තිමත්... කලින් ආණ්ඩුවයි, මේ ආණ්ඩුවයි හොරා කෑවේ මිලියන ගණන්... දුප්පත් මිනිසාගේ දේ හොරා කනවට වැහි නැති හෙන වදින්න ඕනේ..
senaka Sunday, 23 September 2018 01:27 PM
ඒ වුණාට ඔය කියන රටවලට අපිට වගේ ඩොලර් වලින් විශාල ණය බරක් නැහැනේ. එම නිසා අපිට ඔය අවප්‍රමාණ වීම බලපානවා වැඩියි. එමෙන්ම, 2015 සිට රුපියල් 30 කට ආසන්න වැඩිම අවප්‍රමාණයක් වුයේත් මේ රජයේ ප්‍රතිපත්ති නිසා.
Hafeel Sunday, 23 September 2018 01:47 PM
එදා රනිල්ට බැහැ. අද මංගලට බැහැ.
Roshan Sunday, 23 September 2018 03:50 PM
එහෙනම් ඇයි මෙච්චර බඩු ගණන් යන්නේ...? අපි ගෑස්, සීනි ගේන්නෙත් ඇමරිකාවෙන්ද?
NadeeSunday, 23 September 2018 04:34 PM
ඔයා කොහෙන්ද බඩු ගණන් ඇහුවේ? එන්නකෝ බම්බලපිටිය හන්දියට... ඕනෑතරම් ලාබෙට ත්‍රීවීල් අයියා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි.
HafeelSunday, 23 September 2018 10:49 PM
එතකොට රටේ දුර පලාත්වල ඉන්න මිනුස්සුත් බම්බලපිටියටද එන්නොන අඩු මිලට බඩු ගන්න? හරියට බන්ධුල ගුණවර්දනගේ රු 2500 කින් මාසයකට පවුලකට ජීවත් වෙන්න පුළුවන් කතාව වගේ මේකත්.
Asanka Sunday, 23 September 2018 04:23 PM
කිඹුල්ලු කනවා ඉවසුවැහැකි මේ කොහිල කටු ඇනෙන එකනේ ඉවසන්න බැරි... විජයකලාට පමණක් නෙමේ.. අනේ කොටි හිටියානං කියලා අපටත් හිතෙනවා දැන්නම්...
BamunuarachchiSunday, 23 September 2018 04:51 PM
ඔව්, ප්රභාකරන් මේ වෙනකොට අපේ දේශපාලන භූමිය සුද්ද කරලා.
sampath Sunday, 23 September 2018 05:51 PM
ඕක කියන්න තිබුනේ, අපි වගේ පාලකයෝ ඉන්න රටවල් වල මුදල් ඒකක අව ප්‍රමාණ වී තිබෙන බවද, බංගලාදේශය, මාලදිවයින , එක්සත් අරාබිය, කටාරය වැනි මනා කළමනාකරණයක් හා පාලකයන් සිටින අනෙක් ආසියාතික රටවල මුදල් එකක දශමයකින්වත් අවප්‍රමාණය නොවී ඇති බවද සදහන් කලයුතුය යනුවෙනි. කාවද මේ රවට්ටන්න යන්නේ.
Sarasi Sunday, 23 September 2018 07:42 PM
අරෙහෙ මෙහෙ රටවල් නෙමෙයි තමන්ගේ රටේ තත්වය ගැන වග කියන්නයි ජනතාව ආණ්ඩු පත් කරන්නේ. තව ටික කලකින් කියාවි අපි ස්වාසිලන්තයටත් වඩා ඉහලින් ඉන්නේ ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා.
Uditha - London Monday, 24 September 2018 04:15 AM
අපිට අනුන්ගේ මුදල් අව ප්‍රමාණය වීම වැඩක් නැහැ.. මේකට නිසි පිලියමක් කරන්න. අනික ඔය රටවල් වලට වඩා විශාල ණය බරක් අපේ රටට තියෙන්නේ.
Bamunuarachchi Tuesday, 25 September 2018 01:51 PM
ආසියානු අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම අඩුයි බඩු මිල ඉහළයාම වැඩියි.