IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආගමන විගමන පරිගණක පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක්

(බිඟුන් මේනක ගමගේ) 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් සකස් කිරීම හා නඩත්තු කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කාලයක් තිස්සේ අනතුරු අඟවා ඇතත් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවනතුරුම ඒ ගැන බලධාරින්ගේ අවධානය යොමු නොවී යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය. 

විදේශ සංචාරකයන් ආගමනය ඉහළ යාම සමඟ මගී නිශ්කාෂණ කටයුතු ආදී තාක්ෂණික කාරණා ගැන අවධානය යොමුකළ ද ආරක්ෂාවට අදාළ විමර්ශන ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් බලධාරින් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැතැයි ද ඔහු චෝදනා කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවේදී තොරතුරු සහිත පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයකින් සකස් කිරීම රටේ පවතින තත්ත්වය මත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි කී හෙතෙම මීට එකම විසඳුම ආගමන විගමන දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර ඒකකයක් ස්ථාපිත කර ඊට පැවැරීම යැයි ද අවධාරණය කළේය. 

ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලු අංශ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විය යුතු වුවද මෙතෙක් එවැනි ජාලයක් පිහිටුවා නැතැයි ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් විමසීමට වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

යුද හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් මේ ගැන කළ විමසීමේදී මෙය වහා නිවැරැදි විය යුතු තත්ත්වයක් යැයි ද බලධාරින්ගේ අවධානය කඩිනමින් ඊට යොමු විය යුතු යැයි ද ඔහු සඳහන් කළේය. 



අදහස් (39)

ආගමන විගමන පරිගණක පද්ධතිය ගැන අනතුරු ඇඟවීමක්

Told Sunday, 05 May 2019 05:09 PM

ඔය නොකියා කියන්නෙ අර දූෂිත රජයේ නිලධාරින් ඉන්න අයට ඕක දෙන්න කියලද. ඊට වඩා මන් හිතන්නෙ පෞද්ගලික අංශය හොඳයි. ගුවන් තොටුපලේ යද්දි අපි දැකලා තියනවා චීන අය සල්ලි අරන් ඇතුලට ගන්න හැටි. මරු ආගමන විගමන නිලධාරියො..

:       1556       3088

ගාමිණි Sunday, 05 May 2019 06:18 PM

ආගමන විගමන ආයතනයේ ගුවන්තොටුපොළ කවුන්ටරයෙන් වීසා ගන්න පුළුවන් රටවල අයට ලංකාවේදී විසා ගන්න පුළුවනි. චීන්නු විතරක් නොවෙයි කළු ජාතික රටවල අයටත් මෙය පොදුයි. මෙය රජයෙන් කරපු දෙයක්. මිට ආගමන විගමන නිලධාරීන් පලි නැහැ. ඔබ මේ මැදපෙරදිග ගිහින් එනකොට දැක්ක සිද්ධිය අල්ලාගෙන බොරුවට චිනාට ඇඟිල්ල දිගුකරන්න එපා හරිද.චීනා අපේ සහෝදරයා.

:       354       433

ArunaSunday, 05 May 2019 06:29 PM

ගාමිණී ආගමන රැකියා කරනවා වගේ පෙන්නේ - නැත්නම් එතෙන තියෙන හොරකම් ගැන නොදන්නවා වගේ කතාකරන්ණේ මොකද?

:       4       115

රංගMonday, 06 May 2019 11:27 AM

ගාමිණි, ආගමන විගමන දෙපාර්තමේතුවේ වැඩකරන අපේ මහප්පගෙ පුතා රුපියල් පනස්දාහෙ පඩියක් අරන් රුපියල් හැත්තෑ තුන්දාහක් වාහනේ ලීසින් ගෙවන්නෙ කොහොමද කියලා ඔයාවත් දන්නවනම් කියන්නකො.

:       56       1577

amila Sunday, 05 May 2019 05:13 PM

රටට මෙතරම් අභාග්‍ය සම්පන්න කාලයක් උදා වීමට මූලික හේතුව තමයි ආගමන විගමන පද්ධතියේ ඇති දුර්වලකම. කාගේ හෝ උවමනාවකට රජය පමණක් සතු විය යුතු ඉතාමත් රහසිගත තොරතුරු පිටට දීලා මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ දාලා. මෙහෙම ගහලා බේරුනා ඇති. තව කව්රු කව්රු රට ඇතුලේ ඉන්නවද කියල කවුරුත්ම දන්නේ නෑ.

:       1195       1208

Amarabandu Sunday, 05 May 2019 05:48 PM

මේ වගේ රජයේ සංවේදී කරන වලදී ඒවා නිෂ්පාදනය නඩත්තුව උදෙසා රජයේ නිලදාරීන් යොදා ගත යුතුයි. අලුත් අය බඳවා ගත යුතුයි

:       297       312

kamala Sunday, 05 May 2019 06:00 PM

ලෝකේ හැම රටකම finger print සහ වෙනත් ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා තමා රට ඇතුලට හෝ පිටට යවන්නේ. ඒවා ලෝකෙත් එක්කම ලින්ක් වෙලා තියෙන්නේ. එතකොට හොර වැඩ අවම වෙනවා. එහෙතේ ලංකාවේ දුෂිත පාලකින් සහ නිලදාරීන් මේක කරන්නේ නැත්තේ මොකද

:       0       387

nuwanSunday, 05 May 2019 07:20 PM

එහෙම කලාම පුතා අපේ කස්ටියට පාස්පෝට් 2 ක තියාගන්න බැරිවෙනවානේ...............

:       0       68

SamanSunday, 05 May 2019 08:51 PM

මොන ෆින්ගර් ප්‍රින්ට්ද? සීසීටීවී කැමරා දාන එකටත් විරුද්ධ වුණා.

:       68       316

Prabha Monday, 06 May 2019 05:56 AM

ලෝකේ මොන රටේද ඇඟිලි සලකුණු අරන් වීසා දෙන්නේ? ලෝකේ ගොඩක් දියුණුයි. ඔබගේ මොලයට වඩා...

:       404       0

ඈපා Monday, 06 May 2019 11:34 AM

දන්නෙ නැත්නම් හොයලා බලන්න

:       0       8

TD Sunday, 05 May 2019 06:06 PM

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පමණක් නොව රජයේ යටතේ පවතින සියලුම ආයතන තුල පවතින පරිගණක පද්ධතීන් රජයේ ආයතන හෝ ආයතනයක් මගින් නඩත්තුව සහ පාලනය විය යුතුමය. එම නිසා පුද්ගලික ආයතනවලට රජයේ කිසිවක් (out source) නොකළ යුතුය. ඒ සදහා දක්ෂයන් විස්වාසවන්තයන් පමණක්නොව වෙනත් රටවල් මෙය සම්බන්ධව ක්‍රියාකරන ආකාරයන් සොයා බලා ආරක්ෂක " DATABASE" ජාලාවක් රට තුල ක්‍රියාත්මක විය යුතුය. වර්තමානයේ සහ අනාගතයේ ලෝකය බොහෝ දේ සිදුවන්නේ " IT " තුලිනි.

:       12       395

gayanMonday, 06 May 2019 02:18 AM

ඔබගේ අදහස හොඳයි. ඒකට මමත් ටිකක් එකතුකරන්න කැමතියි. රාජ්‍ය ආයතන වල ඉන්න මේ සඳහා පත් කර ඇති නිලධාරීන්ට මේ පිළිබඳව දැනුමක් හා හැකියාවක් නැති බව අප දකිනවා. එම හැකියාවන් ඇති අයට ඒ තැන්වල තැනක් නෑ. පරිපාලන නිලධාරීන්ට කිසිඳු අවබෝධයක් නෑ. විශ්වවිද්‍යාල වල ඉන්න ආචාර්යවරුන්ටත් මේ පිළිබඳව වූ රටේ අවශ්‍යතාවන් තේරෙන්නේ නෑ. පුහුණු වීම් කියලා පිටරට ගිහිල්ලා විනෝද වෙලා එනවා. කවදාවත් මේ රට දියුණු කරන්න අමාරු තත්වයට පත්වෙලා. මහජන මුදල් විශාල වශයෙන් මේ නිලධාරීන්ගේ නොදන්නාකම නිසා නාස්ති වෙනවා. සත්‍යය එයයි.

:       52       116

MO77Monday, 06 May 2019 09:13 AM

100% ක් ඇත්ත..

:       33       92

Sugath Sunday, 05 May 2019 06:21 PM

ඕන කෙනෙක්ට පාස්පෝට් එකක් හදාගෙන එනකොට පරිඝනක පද්දතියට නම දාල තියන්න පුළුවන් මේ විදියට. මම ද්විත්ව පුරවැසි අරන් ලංකාවට ආවම නම තිබුනේ නැහැ. හොඳ වෙලාවට මගේ ළඟ සහතික තිබුන. මටනම් මේ පරිඝනක පද්දතියේ නිරවද්ද්‍යාතාවය ගැන කිසිම විශ්වාසයක් නැහැ.

:       104       196

Ram Sunday, 05 May 2019 06:24 PM

අයියෝ රජයේ නිලධාරින්ද පුද්ගලික අංශයද හා කවුද වැඩියෙන්දුෂිත. හරි සරලයි පිලිතුර

:       0       50

ස්නේහා Sunday, 05 May 2019 06:34 PM

පොතේ හැටියට නම් ඔක ප්‍රයිවට් ‌නොදී හදන්න ඔනේ තමා. ඒ උනාට එහෙම කරන්න ගියොත් වැඩේ ‌වෙයිද. අන්තිමට ‌‌මොනවත් නැතිවෙයි.

:       0       54

සංජීව Sunday, 05 May 2019 06:35 PM

මේකෙ කමෙන්ට් වලට ලයික් කරන්න තියෙන බටන් එක නම් ‌‌සෝක්. කැමති තරමක් උඩ පැන පැන ලයික් කරන්න පුලුවන්.

:       184       793

raisika Sunday, 05 May 2019 07:00 PM

විදේශිකයින් මෙරටට එන්නේ ඔය පුද්ගලික ආයතනය ඇතුලින් නෙමෙයිනේ, ගුවන් තොටුපලින්නේ, ලෝකයේ ගොඩක් රටවල්වල සංවේදී තොරතුරු පද්ධති ලියා තියෙන්නේ ඒ රටේම පුද්ගලික ආයතන තමයි.

:       128       47

ranjith Sunday, 05 May 2019 10:15 PM

අද පාලකයෝ කියන්නේ රජයේ සේවාවන් පුද්ගලික අංශයට දීල මේ රට විනාස කරන කණ්ඩායමක්ද? මේවා වහා නිවැරදි කල යුතුයි නේද?

:       100       5

bandula Sunday, 05 May 2019 11:46 PM

ලෝකයේ බොහෝ රටවල රහසිගත තොරතුරු පරිගණක මෘදුකාංග සපයන්නේ සහ නඩත්තු වන්නේ IBM වැනි පුද්ගලික ආයතන මගින්... මක්නිසාද එම අය විෂය පිළිබඳ විශේෂඥයින්... නමුත් රහස් රකින ගිවිසුම් තියෙනවා. කඩකළොත් හිරේ. තමන්ගේම එකක රජයේ ආයතන හෝ ආයතනයක් මගින් නඩත්තුව සහ පාලනය කිරීම අකාර්යක්ෂම සහ මුදල් නාස්තියක්...

:       0       100

උදය Sunday, 05 May 2019 11:58 PM

කලබල නොවී ඉන්න. ළඟදීම හිස්බුල්ලාගේ කැම්පස් එකෙන් හොඳ තොරතුරු තාක්ෂණ උපාධිධාරින් හදලා දේවී...

:       0       42

LANKA Monday, 06 May 2019 01:04 AM

ඔය කියන ආගමන, විගමන නිලධාරියා කොච්චර සුදනෙක්ද? කවුන්ටරයට එන අයගෙන් සල්ලි ගන්න නිලධාරීන් මේ වගේ විහිළු කථා කියන එක තමයි දුක...

:       52       128

ලසන්ත Monday, 06 May 2019 01:15 AM

ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලු අංශ ආගමන විගමන දෙපාර්තමේන්තුවට සම්බන්ධ වියයුතු වුවද මෙතෙක් එවැනි ජාලයක් පිහිටුවා නැත. මෙවැන්නක් කිරීමට රජය නියමකර ඇතත් එය නොකිරීම ගැන පසුගිය දිනක අගමැතිවරයා විමසා තිබුණා. මෙවැනි අත්‍යවශ්‍ය දේ නොකරන බලධාරීන් කවුද කවුරු නමුත් ඔවුන් රටේ ආරක්ෂාවට තර්ජනයක්...

:       65       102

JAYATH Monday, 06 May 2019 02:05 AM

මොවුන් මොනවද හරියට කරේ? මේ තරමින් වත් දෙයක් වෙලා නැවතුණු එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ.

:       42       29

ගස්පෙ Monday, 06 May 2019 02:09 AM

ඔය පුද්ගලික සමාගමක් ඕක කළයි, නැතැයි කියලා ඇති වැඩේ මොකක්ද? ඔය ඕනෑතරම් හොර රාජ්‍යතාන්ත්‍රික පාස්පෝර්ට් හදන් ඇමැතිවරු රට ගියා කියලා කාටද මොකද වුනේ? මෙව්වා නිකන් බොරු බයිලා විතරයි.

:       0       77

Buddhika Monday, 06 May 2019 02:33 AM

ලෝකයේ ඕනෑම රටක ඩිෆෙන්ස් කොන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා. පාස්පෝර්ට් කන්තෝරුව පැත්තේ ගියානම් බලාගන්න පුළුවන් එතන කොයි තරම් දූෂිතයිද කියලා... වාහන නවත්වන තැන ඉඳලා කප්පම් ගන්න මාෆියාවක් තියෙන්නේ... පාරේ ඉඳලා හොර පාරෙන් වැඩ කරලා දෙන කාක්කන් තමයි ඉන්නේ...

:       31       65

lalith mallawarachchi Monday, 06 May 2019 02:53 AM

රජයේ නිලධාරීන් දෙමළ පද්ධති ක්‍රියාත්මක කරන්න ගියොත් ඔක්කොම හරි යනවා කියන එක පුදුම අදහසක්... පුද්ගලික අංශය කියන්නේ හොරු ඉන්න තැනක් කියල කියන්නේ හරියට තොරතුරු දන්නේ නැති අයයි... ලෝකයේ ඔක්කොම නව සොයා ගැනීම්, දත්ත පද්ධති ආදිය ඇති කරලා තියෙන්නේ පුද්ගලික අංශයේ අයගේ කට්ටියත් එකතුවෙලා තමයි. රජය කරන්න ඕනෑ නියාමනය සහ පරීක්ෂාව සමග නිවැරදි තොරතුරු ආරක්ෂා කරන එක නේද? ඉස්සර වෙලාම හොයා ගන්න ඕනෑ හොඳ අවංක නිලධාරීන් කණ්ඩායමක්... දේශපාලන පක්ෂවලට, පාටවලට යටත් නැති... හොඳ පඩි ගෙවන්නත් ඕනෑ. නිරතුරු පරික්ෂාවත් ඕනෑ. හරි අමාරු වැඩක්. ඒත් කළයුතු වැඩක්... ලෝකයේ නව සොයාගැනීම් කරන්නේ රාජ්‍ය අංශය නොවේ. පුද්ගලික අංශය විසින්... රාජ්‍ය සේවය පමණයි කියන මානසිකත්වය අපේ රට විනාශ කළහරිය මදිද?

:       0       44

sarath Monday, 06 May 2019 03:06 AM

මම රටවල් කිහිපයකට ගිහින් තියෙනවා ,හැම රටකදීම මගේ ඇස ස්කෑන් කරලා තමයි ඇතුලට ගත්තේ, ඒ රටවල රෙසිඩන්ස් ID එක ගද්දි ලේ වර්ගය ,අල්ලේ ,ඇඟිලිවල සියල්ලන්ගේම සලකුණු ගන්නවා .ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි,,,,,,,,,,,

:       0       148

Amare Monday, 06 May 2019 03:20 AM

ඔය මොනා දාන්න ගියත් ස්ට්‍රයික් කරලා නවත්තනවා.

:       0       37

hira Monday, 06 May 2019 03:26 AM

ආණ්ඩුව රට හැම පැත්තකින්ම කනවා. රට ජාතිය ගැන කිසිම කැක්කුමක් නැති මිනිස්සු.

:       37       413

ලුම්බිණි Monday, 06 May 2019 03:40 AM

රජයෙන් පාලනය කල පමණින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ වෙන දෙයක් පිළිබඳව අනතුරු දායක නැහැ කියන එක කිසිම තේරුමක් නැති කතාවක්. ඒක හරියට පුද්ගලික රෝහල් වලට වඩා රජයේ රෝහල අනතුරුදායක නැහැ කියනවා වගේ දෙයක්. ඕනෑම රටක රජයේ වාණිජ කටයුතු පුද්ගලික අංශයට වඩා අකාර්යක්ෂම බව කවුරුත් දන්නා දෙයක්. හරි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මගින් ආරක්‍ෂිත පුද්ගලික සේවා ලබා ගැනීමට රජය වග බලා ගත යුතුයි.

:       0       42

maraya Monday, 06 May 2019 03:46 AM

බොහෝ රටවල ආගමන විගමන දෙපාර්තමේන්තුව දුෂිතයි. රජය යටතේ පවත්වාගෙන යන පරිගණක ආයතනයකින් කරන එක හොඳයි හැබැයි, එම ආයතනය වෙනම අධිකාරියක් වශයෙන් පවත්වාගෙන යා යුතයි. මෙමගින් රජයේ සියලු ආයතන සඳහා පරිගණක පද්ධති සාදා ලබාදිය යුතයි. අමාත්‍යංශයකට යටත් නොවිය යුතයි.

:       2       38

kap Monday, 06 May 2019 05:10 AM

ලෝකේ බොහෝ ආයතනවල පරිගනක සොෆ්ට් වෙයා ප්‍රොග්‍රම් කරන්නෙ පුද්ගලික කම්පනි තමයි. ඒවට දත්ත ආරක්ෂාවෙන ආකාරයට කොන්ත්‍රාත් ගහලා තියෙන්නෙ. මේ කියන විදිහට දත්ත හොරකම් කරන්න බෑ. ඒවට වග කියනවා මේ කොම්පෑනි. මෙක රජයෙන් කරන්න ගියොත් තමයි දුෂනය, හොරකම, ආරක්ෂාව සම්බන්ද ප්‍රශ්න එන්නෙ. ලින් ඈතුලෙ ඉන්න අය ලෝකය දකින්නෙ නෑ. මෑදපෙරදිග ලොකු සමාගම් , ලංකාවේ පරිගනක කොම්පෑනි වලින් සේවා ලබා ගන්නවා. එයාපෝට් එකේ කෑමරා හයි කරන්න නොදී වර්ජනය කරපු අය ජාතික ආරක්ෂාව ගෑන කම්පා වෙනවා.

:       50       314

kapMonday, 06 May 2019 11:06 AM

ලංකාවේ බහුතරයක් මිනිස්සු.., ලෝකේ දැකලා නෑ කියලා මගේ කොමෙන්ට් එකට දාල තියෙන ඩිස්ලයික් ගොඩෙන්ම තේරෙනවා.

:       101       1

sampath Monday, 06 May 2019 11:38 AM

පරිගණක තොරතුරු පද්ධතියක් නඩත්තු කරන්න හොද දැනුමක් ඕනේ. මේ වගේ දැනුම තියෙන අය තුට්ටු දෙකට ගන්න බැහැ. ඒ ගත්තත් ආයතනයේ තියෙන සම්ප්‍රදායික පරිපාලනය යටතේ ඔවුන්ට වැඩ කරන්න දෙන්නෙත් නැහැ. මොකද ඔවුන්ගේ දැනුම යාවත්කාලීන නිසා පැරණි අය වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ එකක බාහිරට දීලා හදවාගෙන නඩත්තු කිරීම හොද ඉල්ලමක්. මම වැඩ කල තැනක මේක ඇතුලේ තියෙන මානව සම්පත භාවිතා කරලා කරන්න හැදුව ඉහල හිටපු අය ඒක කරන්න නොදී කකුලෙන් ඇද්දා. කෙසේ හෝ මම ඒක කල නමුත් ඒකෙන් ප්‍රයෝජනයක් නොගෙන අලුත් එකක් පිටින් සල්ලි දීලා හදව ගත්තා. මේක පුංචි උදාහරණයක් පමණි. ටෙන්ඩර් කියන්නේ ඉතින් නිධානයක් තමයි ඕනෙම තැනක

:       0       1

Prabha Monday, 06 May 2019 12:10 PM

මට ඩිස්ලයික් දාපු කවුරු හරි කියනවද ඇගිලි සලකුණු අරගෙන වීසා දෙන රටක්? මම රටවල් 23කට ගිහින් තියෙනවා. නමුත් මටනම් කවදාවත් ඔය කියන දේ වෙලා නැ

:       153       2

Anura123 Monday, 06 May 2019 06:47 PM

අයි ස්කෑන් එක කරලා රට ඇතුලට ගන්න සිස්ටම් එකක් හැදුවනම් හරිනේ. බොරු වැඩ නොකර . මුළු ලංකාවටම මේ ක්‍රමේ හදුන්වල දුනන්නම් හරි.

:       121       0

[email protected] Tuesday, 07 May 2019 02:26 AM

මම දන්නා පරිදි ලංකාවේ ආගමන විගමන දත්ත වර්තා කරන්නෙ ඉතාම ප්‍රාථමික මට්ටමක.

:       0       154

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 319 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 903 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2334 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2605 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 762 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site