IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආගමික ස්ථානයේ යකඩ කටට උසාවියෙන් තහංචියක්

(ඔගස්ටින් ප‍්‍රනාන්දු)                                        

හලාවත විජය මාවතේ පවත්වා ගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක ශබිද  විකාශන යන්ත‍්‍ර භාවිතයෙන් අවට ප‍්‍රදේශවාසින්ට සිදුවන හිරිහැර නිසා එම ශබිද විකාශන යන්ත‍්‍ර භාවිතය මුළුමනින්ම  තහනම් කිරිමට හලාවත මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා අද ( 17)  නියෝග කළේය .
හලාවත විජය මාවතේ පිරිසක් මේ සමිබන්ධයෙන් හලාවත පොලිසියට  පැමිණිල්ලක් කර තිබේ.



අදහස් (20)

ආගමික ස්ථානයේ යකඩ කටට උසාවියෙන් තහංචියක්

srimala Tuesday, 17 October 2017 06:48 PM

එක නම් හොඳයි. මේක මුළු රටපුරා හැම ආගමකටම පොදුවේ තහනම් කල යුතුයි. බලෙන් කාටවත් ආගම ධර්මය පතුරුවන්න අවශ්‍ය නැ.

:       31       183

Nandalal DE SILVA - FRANCE Tuesday, 17 October 2017 10:05 PM

ඔය පාර ඉතින් ආගමික නිදහස නැතිකරා කියමින් මහමග පාවිච්චි කරන්නන්ට දස වද දෙමින් උද්ඝෝෂණ කරාවි. ආගමික සන්හින්දියව පවත්වාගෙන යාම සඳහා අවට ප්‍රදේශවාසීන්ට කන්දොස්කිරියාවක් වන අන්දමට මෙවැනි ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම නැවත්වීමට ආගමික නායකයන් ඔවුන්ගේ ගෝල බාලයන්ට උපදෙස් දිය යුතු වෙනවා !!!

:       11       125

malaka Wednesday, 18 October 2017 01:51 AM

මෙය කුමන ආගමික ස්ථානයක්ද? මොකද ආගම අනුව ලංකාවේ පොලිසියේ /උසාවිය නීති ක්‍රියාත්මක කිරීම වෙනස් නිසා. මා වෙසෙන නාවල ප්‍රදේශයේ එක්තරා ආගමික ස්ථානයක දවස පුරාම යකඩ කටින කෑ ගසමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර කලත්, එයට විරුද්දව කතා කරන අයට එරෙහිව "පුළුවන් නම් උසාවි ගිහින් පෙන්නන්න'" තර්ජනය කරන අයට මේ නීති බලපාන්නේ නැතිව ඇති .

:       2       160

alwis Wednesday, 18 October 2017 02:34 AM

බුදු දහමට ප්‍රමුඛ ස්ථානය ...... කදිමයි.... මෙහෙම ගියොත් පන්සල් වල පුජා පවත්වන්නත් රජයෙන් සහ පිට රටවල් වල ඉන්න අපිව පාලනය කරන අයගෙනුත් අවසර ගන්න වේවිද?

:       75       186

ජයරත්න Wednesday, 18 October 2017 04:07 AM

ශබ්ද විකාශන යන්ත්‍ර නැති කාලෙත් ආගමික උත්සව, ක්‍රීඩා තරඟ, දේශපාලන රැස්වීම් තිබුණා. ඒවා මීට වඩා සංවර වෙන්න ඇති.

:       2       114

මැටිපහන Wednesday, 18 October 2017 05:21 AM

මේක නියම ආරම්භයක්. සියලුම ආගමික ස්ථාන වල (පල්ලි, පන්සල්, කෝවිල්, දේවාල, සාත්තර යනාදී සියල්ල) කෙරෙන ශබ්ද ඇතුලතට පමණක් ඇසෙන සේ සකසා ගන්නා ලෙස නීතියක් ගෙනවා නම් හරි.

:       3       160

wimalarathana himi Wednesday, 18 October 2017 05:41 AM

සියලුම ආගමික ස්ථානවල භාවිතා කරන ශබ්ද විකාශන යන්ත්‍ර නිසා ප්‍රදේශවල ජනතාව බලවත් පීඩාවකට පත්ව සිටින නමුත් ආගමික උන්මාදයෙන් පෙලෙන පූජකයින්ට එය නොවැටහේ. ඔවුන්ට කරුණු තේරුම් කරදීමට යාමේදී මහත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. කරුණාව , මෛත්‍රිය වෙනුවට එයින් පතුරවන්නේ ද්වේශයයි. ආගමික හරයන් තුළ සමාජයට නිවැරදි මගපෙන්වීමක් කිරීම සියලු ආගමික පූජකවරුන්ගේ වගකීමක් බව සිහිපත් කරමි.

:       2       185

මරික්කාර් Wednesday, 18 October 2017 08:44 AM

ඉතාමත් නිහතමානී අදහසක්. සියලුම ආගමික ස්ථානවල ශබ්ද විකාශන භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුමයි...

:       1       51

Hassanda Wednesday, 18 October 2017 07:58 AM

මැටිපහන කියන කොමෙන්ට් එකේ හරි...

:       1       35

Asanka Wednesday, 18 October 2017 08:40 AM

වැඩේ හොදයි මමත් බෞද්ධ නමුත්, මගේ ගේ කට ඉස්සරහම ප්‍රාදේශීය සභා ඉඩමේ පන්සලක් පටන්ගන්න ඇවිත් මුළු ප්‍රදේශයෙන්ම මම සහ ඒ අසලම දෙන්නෙක් විතරයි විරුද්ද වුනේ , අපේ බලවත් විරෝධය නිසා වැඩේ අඩාල වුණා, සියලු ආගමික මධ්‍යස්ථාන අන්‍යන්ට අපහසුවක් වන ලෙස ඉදිකරන්න සහ යකඩ කටවල් පාවිච්චි කරන්න ඉඩ දෙන්න හොද නැහැ. අපට නිදහසේ සිටීමට මානව අයිතිවාසිකමක් තියනවා

:       400       213

GihanSunday, 22 October 2017 04:42 AM

පන්සලක් කියන්නේ බෞද්ධයන්ගේ අයිතිවාසිකමක්. ඔබේ ඉඩමේ නෙමේ නම් පන්සල හදන්නේ ඒකට විරුද්ධ වෙන්න ඔබට ඇති අයිතිය කුමක්ද. මොහු මානව හිමිකම් කඩ කල අයෙක් නඩු දැමිය යුතුයි.

:       0       0

nihas Wednesday, 18 October 2017 09:03 AM

උසාවියෙන් තහනම් නියෝග නිකුත් කරන්නේ අවට ජනතාවට විකාශය කරන දේ එයාලට නොගැලපෙන ලෙස සිතා පැමිණිලි කරන නිසානේ. ගැලපෙන දවසක් නුදුරේම එනවා එදාට පැමිණිලි නැහැ. තහනම් නියෝගයත් නැහැ.

:       279       50

Meeran Wednesday, 18 October 2017 10:11 AM

කෝ අගමික නිදහස.......සල්ලි වලට පගාවට යටවෙන විනුසුරුවරු............

:       290       288

Kandepola Wednesday, 18 October 2017 10:59 AM

ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ආගම් ඇදහීම කොයි ආගම වෙතත් බොරු පුහු ආටෝපයක්. ඒක කොයි ආගමටත් පොදුයි. රටට ඇහෙන්න බෙරිහන් දෙන්න ඕන නෑ. අදාළ ආගමික ස්ථානයට පැමිණෙන අයට ඇහෙන්න කරන දෙයක් කරහම කාටවත් කරදරයක් නෑ. ශබ්ද විකාශන යන්ත්‍ර දැමීම හා නොදැමීම අතර තිබෙන ආගමික පැහැදිලි කිරීම මොකක්ද...?

:       0       274

Asher StephenWednesday, 18 October 2017 12:59 PM

මේ සිදුවීමේ ඇත්ත තත්වය තමයි මේ තහනම් කරලා තියෙන්නේයකඩ කටවල් නෙමෙයි දේවස්ථානය ඇතුළතට ඇහෙන්න යොදාගන්න අඩු ධාරිතාවයෙන් යුතු බෆල් දෙකක්.

:       263       280

Yoga Wednesday, 18 October 2017 12:48 PM

විනිසුරු වරයාගේ තීන්දුව බොහෝ බැතිමතුන්ට පාඩුවක්...

:       117       265

lanka Wednesday, 18 October 2017 04:03 PM

ඔව් මුළු රටටම ඇහෙන්න පූජා පවත්වන්න ඕනේ නැහැ. අදාළ පුජනීය ස්ථානයේ ඉන්න බැතිමතුන්ට විතරක් ඇහෙන විදියට විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. නිවාඩු දවසකවත් නිදහසේ ඉන්න අමාරුයි සමහර ඝෝෂාවන් නිසා. අනික ගොඩක් නිවෙස් වල ළමයි පාසල් කටයුතු කරන බව අමතක නොකළ යුතුයි.

:       0       97

Meeran Wednesday, 18 October 2017 04:08 PM

ගොඩාක් අය කමෙන්ට් නම් දෙයි. ඒත් නියම තත්ත්වය නම් මේක පෞද්ගලික පලිගැනීමක්. එතකොට පන්සල් මුස්ලිම් පල්ලි. නිකන් ආගම් ප්‍රශ්න අැතිකරන අය.. විනිසුරුත් පගාව අරගන නීතිය විකුණුවා......

:       86       120

Meeran Wednesday, 18 October 2017 04:08 PM

මේ ඔක්කොම පගාව අරගෙන තමයි ඉන්නේ..

:       55       65

hasitha Thursday, 19 October 2017 02:46 AM

මේක දැන් තරගයක් වෙලා. ඉස්සර තිබුණ ආගමික පරිසරය මේ තරමට වෙනස් වුනේ කොහොමද කියල මුලින්ම සොයා බලන්න ඕනේ. මීට අවුරුදු 20 කට විතර ඉස්සහර ..අපි පොඩි කාලේ මට මතකයි කිලෝමීටර දෙකක් පමණ දුරින් තිබුණ මුස්ලිම් පල්ලියේ සද්දේ දවසකට පස් පාරක් අපට ඇහෙනවා. නමුත් සද්දේ ඇහෙන මායිම් වල අවට කිසිම ගමක ස්ලාම් ආගමිකයන් හිටියෙත් නෑ. නමුත් සිංහල මිනිස්සු ඒක ලොකු පිඩාවක් ලෙස සැලකුවේ නෑ. එතකොට කිසිම පන්සලක ස්පිකර තිබ්බෙත් නෑ. නමුත් ක්‍රම ක්‍රමයෙන් තත්වය වෙනස් වෙලා.. එක සද්දේ වෙනුවට පල්ලි පහක හයක අදෝනාව උදේ 4.45 සිටම දැන් ඇහෙනවා. නමුත් අපේ ගම් වල තාමත් මුස්ලිම් මිනිස්සු නැහැ. දැන්නම් මේක හොඳටම වදයක් වෙලා. ඔය ප්‍රවනතාවට ප්‍රතිචාර ලෙස පන්සල් වලින් පිරිත් සද්දෙට දාන්න අපේ මිනිස්සු පෙලබුනා. දැන් රට පුරාම විකාරයක් වෙලා තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 165 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 876 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2276 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1585 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 919 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2161 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site