(මනෝප්රිය ගුණසේකර)
අතුරුදන් වු පුද්ගලයකු සොයාදීමට අතුරුදන් වු පුද්ගලයකුගේ ඥාතියෙකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු හලාවත බුද්ධි කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (28) වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා අටෙන් චෝදනා හතරක්ම පැමිණිලිකාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 05ක දඩයක්ද නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ හලාවත බුද්ධි කොට්ඨාශයේ ස්නාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක එච්.එම්. උදය හේරත් නමැත්තාටය.
ඒ අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් විත්තිකරු වරදකරු වු චෝදනා හතරට වසර 28ක සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා මෙම සිරදඬුවම වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස නියම කළේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අල්ලස් ගත්තැයි හිටපු ස්ථානාධිපතිවරයකුට වසර 28ක සිර දඬුවම්