(ප්‍රසන්න පද්මසිරි වියලුව වාර්තාකරු)
පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් ලුණුගල - පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා ගනිමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.
මාර්ග අනතුරු දායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
මීට අමතරව මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල වේගය පාලනය කිරීම සදහා මාර්ගය හරහා මාර්ග බාධක (බම්පර් ) යෙදීමේ කටයුතුද ආරම්භ කර ඇත.
කෙසේ වෙතතත් අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන ලෙස මාර්ගය වැටී තිබූ දැවැන්ත ගල් පර්වතය තවමත් ඉවත්කර නැත.
මෙම අනතුර සිදුවූ ලුණුගල පස්සර මාර්ගයේ තවත් මෙවැනි අනතුරු දායක ස්ථාන රැසක් ඇති බවද රියැදුරෝ පවසති.
කාන්තාවන් නව දෙනකු ඇතුලු දහ හතර දෙනකුට මරු කැඳවමින් සිදු වූ මෙම අනතුරින් 35 දෙනකු තුවාල ලබා තිබේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි
සිරිබිරි Sunday, 21 March 2021 10:29 AM
දැක්ක නේද ? සෙල්ලම් බැහැ
mp Sunday, 21 March 2021 10:42 AM
මේ රටේ තියෙන්නේ ඔහොම දේවල්ම තමයි. අර එකෙක් මිනිස්සුන්ට තවත් දුම්උරන්න එකක් ලෑස්ති කරන්න හදනවා. මිනිහා විනාශ කරන්න දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. මිනිස්සුන්ගේ සෞඛ්‍යය විනාශයි.
wikcy Sunday, 21 March 2021 11:12 AM
හැමදාම කළේ මේකනේ
පිටරැටියා Sunday, 21 March 2021 12:24 PM
ලන්කාවේ බොරු සෝබන වැඩවලට මහජන මුදල් කොයිතරම් කාබාසිනියා කරනවා ද. පාරවල් හරියට නඩත්තු නොකරන එකේ විපාක .වන්දි ගෙවන්ඩ උනේ අහින්සකයන්ට. කණගාටුයි අපේ රට ගැන හිතෙනකොට.
සෙනෙවිරත්න Tuesday, 23 March 2021 08:24 AM
දුප්පත් මිනිස්සු මිසක් ඇතිඇයෝ මැරෙනවද? උන් බේරෙනවා. අර එක්කෙනෙක් වතුරෙ ගහගෙන ගිහින් දෙවියන් බේරගෙන තිබුණේ.
ජෝෂුවා වීරමන් Sunday, 21 March 2021 12:39 PM
ධනපතියන්ට යන්න කිසිම වැඩකට නැති අධිවේග මාර්ග හදනවා හැරවෙන කෙහෙල්මලක් දනනෙනැහැ මහාමාර්ග ඇමති
ගමේ එකාලාSunday, 21 March 2021 05:03 PM
සමහර අයට කාර් රේස් යන්න තිබුණොත් මදෑ. වහලුන්ට කවදා මොලේ පෑදේවිද?
Senaka Sunday, 21 March 2021 12:40 PM
ඉස්සරවෙලා නඩු දාන්න ඕන මේ රාජකාරිය හරියට නොකරපු මිනිස්සුන්ට.
GobilaWednesday, 24 March 2021 04:51 AM
හිනා යනවා මේ රට ගැන... ලැජ්ජයි..!!!
nimal Sunday, 21 March 2021 02:31 PM
අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම අපේ ලංකාවේ සාමාන්‍ය ක්‍රමවේදය වේ.
Rohana Sunday, 21 March 2021 04:46 PM
මගී ප්‍රවාහන බස් රථ රියැදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනයයි, මාරක අනතුරු සිදුවිය හැකි ස්ථානවලට බාධක යොදමින් වේග සීමා ඇතිකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමයි මෙවැනි මාරක අනතුරු ඇතිවීමට හේතුවී ඇති බව පෙනේ.
samanperera Sunday, 21 March 2021 06:51 PM
මෙම අනතුරට ප්‍රධාන හේතුවක් බව පෙනෙන්නේ පාරට ගලක් පෙරැළී දිගු කලක් ඉවත් නොකර තිබීමෙන් පාර අවහිර වී අනාරක්ෂිත වීම. මෙය කිසියම් නිළධාරියෙක් තමන්ගේ රාජකාරිය මඟ හැරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූ අනතුරක් බවයි පෙනෙන්නේ... කෙනෙක් තමන්ගේ රාජකාරීන් අතපසු කරන විට වන්දි ගෙවීමට සිදුවන්නේ වෙනත් පිරිසකටයි..
ruwan Monday, 22 March 2021 04:15 AM
අන්තිමට වැරැද්ද කළේ කළුගල කියයිද දන්නේ නැහැ..?