IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අ‘පුර නගර සභා මූල්‍ය වංචාවට තවත් දෙන්නෙක් රිමාන්ඩ්

 
(උපාලි ආනන්ද)

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  තවත් සැකකාරියක සහ සැකකරුවෙකු මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා අද  (15) නියෝග කළේය.

මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ  මෙම මහ පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ  වැටුප් විෂය බාර නිලධාරිනියගේ සහෝදරයෙකු වන පෞද්ගලික ආයතනයක සේවය කරන අනුරාධපුර තිසාවැව නිවාස 60 අංක 4 ලිපිනයේ පදිංචි අසංක ප‍්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක  වන අනුරාධපුර අභයගිරි පාර කුට්ටම්පොකුණ අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන  දෙදෙනායි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ රහස් පොලිසිය මග හරිමින් සැඟව සිටින ප‍්‍රධාන සැකකාර වැටුප් විෂය බාර නිලධාරිනියගේ සැමියා වන අනුරාධපුර  මහ නගර සභාවේ  ආදායම් පාලක ඩී එම් ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ නැමැත්තාට විදේශ ගතවීම වළකාලමින්  තහනම් නියෝගයක් නිකුත් කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම තහනම් නියෝගය නොපමාව  ආගමන විගමන පාලකරයාට යවන ලෙසට අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ජයන්ත මහතාට තවදුරටත් නියෝග කෙරිණි.
 
සැඟව සිටින ආදායම් පාලකවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කළේ අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන මෙම මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින එම මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය විසින් නගර සභාවට අයත් රුපියල්  විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක (2074302) මුදලක් ඇගේ සහෝදරයකු වන අසංක ප‍්‍රසාද් අමරසිංහ  නැමැතතාගේ  නමින් ඇති බැංකු ගිනුමකට බැර කර ඇති බවයි 

තවත් රුපියල් දහ නව ලක්ෂ විසි පන්  දහස් තුන් සිය පහක (1925305) මුදලක් අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගදෙර ලෝකානන්ද පද්මිනි යන අයගේ ගිනුමකට වැටුප් විෂය බාර නිලධාරිනිය විසින්  බැර කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට සැලකළේය. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවදුරටත් පුළුල්

විමර්ශනයක් සිදු කරමින් පවතින බවද කියා සිටි රහස් පොලිසිය  එසේ හෙයින්  මෙම සැකකරු සහ සැකකාරිය රිමාන්ඩ් කරන ලෙසද  අධිකරණයෙන් අයැද සිටියේය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක බස්නායක මහතා සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.


මූල්‍ය වංචාවට අදාළව රිමාන්ඩ් කර සිටින වැටුප් විෂය බාර නිලධාරිනියගේ නමින් විවිධ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල පවත්වා ගෙනයන බැංකු ගිණුම් 110 ක් පරික්ෂා කිරීමට මීට පෙර රහස් පොලිසියට අධිකරණයේ අවසරය ලබාදුන් අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා    විමර්ශන සිදු කිරීමේදී අදාළ බැංකු ගිණුම්වලට අදාළ  තොරතුරු   රහස් පොලිසියට ලබා දෙන ලෙසටද සියළු  රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරිත්වයටද  තවදුරටත් නියෝග කරනු ලැබීය.



අදහස් (0)

අ‘පුර නගර සභා මූල්‍ය වංචාවට තවත් දෙන්නෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 40 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 84 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 94 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 166 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 341 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1067 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site