IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අසනීප තත්ත්වයක් හේතුවෙන් බදියුදීන් සී.අයි.ඩීය ට පැමිණ නෑ

(බී.ජී.චතුරංග)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (14) පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතාට දන්වා ඇතත් ඒ මහතා හදිසියේ අසනීප වීම හේතුවෙන් පේසාලේ රෝහලට ඇතුළත් කර ඇති බවත් දින තුනක් වි‍වේකීව සිටින ලෙස වෛද්‍යවරු ඒ මහතාට උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඔහු එහි නොපැමිණි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැවති මාධ්‍ය හමුවකදීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

         ‘‘පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන දැනට අවසාන අදියරේ තිබෙන්නේ. එක්තරා තඹ කර්මාන්ත ආයතනයක මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අනාවරණය කරගෙන තිබුණා. ඒ සඳහා අධාර අනුබලදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් හා සිදුකල වැරදි සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරනවා.

මේ වනවිට එම තඹ කර්මාන්ත ශාලාවේ අපනයන කිරීම් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව නීතිවිරෝධිව ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්න නොහැකි ආකාරයේ නිෂ්පාදන අපනයනය කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය නීතිවිරෝධිව ලබාදී ඇති බවත් අනාවරණය කරගෙන තියනවා.

එම තඹ කර්මාන්ත ශාලාව සිදුකළ අපනයන අතර 2017 වසරේ මිලියන 1380 ක් , 2018 වසරේදී රුපියල් මිලියන 2209 ක් 2019 වසරේ අප්‍රේල් වනවිට රුපියල් මිලියන 730 ක් වටිනා භාණ්ඩ නීතිවිරෝධිව ලබාගත් අවසරයෙන් ආනයනය කර තිබෙනවා.

මේ නිෂ්පාදය කිරීම් සඳහා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති තඹ උපයෝගි කරගෙන තිබෙන බව කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

තඹ නිකුත් කිරීමේදී අයතා අකාරයට නිකුත්කර ඇති බවත් ඒ අනුව ගැණුම්කරුවන් 174 දෙනෙකු යටතේ බෙදියායුතු වුවත් මෙම කර්මාන්ත ශාලාව සඳහා 2017 වසරේ සියයට 17 ක් තඹ නිකුත්කර තිබෙනවා.

2018 වසරේදී එම කර්මාන්ත ශාලාවට පමණක් තඹ නිෂ්පාදනයෙ මුළු අගයෙන් සියයට 33 ක් නිකුත්කර තිබෙනවා.

ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මෙම මුදල් අයෝජනය කිරීම යන කාරණාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරනවා.දැනට සිදුකළ පරීක්ෂණ වලදී රුපියල් මිලියන 45 ක ප්‍රමාණයක් ඝෘජුව සහරාන් ප්‍රමුඛ ත්‍රස්තවාදි කණ්ඩායමට සඳහා ලබාදී ආයෝජනය කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම විමර්ශනයට අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් පසුගිය (9) වැනිදා ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

ඉන් අනතුරුව ඒ මහතා පසුගිය (13) වැනි සදුදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර ප්‍රකාශ සඳහා කැඳවුවත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියේ නැහැ.

එම නිසා නැවත අද (14) ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.නමුත් සවස් වනතුරුත් ඔහු පැමිණ නෑ.

ඔහු දැනුම් දීමක් සිදුකර තිබෙනවා අසනිපවීම නිසා රෝහල් ගතවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමට හැකියාවක් නැති බවත් දන්වා තිබෙනවා.

ඉදිරියේදී ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.

ඊට අමතරව මෙම විමර්ශන වලට අනුව රඳවාගැනීමේ නියෝග අනුව සැකකරුවන් 37දෙනෙකු හා විමර්ශන සඳහා අවශ්‍ය සැකකරුවන් වශයෙන් 35 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව තබාගෙන විමර්ශන සිදුකරනවා.

ඊට අමතරව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් 64 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.ඊට අමතරව 16 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

කොළඹ අපරාධ කොට්ඨසය සිදුකරන විමර්ශන වලට අනුව ඊට සම්බන්ධ 10 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරනවා.තවත් 28 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර විමර්ශන සිදුකරනවා.

මේ සියළුම දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.මීට දින දෙකකට පෙර කලවංචිකුඩි ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.2019 ජනවාරි මස සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ පුපුරවා ගැනීමෙන් සැකකරුවන් විශාල පිරිසක් මියගියා.ඒ අත්අඩංගුවට ගැනීම සඳහා වැටලිමක් සිදුකළ අවස්ථාවේදී.

ඊට අවශ්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වනවා.

නවාතැන් ලබාදීම හා සඟවා තබාගැනීම සම්බන්ධයෙන් (13 ) වැනිදා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත්තා.ඔහු අම්පාර සේවය කරන කෙනෙක්.දැනට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුවත් රඳවාගෙන පරීක්ෂණ සිදුකරනවා.‘‘ යනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

අසනීප තත්ත්වයක් හේතුවෙන් බදියුදීන් සී.අයි.ඩීය ට පැමිණ නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2380 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 116 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 213 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 228 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 187 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 725 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site