නිමල කොඩිතුවක්කු
අලූත් සලකුණක් සහ අලූත් නමක් සහිත පුලූල් සන්ධානයක් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද(11) කොළඹදී පැවැසීය.
එම සන්ධානයේ කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බවත් සියලූ පක්ෂ නායකයන් එක්ව ඉදිරි දිනකදී එම පුලූල් සන්ධානය ප්‍රකාශයට පත් කරන බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවසීය.
‘‘ඉදිරි මැතිවරණ සදහා අපි පුලූල් සන්ධානයක් ගොඩනගනවා. එහි කෙටුම්පත් අපි මේවනවිට සකස් කරලා තියෙනවා. අපි සියලූම දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒවා බෙදාහැරලා තියෙනවා. රවුෆ් හකීම් මහතා ඇතුලූ අනිකුත් දේශපාලන පක්ෂ නායකයන් ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්පසු මෙහි තින්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ මහා සන්ධානය අපි අලූත් සළකුණකින්, අලූත් නමකින් ගොඩනගනවා. එහි දේශපාලන තීන්දු තීරන නායකත්ව මණ්ඩලයකින් ගැනීමට නියමිතයි. ප්රජාතවන්ත්රවාදය ආරක්ෂා කිරීමටත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරිමටත් හැකි වන පරිදි අපි මේ සංවිධානය ගොඩ නගනවා.
සාධාරණව සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සිතන සියලූ දෙනාට අපි ඒ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. ලංකාවේ පැවැතුණු පුලූල්ම සන්ධානය එක්ක අපි ඉදිරි සියලූ මැතිවරණ ජයග්රහන කිරිමට කටයුතු කරනවා. 2015 ජනවාරි 08 වෙනිදා පෙලගැහුණු ජනතාව එක්ක ජනවාරි 05 මෛත්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා.‘‘ යැයිද ඔහු පැවැසීය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අලුත් ලකුණකින් අලුත් නමකින් ඉදිරි ඡන්දයට
Imalk Sunday, 11 November 2018 03:40 PM
ඔය කවුරු වෙනස් කළත් ඔයාට මේ පාර ඡන්දෙ දෙන්න අපි හරක් නෙවෙයි.
Dhammi Sunday, 11 November 2018 04:01 PM
පව් හලෝ මෛත්‍රිට එහෙම කරන්න එපා...
Donkal Sunday, 11 November 2018 04:33 PM
අලුත් ලකුණකින්, අලුත් නමකින් පරණ හොරු සෙට් එකම පාර්ලිමේන්තු යයි කියලද හිතන් ඉන්නේ? ඒවා හඳේ තමයි.
RNG Sunday, 11 November 2018 05:26 PM
මොන නමින් ආවත් රනිල් ඉන්නකන් දිනන්න ලැබෙන්නෙ නෑ..
sirimal Sunday, 11 November 2018 06:06 PM
අලුත් ලකුණයි නමයි විතරක් මඳි. ඔය පරණ මහත්තුරු සේරම පැත්තකට වෙලා අලුත් කට්ටියකට වැඩේ බාරදෙන්නත් වෙයි. මොකද ඔය මහත්තුරුන්ගේ ලකුණයි නමයි දෙකම දැන් හේදිලා ගිහින් තියෙන්නේ.
vishaka Monday, 12 November 2018 02:39 AM
එතකොට පරණ ලකුණින්, පරණ නම් වලින් තියෙන පක්ෂ එක්කල තියෙන අවබෝධතා ගිවිසුමට මොකද වෙන්නේ මින් ඉස්සරහට?
p.d goonawardena Monday, 12 November 2018 03:16 AM
නම් ගම අලුත් උනත් පරණ කට්ටිය නම් එන්නේ ජනතාව හොඳින් සලකයි. පසුගිය දේවල් තවම අමතක වෙලා නැහැ...
නිමල් Monday, 12 November 2018 05:15 AM
විමුක්ති කුමාරතුංග යනු විජය සහ චන්ද්‍රිකාගේ දරුවාය. SLFP ඡන්ද සහ පාවෙන තරුණ ඡන්ද ගැනීමට ශ්‍රීලංකා මහජන පක්ෂය හෝ වෙනතකින් UNP සමග පෙරමුණට යවන්න.
Deepal Nirosh Monday, 12 November 2018 05:48 AM
අළුත් ලකුණු අළුත් නම් තිබුනට මදි, ජනතාවට වැදගත් අළුත් ප්‍රතිපත්ති හා අළුත් මූණු.
HafeelMonday, 12 November 2018 07:36 AM
අලුත් ලකුණකින් අලුත් නමකින් ආවට එකම මුහුණ තමයි එන්නේ. ආපු ගමන් සේරම අමතක් කරනවා. කෝ හොරු ඇල්ලුවද?
wijesigha Monday, 12 November 2018 07:07 AM
අලුත් සලකුණකින් අලුත් නමකින් පරණ මුහුණු ටිකමද?
Rohana Monday, 12 November 2018 07:12 AM
මොන පෙරමුණෙන් ආවත් නැවත මිල සූත්‍ර සමග අධික බදු බර දරන්නවෙයි කියල ජනතාව බය නිසා ඡන්ද ලැබීම ටිකක් අඩුවෙයි
Gamini Monday, 12 November 2018 07:35 AM
අලුත් නමක් සහ ලකුණක් දමාගෙන, පෙරට යන්න තරම් කරපු දෙයක් තියෙන්න එපැයි
කැලුම් Monday, 12 November 2018 07:37 AM
එහෙනම් ඔබතුමාගේ උප්පැන්නේ ඉඳලම වෙනස් කරගන්න වෙයි.
amila Monday, 12 November 2018 09:42 AM
මොකෙන් ආවත් මගේ ඡන්දේ නම් දෙන්නේ නෑ... ආයේ මේ ගොල්ලන්ට...!!!
vipula Monday, 12 November 2018 10:56 AM
බදු ගෙවන්නන්ගෙන් අහගෙන අලුත් මුහුණක් දාගන්න...
mf Monday, 12 November 2018 01:05 PM
මුලින්ම ජනතාව ගැන හිතලා... දෙවනුව රටේ සංවර්ධනය හිතලා වැඩ කරලා තිබුණා නම් අද මෙහෙම වෙන්න ඉඩ තිබුණේ නැහැ.