IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අශෝක් අබේසිංහ සී.අයි.ඩී.ය මඟහරී

(ඉන්දිකා රාමනායක)
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සිටි ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඊට මුදල් යෙද වු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස මන්ත්‍රීවරයා සීඅයිඩියට කැඳවා තිබිණි.
 
ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හෙට (9) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතාට නැවත දැනුම් දුන් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
අශෝක් අබේසිංහ මන්ත්‍රිවරයා කළ මෙම ප්‍රකාශයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 6 දෙනකු හා ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.



අදහස් (7)

අශෝක් අබේසිංහ සී.අයි.ඩී.ය මඟහරී

wicky Monday, 08 March 2021 02:45 PM

දෙයක් ප්‍රශ්න කරනවා නම් ඒ හා සම්බන්ධ සාක්ෂි තියෙන්න ඕනෑ. නැතිනම් අමාරුවේ.

:       1       1

විජිත් Monday, 08 March 2021 05:57 PM

මොලේ තියෙන චුටි දරුවෙකුට වුනත් වැටහෙනවා ඔබ තුමා කිව දේ ඇත්තයි කියලා.

:       29       3

සිරිබිරි Monday, 08 March 2021 06:06 PM

පාස්කු ප්‍රහාරය මෙහෙව්වෙ කවුද කියල සියලුම දෙනා දන්නවා . ඔය නම් නොදැමිමත් කමක් නැහැ .

:       0       8

මුණසිංහ Tuesday, 09 March 2021 02:03 AM

හැකර කටවල් කියන්නේ ඕන්න ඔය වගේ කටවල් වලට. දැන් ඉතින් විඳවන එකයි තියෙන්නේ...

:       3       26

Raveendra Tuesday, 09 March 2021 02:20 AM

සත්‍ය වශයෙන්ම අප රටේ දේශපාලුවන් යනු (කිසිදු පක්ෂ බේදයකින් තොරව) අ"වංක" කම ඔලුවේ සිට පාදවල කුර දක්වා බේරෙන පිං කඳන් රැලක් බව ඕනෑම ළදරුවෙකුටද තේරෙන පරම සත්‍යයකි. එබැවින් මේ අ"සත්‍යවාදියාද" එම පට්ටියේම ප්‍රබල සාමාජිකයකි. එබැවින් අප සඳහන් කරන්නේ මෙයාට මේ ලැබී තිබෙන මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන එම මෙලෙච්ඡ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ ඒ අපේම සහෝදර කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට තමන් කුමක් හෝ දැක්කා නම් තමන් කුමක් හෝ දන්නේ නම් ඒවා ඉදිරිපත්කරන මෙන්ය. එ් සඳහා තමන් අහොපොසත් වන්නේ නම් තමන්ගේම සදාදරණිය ඒ අම්මාට අප රටේ අවංක පුරවැසියන් විසින් කරුණාබර මෙන්ම සුන්දර වචනවලින් සැමදාම ආමන්ත්‍රණය කරනු නියතයි. එසේ මතක්කරන සෑම වෙලාවේදීම ඇයට කොත්තමල්ලි, පස්පංගුව තම්බා බීමට සිදුවෙන එක පාපයකි. එබැවින් තමන් දන්නා දෙය ප්‍රසිද්ධියේම කියලා මියගිය මිනිසුන් වෙනුවෙන් සේවයක් කරනවා. මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!

:       1       9

Senarath Tuesday, 09 March 2021 03:16 AM

ගිහින් කියන්න ඇත්තම සිද්දිය... කොහොමද තමන්ගේ හිටපු ලොක්කා දඩයම කරගහගෙන ගියේ කියලා. එ්ක රටම දන්නවා. ඒකනේ එක ආසනේට බැස්සුවේ. ඒකත් ජාතික ලැයිස්තුවෙන් පක්ෂයේ නම මැකුණොත් ඩී.එස්. මහත්මයාට හොඳ නැහැනේ.

:       3       45

Bamunuarachchi Tuesday, 09 March 2021 03:43 AM

ඕකට තමයි සිංහලෙන් කියන්නේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා....

:       3       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 235 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 215 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 506 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 84 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 687 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site