(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මෙරට ඇති වී තිබෙන දේශගුණ කාලගුණ වෙනස්වීම මත මහ පොළොව අභ්‍යන්තරයේ ඇති ජලය ප්‍රමාණය විශාල වශයෙන් අවම වීම හේතුවෙන් අහසින් ලැබෙන ජලය කෘතිමව නැවත මහ පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් වයඹ පළාත් භූගත ජල අංශය මගින් ආරම්භකර තිබේ.
වයඹ පළාත් භූගත ජල ඒකකයේ කළමනාකාර ජෙෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා ප්‍රමුඛ භූ විද්‍යාඥයින් කණ්ඩායමක් නව ක්‍රමවේදය සොයාගෙන ඇති අතර මෙය රටේ ඕනෑම පුද්ගලයෙකුට මෙම මාහැඟි කාර්යයට දායක වීමට හැකි බව ඔවුහු පෙන්වා දෙති.
ඉතා සරල ක්‍රම ඔස්සේ තම නිවෙස්වල කාර්යාලවල කර්මාන්තශාලාවල රජයේ ආයතනවල වහලය මතට වැටෙන ජලය කානු දිගේ ඇළවල් ඔයවල් දිගේ ගලායෑමට සැලැස්වීම වෙනුවට මහ පොළොවේ එම ජලය තැන්පත් කිරීම සඳහා සිදුකළ හැකි ක්‍රියා පිළිබඳව ඔවුන් කුරුණෑගල වාරියපොල සිය කාර්යාල පරිශ්‍ර යේ ප්‍රදර්ශන භූමියක් ලෙස සකසා තිබේ.
මෙහිදී ජේෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා කියා සිටියේ මහපොළොව විද අභ්‍යන්තරයේ පවතින ජලය එළියට ගැනීම පමණක් වසර 40ක කාලයක සිට භූ විද්‍යාඥයින් විසින් සිදුකළ බවය. එහෙත් පවතින වැසි රටාව සහ දේශගුණික කාළගුණික විපර්යාසය සමඟ මේ වන විට මහ පොළොවේ ජලය අහිමිව පවතින නිසා ඉදිරි වසර 40 තුළ මහ පොලොවට අහසින් වැටෙන වැසි ජලය නැවත මහ පොළොවේ තැන්පත් කිරීමේ සුවිශාල වූ කාර්යභාරයට ජනතාවක් වශයෙන් සිදුකළ යුතු බවයි.
ඉතා සරල ක්‍රම ඔස්සේ මෙම ක්‍රියාවලිය සිදු කළ හැකි බවත් එම නිසා වාරියපොල තම කාර්යාල පරිසරය ප්‍රදර්ශනය කර ඇති මෙම භූගත ජලය තැන්පත් කිරීම පිළිබඳව දැනුවත් වී පාසල් මට්ටමින් නිවාස මට්ටමින් කාර්යාල මට්ටමින් මෙම මාහැඟි ක්‍රමවේදයට දායකවී මහ පොළොව අභ්‍යන්තරයේ ජලය තැන්පත් කිරීම සිදුකිරීමට එකතුවන ලෙස භූ විද්‍යාඥයින් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටින බවයි.
මෙම කාර්යයට උරදී කටයුතු කරන ජල භූ විද්‍යාඥ අසන්ක තිලකරත්න මහතා කියා සිටියේ ජාතික වගකීමක් ලෙස මෙය සිදු නොකළහොත් අනාගතයේදී ජලය මහපොළොවෙන් අහිමිවීමට ඉඩ ඇති බවයි. ලෝකයේ වෙනත් රටවල මෙය නිර්මාණය කරන බවත් මෙරට ඉතිහාසයේ පළමු වරට වැසිජලය කෘතිමව භූගත ජල ස්තරවලට තැන්පත් කිරීම සිදු කිරීම විශේෂත්වයක් බවය.
පෙරදා ස්වභාවධර්මයා විසින්ම අහසින් වැටෙන ජල බිංදු ඉතාම පරිස්සමෙන් මහපොළොව ඇතුළට ගොස් ජල ස්තරවල තැන්පත් වූ බවත් එහෙත් වර්තමානයේ කොන්ක්‍රීට් සහ කාපට් ඇතිරීම විශාල වහලවල් වලින් එන ජලය කොන්ක්‍රීට් කාණු මතින් ඇළවේලි වලට හැරවීම සහ එකවරම අධික වර්ෂාව පතිත වීම හේතුවෙන් ජලය මහ පොළොවට උරා ගැනීමට මත්තෙන් ඇළදොළ ගංගා වලට ගලාගෙන යෑම නිසා මහ පොළොවේ ජල මට්ටම අඩු වී ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මහපොළොව සුවපත් කිරීමේ ජාතික කාර්යභාරයට සියලු ජනතාවගේ සහයෝගය දීම හෙට රට වෙනුවෙන් සිදුකරන මාහැඟි කර්තව්‍යයක් බවත් පෙන්වා දෙන ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද භූගත ජලය ආරක්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ක්‍රියාත්මක වීම පිළිබඳව සඳහන්ව තිබෙන බවද එම සටහන උපයෝගී කරගෙන මෙම අත්දැකීම ජනතාවට ලබාදීමට පිටුවහලක් වූ බව විද්‍යාඥයෝ පවසති.
ඕනෑම අයෙකුට ආයතනයකට පාසලකට කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් භූගත ජල අංශයට පැමිණ මෙම ක්‍රමවේදය නරඹා නොමිලේ දැනුවත් කිරීමට හැකි බව ස්ථාන භාර කළමනාකරු ජේෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අහසින් වැටෙන දියබිඳ පොළව අභ්‍යන්තරයටම
Thilina Saturday, 25 January 2020 04:32 AM
ඉතාමත් වටිනා කාර්යභාරයක්... මෙය ජාතික වැදගත්කමක් ලෙස සලකා සියළු පාසල් රාජ්‍ය හා පුද්ගලික අංශය එකතු කරගෙන කළ යුතුයි. නැතිනම් නීතියක් මගින් හෝ කළයුතුයි.
ලුම්බිණි Saturday, 25 January 2020 05:05 AM
මේකට කොපමණ වියදමක් යයිද?
N j perera Saturday, 25 January 2020 06:11 AM
මේක කරන්නේ කොහොමද කියලා නැහැනේ...
Raveendra Saturday, 25 January 2020 06:16 AM
රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් හොඳ වැඩසටහනක්... සියල්ලන්ගේම අවධානය යොමුවී මෙය සාර්ථක කරගැනුමට හැකිවේවා...!!
Asanga Saturday, 25 January 2020 06:22 AM
අනාගතය ගැන හිතුවොත් මෙය ගොඩක් වටිනා දෙයක්. එසේම ජලය සුරැකීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමත් අවශ්‍ය දෙයක්...
Asanka Saturday, 25 January 2020 06:41 AM
ඉතාමත් වටිනා කාර්යභාරයක්... ඕක ඉගෙනගන්න ඔතැනට එන්න කියනවට වඩා ඔය දැනුම අන්තර්ජාලගත කරන්න හැමෝටම ලබාගන්න... එය නරඹා අපටත් බලාගන්න පුළුවන්...
jaya Saturday, 25 January 2020 07:09 AM
කරුණාකර මෙය යූ ටියුබ් වෙත එක් කරන්න. ඉන්දියාවේ මේ ගැන වීඩියෝ දැක ඇත්තෙමි. නමුත් ඒ කුඹුරු අශ්‍රිතව ජලය ගබඩා කර ගැනීමටයි.
Drsd Saturday, 25 January 2020 07:10 AM
හදන හැටි යූ ටියුබ් වීඩියෝ එකක් දාන්න...
ලාංකිකයෙක් Saturday, 25 January 2020 07:33 AM
මෙය මීට පෙර කළ යුතුව තිබූ අත්‍යවශ්‍ය කටයුත්තකි. කෙසේවෙතත්, මෙම සොයාගැනීමට දායක වූ සියල්ලන්ට නිසිඅගය කිරීමක් ලබාදීම රටේ නායකයින්ගේ යුතුකමකි. එමඟින් අනෙක් රාජ්‍ය සේවකයන්ද දිරිගැන්වීමට හැකිවනු ඇත. ඉන්දියාවේ භූගත ජලය සංරක්ෂණය කර කෘෂිකාර්මික කටයුතුවලට යොදාගැනීමේ ක්‍රමයක් තිබෙන බව අන්තර්ජාලයෙන් දැක තිබුණත්, එම ක්‍රමය මීට සමානදැයි අමතකය. මෙම ශිල්පීය ක්‍රමයට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම මැද පෙරදිග රටවලට මෙම ශිල්පීය ක්‍රමය අලෙවි කිරීම පිළිබඳවද විමසා බැලිය යුතුය. දියුණු වෙමින් පවතින රටවල රජයන්ට යම්කිසි සහන මිලකට මෙම දැනුම බෙදා දිය හැක. තව ද මෙරට වහා ම කළ යුතු තවත් කටයුත්තක් ඇත. එනම්, සෑම බිම්අඟලකම පාහේ 'ඉන්ටර්ලොක්' සිමෙන්ති කැට අතුරාලීම නැවැත්වීමයි. විහාරස්ථානවල පවා කෘතිම පරිසරයක් නිර්මාණය කිරීමට එය දායක වී ඇති අන්දම දැක ගත හැක. කෙටියෙන් ම කියතොත්, දැන් නිවසක ඇති කරන බළෙලකුට සිය ශරීර කෘත්‍ය සිදුකර වසා දැමීමටවත් වැලි මිදුලක් නැත. එසේ ලියන්නේ හාස්‍යයට නොව, අසල්වැසි බළලුන් අප ගෙමිදුල ආක්‍රමණය කිරීමට හේතුව සොයාබැලීමෙන් ලද අත්දැකීම් අනුවය.
primalka Saturday, 25 January 2020 07:44 AM
අපේ රටේ මොනතරම් අලුත් දේවල් බිහිවුණත් ඒවායේ කුමන හෝ අඩුපාඩුවක් තියෙනවා. හැබැයි මේ නිර්මාණවල නම් එහෙම අඩුපාඩු නැහැ. ඉතා හොඳ දෙයක්...
රවින් Saturday, 25 January 2020 09:55 AM
අන්න හොඳ දඬුවමක්... කැළෑ පාලුවන් අහුවෙච්ච දවසේ ඉඳලා ජීවිතේ තියන තුරා ඔය ව්‍යාපෘතියට යොදවන්න. වහාම දණ්ඩනීති සංග්‍රහයට ඇතුළත් කර කැළෑ කැපීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කරන්න.
සේන Saturday, 25 January 2020 11:51 AM
මහත්වරුනි, කරුණාකර එම ක්‍රමය ගැන විස්තර පල කරන්න.
pradeep Saturday, 25 January 2020 02:29 PM
කුණුගොඩවල් මිසක් මෙවැනි වැදගත් දෙයක් ගැන ජනතාවට දැනුම් දෙන්නේ නැහැ. මේ පිළිබඳ වැඩසටහනක් රුපවාහිනී නාලිකාවකින් පෙන්වන්න. දුප්පත් ගැමියෝ හැමෝටම යූ ටියුබ් නැහැ. යූ ටියුබ් දැම්මොත් තවත් පිරිසකට මෙය ඉගෙන ගතහැකියි.
රොෂාන් Saturday, 25 January 2020 03:56 PM
වයඹ පළාතේ මා දුටු වැරදිම දේ තමයි කිසිම කලමනාකරණයක් නැතුව කිසිම අවසරයක් නැතුව, ඉවක් බවක් නැතුව ගහන නල ලිං නිසා සෑහෙන ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා..
pushpakumara Herath Sunday, 02 February 2020 05:31 PM
ඉතාම හොඳ වැඩක්. නමුත් මෙයින් භූගත ජලය අපවිත්‍ර නොවී පුනර්රෝපණය කරන්නේ කෙසේද යන්න ඉතාම බැරෑරුම් ක්‍රමවේදයක්.