IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආචාර්ය දුනුසිංහගෙන් ඇමති රාජිතට පිළිතුරු

(බිඟුන් මේනක ගමගේ)

කසිප්පු භාවිතය සම්බන්ධයෙන් තමා පර්යේෂණ වාර්තාව සකස් කළේ සම්මත විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ‘ලංකාදීපය’ට පැවැසීය.

ආචාර්ය දුනුසිංහ මහතා මේ බව පැවසුවේ අදාළ වාර්තාවේ දත්ත වැරදි බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් සමීක්ෂණය, සුරාබදු දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා ආදී ද්විතියීක මූලාශ්‍ර මෙන්ම සම්මුඛ සාකච්ඡා හා ප්‍රශ්නාවලි ආදී ශාස්ත්‍රීය ක්‍රමවේද මේ සඳහා යොදාගත්තේ යැයි ආචාර්යවරයා අවධාරණය කර කීය.

නීතිවිරෝධී දේවල් සම්බන්ධයෙන් පර්යේෂණ කරන සම්මත ක්‍රමවේද ඇති බව කී හෙතෙම තම වාර්තාව එම සීමා තුළ සිටිමින් සිදු කළ බවට සහතික වන්නේ යැයි ද පැවැසීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් සැකයක් ඇති නම් ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් දත්ත රැස් කර වාර්තාවක් සැකැසීමට රජයට පහසුවෙන් හැකි යැයි ද ආචාර්ය දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (11)

ආචාර්ය දුනුසිංහගෙන් ඇමති රාජිතට පිළිතුරු

රවින් Thursday, 23 November 2017 10:45 AM

දේශපාලකයෝ කියන දේවල් එක කණකින් අරගෙන අනික් කනින් පිට කලොත් මුළු ලාංකිකයින්ටම සුබ සෙතක් වියහැකිය.

:       1       127

sachith Thursday, 23 November 2017 10:49 AM

ඔබතුමාගේ වටිනා කාලය මේ වගේ මුකරි ඇමති කෙනෙක්ගේ මෝඩ කතා වලට පිළිතුරු බදින්න විනාස කරන්න එපා. ඒ ලිපිය ඉතාම නිවැරදිව සොයාබැලීමක් ඇතුව කරපු එකක්. එක කියවන මොලයක් තියන ඕනිම මනුස්සයෙක්ට තේරෙනවා,

:       1       360

RaveendraThursday, 23 November 2017 02:55 PM

සචිත් මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකතුවන්නෙමු.

:       0       101

gamage Thursday, 23 November 2017 11:17 AM

රාජිතට කොහොමත් හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලා. අනික් ඔක්කොම මෝඩයෝ කියලා. නමුත් යථාර්තය එකේ අනික් පැත්ත

:       2       504

Lion Thursday, 23 November 2017 12:23 PM

දේශපාලුවො සිතන්නේ එයාලා සියල්ල දත්තෝ එයාලගේ අය ඒ කියන සියලු දේ විශ්වාස කළයුතු බවයි

:       2       250

අනුර පැස්කුවල් Friday, 24 November 2017 12:15 AM

සියල්ල දත් යැයි සිතතත් දත් ගැනවත් මොහු කිසිවක් හරියට නොදත්

:       0       61

tharanga Friday, 24 November 2017 12:27 AM

රාජිතට බැනලා වැඩක් නැහැ. චාන්ස් දුන්න කළුතර අපිට ගහන්න ඕන

:       0       142

Chandima Friday, 24 November 2017 04:37 AM

කොහොම උනත් මෙතුමාගේ වාර්තාව මුදල් ඇමතිතුමා වක්‍රව යොදාගෙන තියෙන්නේ කසිප්පු ප්‍රවර්ධනයටම තමයි. මොකද බියර් සුලබ උනහම ගැහැණු ළමයිත් ඒවා බොන්න ක්‍රමයෙන් පුරුදු වෙනවා. පස්සේ ශරීරය ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි වැඩියෙන් ඉල්ලන්න හැඩගැහෙනවා. ඊළඟට අරක්කු සහ කසිප්පුවටම ඇදිල යනවා. එතකොට තමයි කියන්න වෙන්නේ බොන අයත් මැරෙනවා බොන්නැති අයත් මැරෙනවා. ඒ නිසා අපි බීලම මැරෙන එක තමයි හොඳ කියල.

:       1       238

omar Friday, 24 November 2017 04:59 AM

විස්වාශ කරන්න එපා මෙම පවුල් අංශ බොරු

:       0       20

ajith Friday, 24 November 2017 05:01 AM

අපේ රටේ දේශපාලකයෝ කියන කතා තුට්ටුවකටවත් මායිම් කරන්න පුලුවන්ද? එදා එකක්, අද එකක්, හෙට එකක්. උදේ සවස කියන්නෙත් මෝඩ තකතීරු කතාවක්. අචාර්ය, දුනුසිංහ මැතිතුමනි, අපි ඔබතුමාගේ වාර්තාව නිවැරදියි කියන තැන ඉන්නවා.

:       0       68

Ruwan Battage Friday, 24 November 2017 08:07 AM

අට සමත් වෙච්ච අය එක්ක රට පාලනය කරනකොට ඔහොම කතා නිතැතින්ම අහගන්න වෙනවා. මොකද බහුතරයක් ඉන්නේ සමාන්‍ය පෙළවත් නැති අයනේ. මොකද අනිත් අයටත් එක එක බෝවෙනවා.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 182 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 766 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 642 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 579 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 289 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 734 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site