ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශ කිරීමෙන් පසු 12 වැනි දින සිටම වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ දින 100 වැඩපිළිවෙළ ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (24) පැවැසීය.
දින 100න් අලුත් රටක් තේමාවෙන් වත්මන් ආණ්ඩුව 2015 ජනවාරි 8 වැනිදා බලයට පැමිණි බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ලබන අගෝස්තු මස 12 වැනිදා සිටම වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ දින 100 වැඩපිළිවෙළ ආරම්භ කරන බව කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආණ්ඩුව ගෙදර යැවීමේ පොහොට්ටුවේ දින සීයේ වැඩසටහන අගෝ: 12 දා සිට
gamarala Tuesday, 25 June 2019 06:02 AM
ගමෙන් පටන් ගන්න . අපි අපගේ සහයෝගය දෙන්න ලෑස්තියි.
sharm warn Tuesday, 25 June 2019 06:22 AM
දින 100ක් මොකටද? දැනටත් ජනතාව එයාලා ගෙදර යවලා තියෙන්නේ.
විජිත් Tuesday, 25 June 2019 07:07 AM
ආණ්ඩුව ගෙදර යවනවා. ඒවගේමයි ඔයගොල්ලොන්වත් ආපහු පත්කරගෙන දුක් විදින්න තරමට ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ.
රොෂාන් Tuesday, 25 June 2019 07:22 AM
ආණ්ඩුව වගේම ඔයාලත් ගෙදර යන කාලේ හරි දැන්
de silva Tuesday, 25 June 2019 09:14 AM
ආණ්ඩුව ගෙදර යැවීම කෙසේවෙතත් නැවත ඔයගොල්ලෝ බලයට ගෙන එන්න නම් රටේ වැඩි දෙනෙක් කැමැත්තක් නොදක්වති
de Tuesday, 25 June 2019 09:33 AM
අනේ මහත්තයෝ අපිට තවත් නම් ආණ්ඩු එපා, මේ අයට කන්න, අදින්න, වාහන ගන්න දෙන්න අපි ළග තවත් සල්ලි නෑ. අනේ කරුණකරලා වෙන කොහේ හරි සල්ලි තියන රටක ඔය වැඩේ කරන්නකෝ. අපි හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ. ජනතාවට දැන් කිසිම දේසපාලන පක්ෂයක් හෝ නායකයෙක්ගෙන් වැඩක් නෑ. අවශ්‍ය නිදහසේ ඉන්න. ඒකට ඔයාලා ඕනි නෑ. මම මෙහෙම කීවට තරහ වෙන්න එපා
Prabha Tuesday, 25 June 2019 09:37 AM
මොකද අගෝස්තු 12? ඊට කලින් නැකතක් නැද්ද?
සිමියොන් අයියා Tuesday, 25 June 2019 12:22 PM
මේ සඳහා රටේ අස්සක් මුල්ලක් නෑර ඇති පංසල් පල්ලි කෝවිල් වලට යන්න රථ පෙළපාලියක් සූදානම් කරනවලු නේද. එම ස්ථානවලදී මේ රජයේ වැරදි සියල්ලම කියන්න. ඔබලා මේ රජයට කල හිරිහැර සියල්ලමත් කියන්න. ඔබලා 2015 ට පෙර කල දේවල් හා 2020 සිට කරන දේත් කියා පිහිට යදින්න. ජයවේවි.
Lakshitha Tuesday, 25 June 2019 03:22 PM
ආන්ඩුව විතරක් නෙවි ඔයාලත් යන්න ලෑස්ති වෙන්න..
සෙනෙවිරත්න Tuesday, 25 June 2019 04:09 PM
කීවෙනි දින සීයද?
Chanak los angeles Wednesday, 26 June 2019 03:51 AM
ආණ්ඩුව ගෙදර යැව්වා කියමුකෝ. එතකොට කව්ද එන්නේ?