IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අවුරුදු 34 කට හැඳුනුම්පත් අංක 3 ක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වසර තිස් හතරක කාලයක් තුළදී ජාතික හැදුනුම්පත් අංකය තෙවරක් වෙනස්වූ ව්‍යාපාරිකයකු සිව්වැනි වතාවටත් නිවරදි අංකයක් සහිත හැදුනුම්පතක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියදී  හමුවිය.

කල්එළිය මස්ජීද් මාවතේ පදිංචි මොහමඞ් ෂප්වාන් තාහීර් මහතා වෙත 1984 දෙසැම්බර් මස 13 වැනිදා පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව මගින් අංක 491972749  වී දරණ ජාතික හැදුනම්පත නිකුත් කර ඇත. ඔහුගේ හැදුනුම්පත නැතිවීම නිසා 2010 වසරේදී නැවත හැදුනුම්පත ලබා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ 2010 ජූලි මස 06 දිනැතිව ඔහුට ලබාදී ඇති ජාතික හැදුනුම්පතේ අංකය 491973757 වී ලෙස සදහන්ව ඇත.

මේ සම්බන්ධව තාහීර් මහතා පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගෙන් කළ විමසීමේදී 2010-08 13 දිනැති ලිපිය මගින් සහකාර කොමසාරිස් එච්.ආර්. ජයරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපිය මගින් තාහීර් මහතාට මුල්වරට නිකුත් කර ඇති අංකය වෙනත් අයකුට අයත් එකක් බවත් කාර්යාලීය ප‍්‍රමාද දෝෂයක් නිසා ඔහුට එම අංකය ලබාදී තිබූ නිසා සංශෝධිත අංකය ලබාදී ඇති බව දන්වා ඇත.

පසුව තාහීර් මහතාට අයත් ජංගම දුරකතනයක් නැතිවීම සම්බන්ධයෙන් කළ පැමිනිල්ලක් විභාගයේදී ඔහුට දෙවන වතාවට ලබාදී ඇති අංකය වෙනත් පුද්ගලයකු භාවිත කරන එකක් බව හෙළිවී ඇත.

ඒ අනුව හෙළිවූ තොරතුරු අනුව එම අංකය භාවිත කරන මහනුවර දන්තුරේ මුන්වතුගොඩ ඉස්මායිල් මහම්මදු ජෙබී මහතා එම අංකය යටතේ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවද හෙළිවී තිබේ.  

එම අංකයෙන් කල්එළියේ තාහීර් මහතාට 2013 දී ගමන් බලපත‍්‍රයක් නිකුත් කර තිබීම නිසා  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය මගින් පුද්ගලයින් ලියා පදංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව විමසා ඇත.

ඒ අවස්ථාවේදී පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයෙන් 2017 12 08 දිනැතිව නිකුත් කළ ලිපියෙන් අංක  491973757 වී හැදැනුම්පත නිකුත් කර ඇත්තේ මහනුවර දන්තුරේ ජෙබී මහතාට පව දැනුම්දී ඇත. එමෙන්ම කල්එළියේ තාහීර් මහතාට හිමි ජාතික හැදුනුම්පත් අංකය 491973749 වී බවත්  එම ලිපියේ දන්වා ඇත.
 

මේ අනුව කල්එළියේ තාශීර් මහතාගේ හැදැනුම්පත් අංකය යළි ගැටලූවක් වී ඇති අතර ඔහු එය නිවරදි කර ගැනිමට කටයුතු කරමින් සිටී. 

ඒ සදහා රුපියල් 750 ක් ගෙවියු යතු බව දන්වා ඇති බවත් මේ හේතුව නිසා  තමන්ගේ ව්‍යාපාර හා පෞද්ගලික කටයුතු වලදී මහත් අවහිරයක්වී ඇති බවත් මේ ගැන නිසි බලධාරීන් මැදිහත්ව නිවරදි කරදීය යුතු බවත් තාහීර් මහතා  කීය.



අදහස් (8)

අවුරුදු 34 කට හැඳුනුම්පත් අංක 3 ක්

Amila Sunday, 23 September 2018 10:58 AM

මේ පිස්සු නිලධාරීන් නිසා මහජනයා නිකරුනේ අපහසුතාවයට පත්වෙනවා. අපේ ගම් පළාතෙත් එකම අංකය නිකුත් කරපු සිද්ධියක් වුණා. ඡන්දය දාන්න යන හැමදාම එයාට ගැටලු ඇතිවුණා. සෑහෙන කට්ටක් කන්න වුණා ඒක හන්දා. අද තාක්ෂණය උපරිමයට තියෙනවා. ඇයි ඩුප්ලිකේට් ඒවා හොයලා මේවා විසඳලා දාන්න බැරි...

:       0       54

OMG Sunday, 23 September 2018 11:48 AM

අහෝ දුකකි!

:       0       1

de silva Sunday, 23 September 2018 11:48 AM

ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු දෙකට පසුගිය කාලයේ රුපියල් ප්‍රකෝටි කිහිපයක් වටිනා ගොඩනැගිලි, යානවාහන, පරිගණක වැනි පහසුකම් ලබාදුන්නත් මේවාගෙන් වැඩක් කරගන්න ගියාම වන රස්තියාදුව ඉස්සරට වැඩිය වැඩියි. මේවගේ වැඩ නිතර නිතර වැරදියට කරන නිලධාරීන්ට නිසි දඬුවම් දෙන්නේ නැතුව මේවා හදන්න බැහැ.

:       0       22

Hafeel Sunday, 23 September 2018 02:11 PM

වාසනාවට 222222222 ක් වුනේ නැහැ...

:       1       35

SamanSunday, 23 September 2018 10:52 PM

අනේද කියන්නෙ ?

:       0       0

Raweendra HerathMonday, 24 September 2018 07:44 AM

හැමදේටම ඔය මුවහම ඇරෙන්න වෙන පටලවාගන්න දේවල් ඇත්තේම නැද්ද?

:       1       0

Uditha - London Monday, 24 September 2018 04:45 AM

මෙයට අදාල රජයේ නිලධාරීන්ට මොනවා වෙලාද? මෙහෙම වැඩක්වත් කරගන්න බැරිද හරියට..

:       0       0

Ranjan Monday, 24 September 2018 07:53 AM

ආගමන විගමන දෙපාර්මේන්තුවටද ගියාම මුළු දවසම ඕනේ වීසා එක ලබා ගන්න උදේ 9 සිට අන්තිම වසයෙන් සවස 2 -3 පමණ වෙන තුරු ඉන්න ඕනේ මේ මගේ අත්දැකීම් නමුත් මුදලින් රුපියල් 10 000 ගන්න අතර ඒ සදහා දෙනු ලබන රිසිට් පත්වත් හරියට කියවන්න බැරි විදහට මුද්‍රණය කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 8 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 267 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 172 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 120 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 199 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2115 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site