IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු මරණ දඬුවම ගැන අගමැතිගෙන් විමසති

අංජුල මහීක වීරරත්න


මරණදඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීමට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය යන කරුණු සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය කුමක්දැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉහත කරුණු විමසා සිටියේ අරලියගහ මන්දිරයේ දී අද (18) උදෑසන හමුවූ අවස්ථාවේදීය.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර මට්ටමේ සම්බාධක රැසක් ඉවත්කර ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු රටට අතිශය හිතකර ඉහත පියවර සියල්ලක්ම මරණ දඩුවම ක්‍රියාත්මක වීමෙන් අහිමිවිය හැකි බවට කරුණු පළකර සිටියහ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහයෝගය මරණදඬුවම පැමිණ වීමෙන් පසු අහිමි වනු ඇතැයිද පෙන්වා දුන්නේය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සංචාරක ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තරය දුන් අනගිබවනීය සහායද මරණ දඩුවම සමග අවසන් වනු ඇතැයිද පෙන්වා දුන්හ. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීමට සාවදානව සවන් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සහ පක්ෂයේ පැහැදිලි ස්ථාවරය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කර සිටියේය.

 



අදහස් (2)

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු මරණ දඬුවම ගැන අගමැතිගෙන් විමසති

bw dayarathne Thursday, 18 July 2019 10:37 AM

අනේ පව් නේද?

:       0       0

thusharasa Thursday, 18 July 2019 11:23 AM

මම දැක්ක පසු ගිය සතියේ තිබුණා ලංකාවේ ඒකපුද්ගල අදායම රුපියල් 60,000 ..එක නිසා ලංකාවට ට ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය කපහරිනවා කියල..අපිට කාගෙවත් සහන ආරන් ජිවත් වෙලා වැඩක් නැහැ.එක අනිස නිසි පුදගලයන්ට මරණදඬුවම ක්‍රියාත්මක කරන්න මේ රටේ අනාගතය ආරක්ෂා කර ගන්නම්.අමු අමුවේ මල් කැකුළු දුෂණය කරලා මරනවා..මුළු තරුණ සමාජයම මත්ද්‍රවයට ඇබ්බැහි වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 13 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 426 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 391 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1372 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 353 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site