IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආනයනික කිරි දෙනුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සහතිකය

කිරි දෙනුන් ආනයනය කිරීමේදී ආනයනික දෙනුන් සඳහා වන ඕස්ට්‍රේලියානු සත්ත්ව  සෞඛ්‍ය සහතිකය මෙරට සත්ත්ව නිෂ්පාදන  හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය පවසයි.

‘ඕස්ට්‍රේලියාවෙන් ආනයන කළ කිරි දෙනුන් සෞඛ්‍ය සම්පන්න නොවේ‘මැයෙන් මැයි මස 13 වැනිදා  පළ වු පුවතක් සම්බන්ධයෙන්  කරුණු පැහැදිලි කරන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ  ජනරාල් වෛද්‍ය  නිහාල් වෙදසිංහ මහතා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන්  පළ වු ප්‍රවෘතියේදී  පශු පර්යේෂණ ආයතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එස්.පී. සිල්වා මහතා ආනයනික සතුන්ගේ  රෝග තත්ත්ව පිළිබඳ සැකසු  වාර්තාව පළ කර තිබු අතර,  එම වාර්තාව අදාළ සියළු පර්යේෂණයන්හි අවසන් වාර්තාව නොවන බවද  සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 පුවත් වාර්තාවේ  සඳහන් වු පරිදි ,ආනයනික කිරිදෙනුන්  BVD  රෝගය ඇති කරන වෛරසය මගින් ආසාදිත යැයි  අදාළ ප්‍රතිදේහ පරීක්ෂා  කිරීම මඟින් තහවුරු කර ඇති බව සඳහන් වී තිබුණි. එහෙත්, එන්නත්කරණ ක්‍රියාවලියේදී රුධිරයේ ප්‍රතිදේහ සෑදීම සිදුවන බැවින්, අදාළ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමෙන් BVD  රෝගය පවතින බව තහවුරු  කළ නොහැකියි.ඔස්ට්‍රේලියාවේ BVD රෝගය සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ  යැයි එම නිවේදනයේ දැක්වේ. 

එමෙන්ම   පශු පර්යේෂණ ආයතනය 2018/03/20 දින නිකුත් කළ පර්යේෂණ වාර්තාව මගින් fascioliasisනම් රෝගී තත්ත්වය  ඇති කරන  facsiola hepatica නම් පරපෝෂිතයා එම ආනයනික සතුන් තුළ නොමැති බව තහවුරු කර ඇති අතර, ආනයනික සියළුම සතුන්ට එම රෝගය මර්දනයට අදාළ ප්‍රතිකාර ඕස්ට්‍රේලියාවේදී සිදු කර ඇති බව සෞඛ්‍ය සහතිකය මඟින් තහවුරු කර ඇතැයිද  මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්  නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.



අදහස් (2)

ආනයනික කිරි දෙනුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සහතිකය

Raveendra Friday, 22 June 2018 10:15 AM

අනේ වාසනාවන්..!!! දියවන්නා ඔයේ මඩුවටත් "හොඳට තෝරලා" ඉක්මණින්ම යවන්න හොඳේ...

:       0       35

rocky Sunday, 24 June 2018 03:24 AM

මේ එක්කම උන්ට චරිත සහතිකත් දුන්නොත් මරු.ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 21 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 90 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 462 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 21 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 177 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 165 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site