(උපාලි ආනන්ද)
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් තඹූත්තේගම මහේස්ත්‍රාත් කේ. ඒ. රමිලා නදීෂානි මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කළාය.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව සියලු සැකකරුවන් ලබන ජූලි 8 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) යළි කැඳවූ අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
තවදුරටත් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එම්.ආර්. සිරිපාල, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නුවන් තෙන්නකෝන් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් නිල්මිණි සහ ග්‍රාම නිලධාරී සහ ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන් ඇතුළු හත්දෙනෙකි.
1999 වසරේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු පැවැති සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල ඇතුළු සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
අගතියට පත් පැමිණිලිකාර ආනන්ද වේරගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කිත්සිරි ද සිල්වා මහතා පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.කේ. අතුකෝරල මහතා සමඟ එම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අ’පුර නගරාධිපති - උතුරු සබේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
de silva Monday, 24 June 2019 08:46 AM
ඉස්සර (අවුරුදු 30කට විතර පෙර) නගරාධිපති කෙනෙක් කිව්වාම උගත්, වැදගත් ප්‍රභූ චරිතයක්, දැන් නගරාධිපති කෙනෙක් කිව්වහම, බොහෝවිට හොර, මැරකම් වලින් පිරුණු රස්තියාදුකාර චරිතයක්. (හැමෝම නොවේ). අනේ රටකට ගිය කලක්... කරුණාකර කොට්ටාශ ක්‍රමය නැවත ඇතිකරන්න...
Hafeel Monday, 24 June 2019 01:28 PM
මෙහෙමයි, රුපියල් 500 ටත් කෑම පාර්සලකටත් ඡන්දය විකුනන ඡන්දදායකයෝත්, ඒ වගේම සභාපති තෝරද්දී ජනවරමට පිටින් මුදලට හැසිරන මන්ත්‍රීලා ඉන්නකල්, මොන කොට්ටාශ ක්‍රමයට ඡන්ද තිබ්බටත් වැඩක් නැහැ.
jinasena Monday, 24 June 2019 03:31 PM
පොලිස්පතිතුමාට ජය සිකුරුයි. සත්‍යට ජය සිකුරුයි