IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අශ්ව පැටවෙකු සොරාගත් දෙදෙනකු රිමාන්ඩ්

(කාංචන කුමාර ආරියදාස)
 
 මාස දෙකක් වයසැති අශ්ව පැටියකු සොරාගෙන ගිය බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගකෝන් මහතා නියෝග කළේය.
 
 දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවකු වන ඒ. ඩී .ප්‍රියංකර  රත්නායක නැමැති අයෙකු දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් දෙදෙනා සහ සොරා ගන්නා ලද අශ්ව පැටියා ඊයේ (28 ) පස්වරුවේ අලව්වේ  සිට දඹුල්ල පොලිසියට රැගෙන විත් තිබිණි.
 
 මෙසේ බන්ධනාගාර ගත කරන ලද්දේ අනුරාධපුර   පදිංචි කේ .කේ .සමන්ත පෙරේරා සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි ඒ .ඒ .එම් .කේ අලහකෝන් නමැති දෙදෙනෙකි .
 
 මෙම සංචාරක හෝටලේ රඳවා සිටි  වෙලබක මාස  දෙකකට ඉහතදී පැටවෙකු ප්‍රසූත කොට තිබිණි .
 
ඒ අනුව දින කිහිපයකට ඉහතදී මව අසල සිටි මෙම අශ්ව පැටියා අතුරුදන් බව හෝටල් හිමියා පොලිසියට පැමිණිලි කොට තිබේ.
 
අශ්වයින් බලා ගන්නා පුද්ගලයෙකු මීට මාස කිහිපයකට ඉහතදී එම ආයතනයෙන් ඉවත්ව යෑම සමග ඔහු පිළිබඳව යම්කිසි සැකයක් පොලිසියට ඇතිව තිබේ.
 
 ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා  වහාම උප පොලිස් පරීක්ෂක සමිත්  වීරසිංහ මහතාත් උප පොලිස් පරීක්ෂක උමේෂ්  කුලසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස මෙම අශ්ව පැටියා සෙවීමේ කටයුතු සඳහා යොමු කරන්නට වූහ.
 
පසුව සිදුකරගෙන යන පරීක්ෂණ වලදී අශ්වයන් බලා ගැනීමේ කාර්යයේ සිට  ඉවත්ව ගිය පුද්ගලයාගේ අලව්වේ  පිහිටි වත්තක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී වත්තේ කෙළවරක මෙම අශ්ව පැටියා සඟවා තිබියදී සොයාගෙන තිබේ.
 
අශ්ව පැටියා ප්‍රවාහනය කිරීම සඳහා සහ සොරා ගෙන යෑම සඳහා තවත් පුද්ගලයකුගේ සහයෝගය ලැබී ඇති බව එහිදී පොලීසිය අනාවරණය කරගෙන තිබේ .
 
ඒ අනුව අනුරාධපුර  පදිංචිකරුවෙක් ද පොලිස් භාරයට ගෙන ඇත.



අදහස් (2)

අශ්ව පැටවෙකු සොරාගත් දෙදෙනකු රිමාන්ඩ්

beau Friday, 29 May 2020 08:26 AM

අශ්ව පැටියට කන්න දී නැත... කටු ගැහිලා..

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 May 2020 09:47 AM

මෙච්චර කල් අහලා තිබුණේ නම්, හරක් හොරු, සල්ලි හොරු, දේශපාලක හොරු, කම්බා හොරු, අලි හොරු... ආදී වශයෙනුයි. දැන් ඒකට ආශ්ව හොරුත් එකතු වුණා.

:       0       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 8 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 35 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 125 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2559 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 200 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 263 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site