IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආණ්ඩුවේ උත්සව මුවාවෙන් ඡන්ද වැඩ කරන්න එපා

රජය විසින් හෝ රජයේ අනුග්‍රහයෙන් හෝ සැණකෙළි සංදර්ශන, ප්‍රදර්ශන හා ක්‍රීඩා තරග පවත්වන්නේ නම් එවා හිදී මැතිවරණ අපෙක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ ඔවුන්ට ප්‍රචාරය ලබාදීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එසේම ප්‍රසිද්ධ විභාග හෝ ශිෂ්‍යත්ව විභාගයට හෝ අදාළව පවත්වනු ලබන විවිධ අධ්‍යාපනික සම්මන්ත්‍රණවලදී මැතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු නොකරන ලෙසද කොමිසම දන්වා ඇති බවද අප ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.

මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ වැරැදි වශයෙන් දිනෙන් දින ප්‍රකාශයට පත් කරනු ලබන නිවේදන දකින විට ‘‘මේ පැවැත්වෙන්නේ මෙරට පළමු මැතිවරණය දැයි’’ යමකුට සිතුණහොත් එය සම්බන්ධයෙන් විමතියක් ඇති කරගත යුතු නැත. 1947 වසරෙන් පසුව මෙරට පාර්ලිමේන්තු මැතිවරණ කීයක් නම් පවත්වා තිබේද යන්න ගණනය කළ හැකිය. ඒ අනුව මැතිවරණ නීති රීති සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් දේශපාලන පක්ෂවලට අපේකෂකයන්ට පමණක් නොව මහ ජනතාවට තිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් දවසේ පැය විසි හතර පුරා මැතිවරණ නීති සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීමට දේශපාලන පක්ෂ හා අපේකෂකයන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු වී තිබේ. එයට හේතුව කුමක්ද යන්න විමසීමේදී තුළ එළියට එන චිත්‍රය තුළ ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ ඇති නිහීන හා ජරපත් ස්වභාවයම වේ.

මැතිවරණවලට ඉදිරිපත් වන තක්කඩියෝ  මැතිවරණ නීති අතර ඇති හිඩැස් වලින් රිංගා යති. කුරුබිලි තනාගෙන හෝ රිංගා යති. ආධුනික අලුත් නවක දේශපාලනඥයන්ගෙන් පමණක් නොව දිගු දේශපාලන ඉතිහාසයක් ඇති පරිණත දේශපාලනඥයන්ගෙන්ද මෙම දුර්ගුණය ප්‍රදර්ශනය වේ. තමන් මොණර රංගනයක නියැලෙමින් සිටින බව ඔවුහු නොදනිති. එහෙත් ඔවුන්ගේ නිරුවත අජූවට ප්‍රදර්ශනය වෙමින් තිබේ.

මෙරට දේශපාලනඥයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ වාගාඩම්බර අසාගෙන සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කොපමණ පළල් ගැඹුරු අවබෝධයක් එම දේශපාලනඥයන් සතුව වේදැයි ප්‍රත්‍යක්ශ වන්නකි. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් යටිගිරියෙන් දෙසාබාන බොහෝ දේශපාලනඥයන්ට රජය හා ආණ්ඩුව අතර ඇති වෙනස සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තිබිය යුතු අවබෝධය නොමැති බව පසක් වන්නේ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන නිවේදන කියවන විටදීය.

රජය විසින් හෝ රජයේ අනුග්‍රහයෙන් හෝ සැණකෙළි, සංදර්ශන, ප්‍රදර්ශන හා ක්‍රීඩා තරග පවත්වන්නේ නම් ඒවා හිදී මැතිවරණ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ ඔවුන්ට ප්‍රචාරය ලබාදීම තහනම් බවට මැතිවරණ කොමිෂන් සභාවට සිහි කැඳවීම් කිරීමට සිදු වී තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයන්ට රජය හා ආණ්ඩුව අතර ඇති වෙනස හඳුනා ගැනීමට අසීරු හෙයිනි.

රජයක් යනු රට කරවන පාලන තන්ත්‍රය වේ. මැතිවරණයක් තිබියදී එය අකර්මණ්‍ය නොවේ. එය දිගටම ක්‍රියාත්මකය. එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රටේ සංවර්ධන කටයුතු නතර නොවේ. ඒවා දිගටම කරගෙන යනු ලබයි. තක්කඩි දේශපාලනඥයන් සිදු කරන්නේ එම අවස්ථාවට කෙසේ හෝ රිංගා තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමටය. දැන් තමන් තවත් එක් අපේක්ෂයකු පමණක් බව තේරුම් ගන්නේ නම් කිසිදු දේශපාලනඥයකු තමන්ගේ ප්‍රවර්ධනයට රජයේ කටයුතු යොදා ගන්නේ නැත.
රජය යනු මහ ජනතාවය. සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කරන්නේ ජනතාවගේ මුදල්ය. ජනතාවගේ මුදල් වියදම් කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට අපේ දේශපාලනඥයෝ හිරිකිතයකින් තොරව තම රුව සහ නම යොදති. ශිලා ලේඛන ප්‍රතිෂ්ඨාපනය කරති. මැතිවරණ කාලවලදී එම ක්‍රියා වේගවත් වෙයි. එමගින් අතිරේක වාසියක් ඔවුහු අපේක්ෂා කරති.

මහ මැතිවරණයකදී සෑම දේශපාලන පක්ෂයකටම සෑම අපේක්ෂයකුටම හිමිවන්නේ සමාන අවස්ථාය. එම සමාන බව ආරක්ෂා කිරීම සෑම අපේක්ෂකයකුගේම වගකීමය. අසමාන අවස්ථා අපේක්ෂා කරන්නේ නම් හෝ රජයේ කටයුතු තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට යොදා ගන්නේ නම් හෝ එය අශිෂ්ටය. අනීතිකය. හිරිකිතය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය දිවි පුදා හෝ රැකගන්නා බවට වේදිකා හොල්ලමින් කරන ප්‍රකාශ වෙනුවෙන් මහ පොළොවේ සජීවීව පෙනී සිටීමට එම ප්‍රකාශ ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට දේශපාලනඥයන්ට මැතිවරණ කාලය යනු කදිම අවස්ථාවකි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජනතා පුත්‍රයන් කවුරුදැයි ජනතාව අවදියෙන් සිටීම වැදගත්ය.

 



අදහස් (1)

ආණ්ඩුවේ උත්සව මුවාවෙන් ඡන්ද වැඩ කරන්න එපා

wedage Friday, 10 July 2020 08:06 AM

මේ මොන නීති දැම්මත් දේශපාලකයන් නොයෙකුත් උපක්‍රම යොදා ලංගම බසයක ඇතුල් පැත්තේ ඡන්ද ස්ටිකරයක් අලවා තිබුණා මම දැක්කා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 423 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 890 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1048 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 698 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 187 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1856 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site