IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අවුන් සාන් සූකීට තවත් සම්මානයක් අහිමි වේ


යැන්ගොන්හිදීය (රොයිටර්)
 
මියන්මාරයේ රොහින්ජා ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් හඬ නොනැගීම හේතුවෙන් අවුන් සාන් සූකිට දුන් සම්මානය අවලංගු කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කළේය. 
 
මියන්මාරයේ පැවැති පීඩාකාරී හමුදා ජුන්ටාවට එරෙහිව සටන් වැදීම හේතුවෙන් නිවාස අඩස්සියට පත්වූ අවුන් සාන් සූකිට හෘදය සාක්ෂියේ සම්මානය ලබාදීමට ජාත්‍යන්තර ක්ෂාම සංවිධානය 2009 වසරේදී පියවර ගත්තේය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවුන් සාන් සූකී ඔවුන්ගේ හෘද සාක්ෂියේ තානාපතිය ලෙස ද නම් කළේය. 
 
හෘදය සාක්ෂියේ සම්මානය යනු ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින්නන් වෙනුවෙන් ලබාදෙන ඉහළම සම්මානයයි.
 
මියන්මාරයේ සුළුතර මුස්ලිම් ජන කොටසක් වන රොහින්ජා වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බව ජාත්‍යන්තරය චෝදනා කරයි. මියන්මාරයේ හමුදාවට එම චෝදනා එල්ල වී තිබේ. 
 
එම ජනතාවට අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු හඬක් නොනැගූ බවට අවුන් සාන් සූකීට චෝදනා එල්ල වී තිබෙන අතර මීට පෙර ද ඇයට ජාත්‍යන්තරයෙන් ලැබුණු ගෞරව නාම, සම්මාන කිහිපයක්ම අවලංගු- කිරීමට අදාළ පාර්ශව කටයුතු කළහ.
 
රොහින්ජා වැසියන්ගෙන් සැඳුම්ලත් කැරැලිකාර කණ්ඩායම් මියන්මාර හමුදාවට ප්‍රහාර එල්ල කරන්නේ යැයි හමුදාව චෝදනා කරන අතර ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස හමුදා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රොහින්ජා වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. රොහින්ජා වැසියන් බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ බව පැවැසුණු අතර 700,000කට ආසන්න පිරිසක් බංග්ලාදේශ දේශසීමාව වෙත පලාගියහ. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයලත් විමර්ශකයෝ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර මියන්මාර හමුදාව ඝාතන සිදු කර ඇති බවත් මියන්මාර හමුදාව ‘ජනඝාතක අරමුණකින්’ කටයුතු කර ඇති බවටත් චෝදනා කළහ. 
 



අදහස් (6)

අවුන් සාන් සූකීට තවත් සම්මානයක් අහිමි වේ

charith Tuesday, 13 November 2018 08:03 AM

අවුන්සාන් සුකී බුදුදහම අතඇරල වෙනත්ම් ආගමකට ගියා නම් ඕවා නැතිවෙන්නෙ නෑ. බුදුදහම අදහන නිසයි ඔක්කොම ප්‍රශ්න. මෑන්ඩෙලා වගේ ක්‍රිස්තියානි නමකුත් දාගත්තනම් ඔන්න වීරයො. අනික මුසල්මානුවො අමුඅමුවෙ බෞද්දයන්ව මරද්දි එක්සත් ජාතින්ගේ සංවිධායත් නෑ. කෑගහන කවුරුත් නෑ. ලංකාවටත් වෑල නොකෑඩී රෝහින්යා කාරයන් ගෙන්වන ජාවාරමක් තියෙනව කියල අපේ රටෙ මිනිස්සු දන්නෙ නෑ තාම.

:       0       0

sirimal Tuesday, 13 November 2018 08:35 AM

අපේ එක්කෙනෙකුටත් නෝබල් සම්මානය අනු නමයෙන් ගහල ගියේ...

:       0       0

sunilg Tuesday, 13 November 2018 09:29 AM

මෙයා නේද අපේ රටේ සිදුවෙන සමහර ප්‍රජාතන්ත්‍රවිරෝධී සිදුවීම් සාධාරනීකරණය කරපු කෙනා?

:       0       0

omardeen .s Tuesday, 13 November 2018 10:58 AM

හොඳ තීරණයක්... නමුත් මේක කරන්න තිබ්බේ හුඟක් කාලෙකට ඉස්සෙල්ලා..

:       0       0

janahitha Tuesday, 13 November 2018 11:19 AM

ජාත්‍යන්තරයේ හෘදසාක්ෂියට පෙර ඔබේත්, ඔබේ ජනතාවගේත්, ඔබේ රටේත් හෘදසාක්ෂිය වැදගත් කොට සැලකූ ඔබට සදා ජය..., මේ ඔබ වැන්නන් ලෝකයට අවැසි කාලයයි.

:       0       0

විමලා කොලොන්න Tuesday, 13 November 2018 01:15 PM

සම්මාන නොව... රට ගැන හිතන නායිකාවක්. ශ්‍රේෂ්ඨයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 39 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 102 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 143 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 297 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 675 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 864 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site