(අජිත්ලාල් ශාන්තඋදය සහ එස්.වීරවංශ)
තනතුරෙන් ඉවත් කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට නියෝග කළ රත්නපුර අංක එක මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නගර සභාපතිවරයා තනතුරින් ඉවත් කිරිමට නිකුත් කළ ගැසට් නිවේදනය නඩු කටයුතු අවසන් වනතෙක් තහනම් කරන ලෙස අද (3) නියම කළේය.
බළන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ සේවය අත්හිටවු බළන්ගොඩ, මහ විදියේ අංක 53 දරණ ලිපිනයේ පදිංචි චමික ජයමිණී විමලසේන මහතා විසින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බළන්ගොඩ නගර සභාවේ උපසභාපති එම්.ටී.එම්.රූමි, බළන්ගොඩ නගර සභාව, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු හේරත් මුදියන්සේලාගේ රෝහණ අනුර කුමාර සහ සබරගමු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කළ සර්ටියෝරාරි රිට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්තමක් විභාගයට ගත් අවස්ථාවේ මෙම තහනම නිකුත් කෙරිණී.
නීතීඥ නෙවිල් කරුනාරත්න මහතා මගින් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.පෙත්සම්කාර චමික ජයමිණී විමලසේන මහතා තමන් 2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් බළන්ගොඩ නගර සභාවට කුමාරගම කොට්ඨාසයෙන් සභිකයකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්වු බව සඳහන් කර ඇත.
පසුව තමන් බළන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස පත්වූ බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කර තිබුණි. පත්වු දින සිට සිය තනතුරේ රාජකාරී නීත්‍යනුකූලව කරගෙන යද්දී 2021 ජනවාරි 15 දින නිකුත් කරන ලද අංක 2210/50 දරණ ගැසට් පත්‍රයෙන් තමන්ට එරෙහිව මාස තුනක් ඇතුළත පරීක්ෂණයක් කරන ලෙස හතරවන වගඋත්තරකරුට නියෝග කරමින් පළමුවන වගඋත්තරකරු විසින් ඔහුට ලැබී ඇති බලතල අනුව තමන්ගේ සභාපති ධූරය දැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද සඳහන් කර ඇත.
එය තමන්ගෙන් කරුණු විමසිමකින් තොරව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පළමුවන වගඋත්තරකරු කළ නියෝගයක් බවද පෙත්සමේ සඳහන් වෙයි.
එසේම තමන් දැරූ බළන්ගොඩ නගර සභාවේ සභාපතිධූරයේ බලතල සහ කටයුතු ක්‍රියාත්මක කිරිමට පළමුවග උත්තරකරු විසින් දෙවන වගඋත්තරකරු වෙත පවරා ඇති බවද පෙත්සමේ සඳහන් කර ඇත.
පළමුවන වගඋත්තරකාර පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් තම සභාපතිත්වය තාවකාලිකව අත්හිටුවමින් සහ ඒ බලතල දෙවන වගඋත්තරකරුට පවරමින්, පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරයෙක් පත්කිරීමේ තීරණය අත්හිටුවමින් සර්ටියෝරාරි ස්වභාවයේ පරමාධිකාරී විධි නියෝගයක් මගින් ශුන්‍ය හා බලරහිත කරවා ගැනීමට පෙත්සම්කරුට හිමිකම් ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් දන්වා සිටී.
නීතීඥ දමිත අතුකෝරළ මහතා ද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. මෙම නඩුව ඉක්මණින් අවසන් කළ යුතු නිසා වැඩිදුර විභාගය මාර්තු 17 දිනට කල් තැබිණි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආණ්ඩුකාරවරයා තහනම් කළ නගර සභාපති ධූරය උසාවියෙන් දෙයි
tilak Wednesday, 03 March 2021 10:58 AM
දීපල්ලකෝ උත්තර...!!!
lanka Wednesday, 03 March 2021 01:34 PM
අවුලක් වගේ...